නීවරණ

sudunone

Member
May 23, 2009
3,781
121
0
අවුරුද්දක් ගෙවිල, අලුත් එකක් පටං ගන්න ලෑස්ති.
නීවරණ අඩු කර ගන්න එක සද්ධර්මය අවබෝධ කිරීමට විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතය යහපත් ලෙස ගෙවීමටත් උපකාර වෙනව කියලයි මට හිතෙන්නෙ. උදාහරණයක් විදිහට අපි වැඩි දෙනෙක් පාඩම් කරන්න කම්මැළියි. පසිඳුරන් පිනවීම පිණිස- ඒ කිව්වෙ, චිත්‍රපටි බලන්න, සිංදු අහන්න, කෑම බීමවලට, කතන්දර පොත් කියවන්න, කැමති ඇඳුම් තෝරන්න වගේ ඒවට- නම් අපිට ඕන තරම් වෙලාව තියෙනවා. ඒ වගේම තමයි අපි අකමැති අයත් එක්ක රණ්ඩු කරන්න, හිතින් බැන බැන ඉන්න, දුක හිතෙන දේවල් ඔස්සේ නැවත නැවත හිතමින් ඉන්න වගේ සිතෙහි ගැටුම් ඇති කරවන දේටත් අපිට වෙලාව තියෙනවා. අවශ්‍ය දෙයට සිත යොමු නොකර අනවශ්‍ය දේ ගැන කල්පනා කර කර ඉන්න එක පුරුද්දක් වෙලා. කම්මැළිකම ඉහටත් උඩින්. වැඩට යන්න නැත්නම්, එක්කො මෙතන, එහෙම නැත්නම් ඇඳේ.

මගේ බලාපොරොත්තුව ලබන අවුරුද්දෙවත් මේ වල් ගති ගුණ ටිකක් අඩු කර ගන්න එකයි. ටික දවසකට හරි මේව යටපත් කර ගන්න පුලුවන්නම් ප්‍රයෝජනයක් වෙයි.