නීරෝ සිනමාත්මක පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    maxresdefault-780x470.jpg

    නීරෝ පරිගණක ක්‍රීඩාවේ සිනමාත්මක පූර්ව ප්‍රචාරක පටය ඊයේ දින අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා. නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, ගජබා රෙජිමේන්තුවේ ස්නයිපර් වෙඩික්කරු, රණවිරු රංජිත් ප්‍රේමසිරි වටා ගෙතෙන නීරෝ පරිගණක ක්‍රීඩාව Arimac සමාගමේ නිෂ්පාදනයක්. Arimac මීට පෙරද කංචායුධ නමින් ශ්‍රී ලංකා ඉතිහාසය අලලා පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කළ අතර එයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා.

    තෙවන පුද්ගල නැරඹුම් ආකෘතියට (Third Person View) නිර්මාණය කොට ඇති නීරෝ, ක්‍රියාදාම සහ වෙඩිතැබීම් පාදක කොට ගත් ක්‍රීඩාවක්. ක්‍රීඩකයාට නීරෝ නම් චරිතය ලෙස ක්‍රීඩා කිරීමට ලැබෙන අතර සතුරු කඳවුරු විනාශ කිරීම සහ සතුරන්ට වෙඩි තැබීම වැනි ක්‍රියාකාරකම් වලින් නියැලෙමින් අවසන් ඉලක්කය කරා ළඟා විය යුතුව තිබෙනවා. තනි ක්‍රීඩකයකු සඳහා නිර්මාණය කරන ලද්දක් වන මෙහි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට එක්වර ක්‍රීඩා කිරීමේ පහසුකමක් නොමැත. Arimac සමාගම පවසන ආකාරයට නීරෝ හි නිෂ්පාදන කටයුතු සඳහා වසර 10ක කාලයක් වැය වී තිබෙන අතර, දැනට දකුණු ආසියාවේ ඇති විශාලතම පරිගණක ක්‍රීඩාව වනුයේ ද නීරෝ යි.



    Source-serandib news
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Arimac සමාගම පවසන ආකාරයට නීරෝ හි නිෂ්පාදන කටයුතු සඳහා වසර 10ක කාලයක් වැය වී තිබෙන අතර, දැනට දකුණු ආසියාවේ ඇති විශාලතම පරිගණක ක්‍රීඩාව වනුයේ ද නීරෝ යි.

    :rolleyes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    that project died long ago. :no:
    really? Last night also I remembered that what the hell they aren't launch it.

    The problem is they get the initial publicity and does nothing just like the super car. all vanity projects
    Then it'll be same with this. dakunu asiyawe wisalama labba.
    ------ Post added on Jul 2, 2021 at 4:36 AM