මට අම්මගේ පැත්තෙන් ලැබුන ප. 40 ඉඩමක් තියනවා ගම්පහ. මේ ඉඩම එක පැත්තකින් මායිම් වෙන්නේ ඇලකට. ඇලෙන් අනිත් පැත්තේ තියෙන්නේ කුබුරු යායක්. මේ කුබුරු වල වී වගාකරලා නෑ, පුරන් කුබුරු. නමුත් මේ දැන් තියන තත්වයත් එක්ක ඒ පැත්තේ එළවලු වගාකරන්න පටන් අරන් තියනවා( හරිහමන් වගාවක් නෑ , කෙහෙල් ගස් කිහිපයක් හා තව මොනවාද පැල වගයක් වවලා තියනවා). ඉඩමේ අපේ පැත්තේ මායිම දිගට තරමක් ලොකු ගස් වැවිලා, ඇල පැත්තට බරවෙලා තියනවා. අර වෙලේ වවන පවුල හැමවෙලේම කන්කෙදිරිගානවා ඒ ගස් කපන්න කියලා , වදුල හින්දා වවන්න බැරිලු. මම ඉන්නේ බත්තරමුල්ලේ. ඒ මිනිස්සු කියන ගානේ හිහින් අපට ඕවා කරන්න බෑ. අනික ඔකේ තව ප්‍රශ්නයක් තියනවා.
ඔය මිනිස්සු ඔය කුබුර අරගත්තේ අ. 5කට විතර කලින්. අපි ඔය අවට නැති හින්දා, අපේ පැත්තේ ඇල මායිමේ ගහලා තිබුන වැට කණු කිහිපයක් මේ මිනිස්සු හිතුමනාපෙට ගලවලා අපේ පැත්තෙන් ටිකක් කපලාත් හිබුනා. ඕකට අපි පැමිණිල්ලක් දාපුවහම ගොවිජන සේවා එකෙන් ඉඩම පරික්ෂා කරලා, පැමිණිල්ල විභාග කරලා තීන්දුවක් දුනා කුබුරු කාරයෝ වැරදියි හා තිබුන විදිහට වැට හදන්න කියලා. නමුත් උන් ඒක කරේ නෑ. අපිත් ඒක පස්සේ වැඩිය එළවන්න ගියේ නෑ, උනුත් ආයේ වැට කැපුවේ නෑ. මම මුලදී ගස්වල අතු කපලා දාන හිතුවත් ඒක කරේ නෑ, මොකද උන් හිතා මතාම උන්ගේ වැඩේ නොකරපු හන්දා. ඉතින් මට තියන ප්‍රශ්න මේවයි :
- මෙතන කුබුරේ වී වගා කරලා නැති නිසා ගොවිජන පනතේ කුබුරු වලට අදාල නිතිය මෙහි වලන්ගු ද? අපේ මායිමේ වදුල සුද්ද කිරීමට අපි කලයුතුද ?
- මෙම තත්වයට අදාලව ගොවියාට වාසිවෙන ආකාරයේ නීති කොන්දේසි තිබේද ?
- අපේ අවසරයකින් හෝ අපට කරන දැනුම්දිමක්නින් තොරව අපේ වත්තට ඇතුළුවී ඇළ අයිනේ ගස් ඔවුන්ට හෙලිකල හැකිද ?
උඹේ වත්තේ තියෙන ගස් වලින් කුඹුරට තියෙන බලපෑම මොකක්ද බන් ඒ ගස් කපන්න වෙන තරමට , මම ඕන තරම් දැකලා තියෙනවා කුඹුර මායිමේ ලොකු කැලෑවල් තියෙන ඉඩම් තියෙනවා.
මගේ අදහස නම් උඹ ඉඩම සුද්දකරන්න ඕන නෑ , වත්තේ මායිමෙන් පිටට ගස්වල අතු ගිහින් තියෙනවා නම් ඒවා විතරක් කැපුවම ඇති.
අහන ඕන එකෙක්ට උඹ කියපන් උඹ කැමතියි වනාන්තරවලට ඒ නිසා මේ ඉඩම උඹ සුද්ද කරන්නේ නෑ , සති කිහිපයකට සැරයක් ඇවිලා උඹ ඒ වනයේ අසිරිය විඳිලා හිත නිදහසේ ගතකරන්න තමයි මේ ඉඩම ඒ විදියට තියලා තියෙන්නේ කියලා