නීති උපදෙසක් වුවමනායි

WhiteRaven

Active member
  • Jan 22, 2017
    70
    116
    33
    මේකයි කතාව.

    අපේ ගෙදර එහා පැත්තේ හිස් ඉඩමක් තියෙනවා. මේ පැත්තේ ඉන්නවා හාඩ්වෙයාර් එකක් කරන හාදයෙක්. මිනිහා ඔය ඉඩමට දැන් අවුරුදු කිහිපයක ඉදලා කළුගල් බානවා සහ පටවනවා පොඩි ටිපර්වලින්. ඒ දවස්වල සතියකට සැරයක් වගේ තමයි කළේ ඒ නිසා අපිත් ගණන් ගත්තේ නැහැ. ඉඩම මිනිහගේ.

    ඒත් දැන් මේ අවුරුද්දක දෙකක ඉදන් හැමදාම වගේ බානවා පටවනවා. අපි දෙතුන් සැරයක් ගිහිල්ලා හොදින් කතාකරලා කිව්වා මේක නවත්වන්න පොඩි දරුවෝ එහෙම අපේ ගෙදරත් අසල්වැසි ගෙවල්වලත් දැන් ඉන්නවා කියලා. මොකද බානකොට කළුගල් දූහුවිලි යනවා හුළග එක්ක. සද්දෙ හරියට ගල් කොරියක ඉන්නවා වගේ. ඒත් මේ මිනිහා ඇහුවේ නැහැ. පස්සේ අපි පොඩ්ඩක් තදින් කතාකළහම අපිත් එක්ක රණ්ඩුවට ආවා. නමුත් අපි ඒක දුරදිග ගෙනියන්නේ නැතිව පැමිණිලි කළා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.

    අපි එහෙම කරපු බව දැනගෙනද කොහෙදෝ මේ මිනිහා මාස ගාණක් මේ ඉඩමේ මුකුත් කළේ නැහැ. ප්‍රාලේ එකෙනුත් කේස් එක ඉස්සරහට ගෙනිච්චේ නැහැ දැන් මොකවත් නැති නිසා.

    ඒත් ඔන්න දැන් අලුත් අවුරුද්දේ මිනිහා ආයෙත් පරණ වැඩේම පටන් අරන්. තව දවසක් දෙකක් බලලා අපි ආයෙත් ප්‍රාලේ එකට පැමිණිලි කරන්න ඉන්නේ.

    මේකට මීට අමතරව ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ග තියෙනවද? පැමිණිලි කරන්න ඉන්නේත් අපි විතරයි. ඔය ඉඩමට එහා පැත්තේ ගෙදර තවමත් හදනවා කවුරුත් පදිංචි නැහැ තවම. ඉඩමට ඉස්සරහා ගෙයක් තියෙනවා, ඒකත් තවම හදන ගමන්. මේ ගෙවල් දෙකේම ඉන්නේ ඔය හාදයගේ නෑයෝ. ඒ අය මේක ගැන හ්ම් සද්දයක් නැහැ.
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    ඔච්චර දුවිලි යනවද බන් කලුගල් බානකොට
    ඔව් මචන්. මම දවසක වීඩියෝ එකක් දාන්නම්. සමහර දවස්වල ලෝඩ් දෙක තුන බානවා. හුස්ම ගන්නත් අමාරුයි එහෙම දවස්වලට. අනික සද්දේ.

    මෙහෙම ගෙවල් ගොඩක් මැද තමන්ගේ ඉඩමක් තියෙනවාය කියලා මෙහෙම කළුගල් බාන්න පටවන්න පුළුවන් ද බන්? මම මෙතන නීති පසුබිම ගැන දන්නේ නැහැ. ඒකයි මේ අහලා බැලුවේ.
     
    • Like
    Reactions: gamerlk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඉඩම උගේ නං නීතියානුකුලව කළුගල් නෙමේ ඕන දෙයක් බාන්න පුළුවන්. ගල් කොරියක් ඔතන නැනේ. ඕක පොරට කියන්න.ලෝඩ් එක පටවල ලොරියට වතුර අල්ලන්න කියල .
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    ඉඩම උගේ නං නීතියානුකුලව කළුගල් නෙමේ ඕන දෙයක් බාන්න පුළුවන්. ගල් කොරියක් ඔතන නැනේ. ඕක පොරට කියන්න.ලෝඩ් එක පටවල ලොරියට වතුර අල්ලන්න කියල .
    ගල් කොරියක් නැහැ. ඒත් අනෙක් අයට වෙන බාධාව ගැන කොහොමද? ශබ්ද දූෂණය සහ පරිසර දූෂණය ගැන මොකවත් අදාළ වෙන්නේ නැති ද? මෙතන තියෙන්නේ නීතියට පිටින් සදාචාරය ගැන ප්‍රශ්නයක් ද?

    නීතිය ගැන සදහන් කරලා තියෙන නිසයි ඇහුවේ. ප්‍රතිචාරයට ස්තූතියි මචන්.

    ඇමතිතුමාව අල්ලපන් බන් ඉවරයි සීන් එක
    ඇමතියා ඒ මිනිහගේ පැත්තේ බන්. ප්‍රබල ආධාරකරුවෙක්.
    ------ Post added on Jan 9, 2024 at 3:37 PM
     
    • Sad
    Reactions: Don GasCan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් මචන්. මම දවසක වීඩියෝ එකක් දාන්නම්. සමහර දවස්වල ලෝඩ් දෙක තුන බානවා. හුස්ම ගන්නත් අමාරුයි එහෙම දවස්වලට. අනික සද්දේ.

    මෙහෙම ගෙවල් ගොඩක් මැද තමන්ගේ ඉඩමක් තියෙනවාය කියලා මෙහෙම කළුගල් බාන්න පටවන්න පුළුවන් ද බන්? මම මෙතන නීති පසුබිම ගැන දන්නේ නැහැ. ඒකයි මේ අහලා බැලුවේ.
    එහෙම හුස්ම ගන්න අමාරු වෙන ගානට යනව නම් ඉතින් ප්‍රශ්නයක් තමයි .
     
    • Sad
    Reactions: WhiteRaven

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගල් කොරියක් නැහැ. ඒත් අනෙක් අයට වෙන බාධාව ගැන කොහොමද? ශබ්ද දූෂණය සහ පරිසර දූෂණය ගැන මොකවත් අදාළ වෙන්නේ නැති ද? මෙතන තියෙන්නේ නීතියට පිටින් සදාචාරය ගැන ප්‍රශ්නයක් ද?
    අදාළ වෙනවා - බාන පටවන වෙලාව 10 pm පස්සේ බෑ
    සද්දේ ලොකු ඩෙසිබල් ගානක් එන්නේ නෑ
    ගල් කුඩු විසිරෙන්න බෑ අල්ලපු වතු වලට
    කතා කරලා විසදා ගන්න. ලොරියට ගල් පටවල වතුර අලන්න කියන්න.පොර අහයි හොඳින් කිවුවොත්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉඩම උගේ නං නීතියානුකුලව කළුගල් නෙමේ ඕන දෙයක් බාන්න පුළුවන්.
    සද්දේ ලොකු ඩෙසිබල් ගානක් එන්නේ නෑ
    ගල් කුඩු විසිරෙන්න බෑ අල්ලපු වතු වලට
    OP කියන විදිහට දැන් මේ දෙකම වෙන නිසා op ට පුළුවන් නෙ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න?

    To the OP: මේකේ අහනවට වඩා හොඳම දේ තමයි fb එකේ ලෝය ගෘප් එකක අනෝනිමස් අහන එක. මේකේ දැන් ලෝය ලා වැඩිය ඔන්ලයින් එන්නේ නෑ.
     
    • Like
    Reactions: WhiteRaven

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත

    ඇමතියා ඒ මිනිහගේ පැත්තේ බන්. ප්‍රබල ආධාරකරුවෙක්.
    ------ Post added on Jan 9, 2024 at 3:37 PM
    එනම් මචන් මිඩියා එකට කියපන් . ගෙවල් බර ගානකට වෙන නස්පැත්තියක් නම් ඕකුන් එන්නේ කැමරා උස්සගෙන . කොමත් විඩියෝ එම කරලා , සද්දේ එම ඩෙසිබල් මිටර් එක්කින් මැනලා සාක්කි එක්ක ඇන්ට්‍රියක් දාපන් දාල නඩුවකට සෙට් වෙන්න වෙනවා ඉතින් . මධ්‍යම පරිසර අධිකාරියට ගිහින් බලපන් මොනා හරි ප්‍රතිපාදන තියනවද කීයලා ඕම සීන් එක්කට . කොමත් ප්‍රදේශිය ලේකම්ට ආයේ කියපන් කියලා අහපන් මීට වඩා මොනවද කරන්න පුලුවන් උබට කියලා අත අරින්න එපා . ලොකු කේස් එක්කට පටලවන් හරි මිඩියා එකට දාපන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    OP කියන විදිහට දැන් මේ දෙකම වෙන නිසා op ට පුළුවන් නෙ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න?
    ඕව නීතියට ගියහම සමාජ ගැටුම් වෙනකල් වැඩි වර්ධනය වෙනවා. කතා කරලා බැරි නං සමත මණ්ඩලේ උපකාර ගන්න ඕන පොලිසිය මාර්ගයෙන්.
     
    • Like
    Reactions: gamerlk

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,029
    1,402
    113
    මේ දවස් වල හැංගිලා ඉන්න එකෙක් අල්ලාගෙන කීයක් හරි දීලා ඔය ඉඩමේ බඩු ටිකක් හංගන්න කියපන්.
    ඊට පස්සේ පොලිසියට කියපන්
    මදි වගේ නම් තබ දගර ටිකක් එහෙමත් ගෙනත් දාපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    අදාළ වෙනවා - බාන පටවන වෙලාව 10 pm පස්සේ බෑ
    සද්දේ ලොකු ඩෙසිබල් ගානක් එන්නේ නෑ
    ගල් කුඩු විසිරෙන්න බෑ අල්ලපු වතු වලට
    කතා කරලා විසදා ගන්න. ලොරියට ගල් පටවල වතුර අලන්න කියන්න.පොර අහයි හොඳින් කිවුවොත්

    OP කියන විදිහට දැන් මේ දෙකම වෙන නිසා op ට පුළුවන් නෙ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න?

    To the OP: මේකේ අහනවට වඩා හොඳම දේ තමයි fb එකේ ලෝය ගෘප් එකක අනෝනිමස් අහන එක. මේකේ දැන් ලෝය ලා වැඩිය ඔන්ලයින් එන්නේ නෑ.
    ස්තූතියි මචන්ලා ප්‍රතිචාරවලට.
    එනම් මචන් මිඩියා එකට කියපන් . ගෙවල් බර ගානකට වෙන නස්පැත්තියක් නම් ඕකුන් එන්නේ කැමරා උස්සගෙන . කොමත් විඩියෝ එම කරලා , සද්දේ එම ඩෙසිබල් මිටර් එක්කින් මැනලා සාක්කි එක්ක ඇන්ට්‍රියක් දාපන් දාල නඩුවකට සෙට් වෙන්න වෙනවා ඉතින් . මධ්‍යම පරිසර අධිකාරියට ගිහින් බලපන් මොනා හරි ප්‍රතිපාදන තියනවද කීයලා ඕම සීන් එක්කට . කොමත් ප්‍රදේශිය ලේකම්ට ආයේ කියපන් කියලා අහපන් මීට වඩා මොනවද කරන්න පුලුවන් උබට කියලා අත අරින්න එපා . ලොකු කේස් එක්කට පටලවන් හරි මිඩියා එකට දාපන්
    අදහස නරක නැහැ. ඔව්. ආයෙත් ගිහිල්ලා කතා කරන්න තමයි ඉන්නේ.
    ඕව නීතියට ගියහම සමාජ ගැටුම් වෙනකල් වැඩි වර්ධනය වෙනවා. කතා කරලා බැරි නං සමත මණ්ඩලේ උපකාර ගන්න ඕන පොලිසිය මාර්ගයෙන්.
    ඇත්ත. මටත් ඒ නිසාම වුවමනා මේක ගොඩින් බේර ගන්න. මේ කියන මනුස්සයට මචන් ඉඩම් නැතුව නෙවේ. මේ ඉඩමත් එක්කම තව පිටිපස්සට ඉඩමක් තියෙනවා ජනාවාස නැති ඒ මිනිහටම අයිති. ඒකෙ කළුගල් බාන්න පුළුවන් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව. ඒත් ඒක කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: gamerlk

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ගොඩින් බේරගන්න බලපන්.
    උට කියපන් ගල් වලට වතුර ඉහල බාන්න කියල.
    නැත්නම් නීතිමය පියවර ගන්නවා කියහන්.

    උඹල ඉන්න හරියේ ගොඩක් ගෙවල් තියද?

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඉඩම උගේ නං නීතියානුකුලව කළුගල් නෙමේ ඕන දෙයක් බාන්න පුළුවන්. ගල් කොරියක් ඔතන නැනේ. ඕක පොරට කියන්න.ලෝඩ් එක පටවල ලොරියට වතුර අල්ලන්න කියල .
    Ehem idama thamange kiyala one deyk eke karanna bha.. rules thyenv hama ektma
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    GSMB එකට කියන්න,අනිත් ආයතන වලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අඩුයි.
     
    • Like
    Reactions: WhiteRaven

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කුඩු පැකට් 5-6 ක් ගල් ගොඩේ හංගල දේශබන්දු තෙන්නකෝන්ට කෝල් කරපන්