නීවරණ

sudunone

Member
May 23, 2009
3,781
121
0
යථාර්තය වටහා ගැනීමට නොහැකිවන පරිද්දෙන්, නුවණැස නැති කර දමන, සද්ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නැති කර දමන, ආවරණය කරන දෙය නීවරණයි.

කාමච්ඡන්ද-රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන කාම ගුණයන් පහ කෙරෙහි තමාගේ සිත ඇදී යන ගතිය
ව්‍යාපාද- එම කාම ගුණයන් කෙරෙහි තමාගේ සිතේ ඇතිවන ගැටීම
ථීන මිද්ධ- සතර සතිපට්ඨානයේ නොයෙදීම පිණිස කයිකව හා මානසිකව ඇති වන වෙහෙසත්, අලසකමත්
උද්ධච්ච කුක්කුච්ච- සිත නොයෙක් අරමුණුවල විසිර පැවතීමත්, පසු තැවීමත්
විචිකිච්ඡා- තමා අනුගමන්ය කරන සද්ධර්මය ගැන පැහැදිලි දැනීමක් නොමැති වීමෙන් ස්ථිර නිගමනයකට පැමිණිමට නොහැකිවීම නිසා ඇති වන සැකය

පංච නීවරණද හට ගන්නේ හේතු-ප්‍රත්‍ය සහිතවමය. පවතින්නේද හේතු ප්‍රත්‍ය සහිතවය. හේතු ප්‍රත්‍ය නැති වීමෙන් පංච නීවරණ නැති වේ.

පංච නීවර්ණ ඇති වීමට හා පැවතීමට හේතු:
කාමච්ඡන්දය- සුභ වශයෙන් අරමුණු ගැනීම, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීම
ව්‍යාපාද- හිතේ ගැටීම ඇති කරන අරමුණු පිළි ගැනීම්, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීම
ථීන මිද්ධ- සතර සති පට්ඨාන ආදී කුසල කර්මවල යෙදීමට උනන්දුවක් නැති කම, සිතෙහි හැකිළි ගිය බව
උද්ධච්ච කුක්කුච්ච- සිත නොසන්සුන්ව තිබීම
විචිකිච්ඡා- වැරදි පිළිවෙලට අනවබෝධයෙන් කල්පනා කිරීම

පංච නීවරණ ඇති වීම වැළකිමටත්, උපන් නීවරණ ප්‍රහාණය කිරීමටත් උපකාර වන ධර්ම:
කාමච්ඡන්ද- අසුභ දෙය අසුභ ලෙස දැකීමේ හැකියාව ඇති කර ගැනීම, අවබෝධ ඥානය තුළින් කල්පනා කිරීම
ව්‍යාපාද- කරුණා මෛත්‍රී ගුණ ධර්ම දියුණු කර ගැනීම, අවබෝධ ඥානය තුළින් කල්පනා කිරීම
ථීන මිද්ධ- වීර්යය බලවත් කර ගැනීම
උද්දච්ච කුක්කුච්ච- සිත සන්සිඳුවා ගැනීම
විචිකිච්ඡා- අවබෝධ ඥානය තුළින් කල්පනා කර ගැනීමේ හැකියාව ඇති කර ගැනීම
 
පංච නීවරණ එකිනෙක බිඳදැමීම තුළිනුයි සෝවාන් ආදී මගඵල ලබෙන්නේ.ඉතා හොඳ පැහැදිලි කිරිමක්.පිංසිදු වේවා !.එලකිරි එකේ මෙච්චර හොඳ අය ඉන්නවද කියල පුදුමයි.මෙවන් ලිපි තවදුරටත් ලියන්න.තෙරුවන් සරණයි !
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මාර්ග ඵල ලැබූ අය මොන තරම් හිතේ සාමෙකින් ජීවත් වෙනව ඇතිද? වැඩිපුර භාවනාවට යොමු වුණු කාලවලදි අපේ හිත් තුළත් අමුතු සාමයක්, සතුටක් ගොඩ නැගෙනවා. අසුභ දෙයෙහි ඇත්ත තත්තවය පහසුවෙන් දකිනවා; ගැටුම් ඇතිවන සිතුවිලි හිතට එනකොටම දැකලා, අවබෝධයෙන් කල්පනා කරන්න යොමු වෙනවා.
මේ දවස්වල මගෙ ථීන මිද්ධ හා උද්දච්ච කුක්කුච්ච ටිකක් බලගතු වෙලා. :( මම මහන්සි වෙනවා ඒව හදා ගන්න.
කවුරු හරි තමගෙ ජීවිතේටත් මින් වෙනසක් ඇති කර ගන්න හිතුවනම් මට සතුටුයි,

ඔයාටත් තෙරුවන් සරණයි.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ව්‍යාපාද කියන්නෙ කෝපය ඇතිවීම

ව්‍යාපාදය


සිත කෝප කිරීම, ව්‍යාපාදයයි. සිතට මෙම සිතිවිල්ල ඇතුළු වූ වහාම දැවීම ඇති කරවයි. දැවෙන සිත රෝගී සිතකි. එය උමතුවීමක් යැයි පැවසීම වරදක් නොවේ. සිත කෝපවීම පුහුදුන් ස්වභාවයක් වූවද, බුද්ධියට තැන දෙන පුද්ගලයා තුළ කෝපයට වැඩි ආයුෂක් නැත. හැඟීමට වහල් වු පුද්ගලයා සිතට ව්‍යාපාදය පැමිණිවිට උමතුවෙන් ක්‍රියා කරයි. නිවනට බාධා කරන ස්වභාවය ව්‍යාපාදය තුළ ඇත. ලෝකෝත්තර වීමට පමණක් නොව ලෞකික වශයෙන් හෝ නිවීමක් එයින් බලාපොරොත්තු විය නොහැකි ය.
 
  • Like
Reactions: amila_90210

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාර්ග ඵල ලැබූ අය මොන තරම් හිතේ සාමෙකින් ජීවත් වෙනව ඇතිද? වැඩිපුර භාවනාවට යොමු වුණු කාලවලදි අපේ හිත් තුළත් අමුතු සාමයක්, සතුටක් ගොඩ නැගෙනවා. අසුභ දෙයෙහි ඇත්ත තත්තවය පහසුවෙන් දකිනවා; ගැටුම් ඇතිවන සිතුවිලි හිතට එනකොටම දැකලා, අවබෝධයෙන් කල්පනා කරන්න යොමු වෙනවා.
මේ දවස්වල මගෙ ථීන මිද්ධ හා උද්දච්ච කුක්කුච්ච ටිකක් බලගතු වෙලා. :( මම මහන්සි වෙනවා ඒව හදා ගන්න.
කවුරු හරි තමගෙ ජීවිතේටත් මින් වෙනසක් ඇති කර ගන්න හිතුවනම් මට සතුටුයි,

ඔයාටත් තෙරුවන් සරණයි.


hummmm...matat 'theena-midhdha' awilla...:shocked:

anyway at least we recognized these defilements neh banz....which means sithe wisdom eka saha winchanaya sadaha idak thibila thiyanawa...:yes:

:)
 

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    යථාර්තය වටහා ගැනීමට නොහැකිවන පරිද්දෙන්, නුවණැස නැති කර දමන, සද්ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නැති කර දමන, ආවරණය කරන දෙය නීවරණයි.
    ...
    ...

    සාදු! සාදූ!! සාදු!!!
    බොහොම පින්, මනා විවරණයට... :)

    තෙරුවන් සරණයි!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    i found an interesting description/ explanation regarding these neewarana from another website...

    pasting it here...:)

    කාමච්ඡන්ද

    කාමච්ඡන්ද මෙයින් අදහස් කැරෙන්නේ අසීමිත ආශාවයි. ජීවත්වීම සඳහා වුවමනා කරන මූලික ප්‍රත්‍ය කිහිපයක් ඇත. ඇඳුම්, ආහාර පාන, නිවාස, ඖෂධ යනු ඒවා ය. මීට අමතරව අධ්‍යාපන, සන්නිවේදන, ගමනාගමන ආදී අවශ්‍යතා ද ඇත. එම මූලික අවශ්‍යතා මට්ටම ඉක්මවා ගිය අසීමිත ආශා රැසකින් මිනිසා පීඩා විඳියි. කාම යනු කැමැත්ත යි. කැමති දේ නොලැබීම දුකක් ලෙස ද හඳුන්වා ඇත. (යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං) කැමැති දේ ලබා ගන්නා ඉඳුරන් පහකි. (චක්ඛු, සොත, ඝාණ, ජීව්හා, කාය) ඇස, කන, නාසය, දිව, ශරීරය වශයෙනි. මෙම ඉන්ද්‍රිය පංචකයට අරමුණු වන්නා වූ පංච කාම (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) සත්වයා සසර බැඳ තබන රසාලිප්ත තෝතැන්න යි. මෙම පස්කම් සැපතට දැඩි ලෙස ගිජුවීම, කාමච්ඡන්දය ලෙස සැළකෙයි. කාමසුඛල්ලිකානු යෝගය ලෙස, නිවන ලැබිය නොහැකි අන්තගාමී ප්‍රතිපදාවක් ලෙස ද හඳුන්වා ඇත්තේ, මෙම පිළිවෙත යි. මෙලොව ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය; මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගැනීමට විශ්වය හා මිනිසා අතර පවතින සම්බන්ධතාව තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. මිනිසා හැර අන් සියලු සත්ත්වයෝම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම මගින් සෑහීමට පත් වෙති. එහෙයින් කාමභෝගී ජීවිතය තුළ වූවද ඔවුන්ගේ අසහනය හා අතෘප්තිය අවම වෙයි. මිනිසා තුළ පවතින තරගකාරී, අනුකරණවාදී අතෘප්තිමය අසහන රැල්ල, සමස්ත ජන සමාජයටම සිදු කර ඇත්තේ, බරපතල විනාශයකි. අප්පිච්ඡතා හෙවත් කැමැතිකම් අඩුවීමෙන්, ලද්දා වූ ස්වල්පයකින් හෝ සතුටක් ගොඩ නඟා ගැනීමේ හැකියාව සන්තුට්ඨි අතින් වත්මන් මිනිසා දුබල ය. ඉන්ද්‍රිය ගෝචර වන සියලු සුන්දර දෑ තමන් සතු කර ගැනීමේ ප්‍රබල සටනක යෙදී සිටින මිනිසා, ඊට ප්‍රතිවිරුද්ධ සියලු බලවේග හා අභියෝග සමග සටන් කරයි. ගැටුම්කාරී මේ තරගය සමස්ත ජන සමාජය කෙරෙහි බලපෑම් ඇති කරයි. සුඛෝපභෝගී ජන රැල්ලට හසු වී කාම වස්තු පසුපස හඹා යන මිනිස් සිතට, ජීවිතය විඳින්නට, ලෝකය දකින්නට කාලය හරස් වෙයි. පලතුරකින්, මල් පැණි බිඳකින් හෝ වෙනත් ගොදුරකින් කුස පුරවාගෙන අත්තක වාඩිවී තම පි‍්‍රයාවිය හා පෙමින් බැඳී ගීතයක් ගයන පුංචි කුරුල්ලකුට තරම්වත් ලෝකය විඳින්නට විවේකයක්, මේ කාමභෝගී ධාවනය තුළ මිනිසාට නැති තරම් ය. කාමච්ඡන්දය ඒ තරමටම, නිවී සැනසිල්ලේ දිවි ගෙවීමට බාධා කරයි.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ව්‍යාපාදය


    සිත කෝප කිරීම, ව්‍යාපාදයයි. සිතට මෙම සිතිවිල්ල ඇතුළු වූ වහාම දැවීම ඇති කරවයි. දැවෙන සිත රෝගී සිතකි. එය උමතුවීමක් යැයි පැවසීම වරදක් නොවේ. සිත කෝපවීම පුහුදුන් ස්වභාවයක් වූවද, බුද්ධියට තැන දෙන පුද්ගලයා තුළ කෝපයට වැඩි ආයුෂක් නැත. හැඟීමට වහල් වු පුද්ගලයා සිතට ව්‍යාපාදය පැමිණිවිට උමතුවෙන් ක්‍රියා කරයි. නිවනට බාධා කරන ස්වභාවය ව්‍යාපාදය තුළ ඇත. ලෝකෝත්තර වීමට පමණක් නොව ලෞකික වශයෙන් හෝ නිවීමක් එයින් බලාපොරොත්තු විය නොහැකි ය.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ථීන මිද්ධ


    ථීන යනු සිතේ කම්මැළි කමයි. මිද්ධ යනු සිතිවිලි කම්මැලිවීමයි. පොදුවේ විමසන විට මෙම නීවරණයේ අදහස මැළි බවයි. සසරින් මිදීමේ විමුක්ති මාවත බොහෝ උත්සාහයෙන් ගොඩ නඟාගත යුතු එකකි. ඒ සඳහා පිරිය යුතු පිළිවෙත් බොහෝ ය. කම්මැළි පුද්ගලයා යම් වැඩ පිළිවෙළක කෙළවර දක්වා ගමන් කරන්නේ නැත. උදාසීන අලස මනස සැනසීමට වඩා ලබා දෙන්නේ, වැනසීමයි.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උද්ධච්ඡ කුක්කුච්ච


    උද්ධච්ඡ යනු සිතේ නොසන්සුන් කම යි. හෙවත් අසංවරකම යි. කුක්කුච්ච යන්නෙන් අදහස් කරන්නේ පසු තැවීමයි. මෙය චෛතසික දෙකකි. අකුසල පක්‍ෂයේ චෛතසික දෙකක් වන මෙම සිතිවිලි නිවන ආවරණය කිරීම සඳහා එක්ව ක්‍රියා කරයි. නොසන්සුන් කම හා පසුතැවීම දුරු කරගත හැකි ක්‍රමය සීල යි. සිල්වතාගේ සිත, සංවරය , එම සංවරය, පසුතැවීමට හේතු ඇති නොකර යි.
    තුන් දොර (සිත කය වචනය ) සංවර කරගැනීමට සමත් පුද්ගලයා, වැරදි ක්‍රියාමාර්ග අතහැර දමයි. එම ජීවිතය නිරවද්‍ය ජීවිතයක් ලෙස සැළකෙයි. එවිට ඔහුට සුවයක් දැනෙයි. (අනවජ්ජ සුඛ) ඒ සුවය, නිවනට මාවත යි.
    සංවර සිතකට පශ්චාත්තාපයට හෙවත් පසු තැවීමට හේතුවක් නැත.
    පුහුදුන් සිතට නිතර වැරැදි චේතනා පහළ වෙයි. පුහුදුන් සත්වයා අතින් වැරැදි සිදුවෙයි. වැරැදි සිදු වූ තරමට ඒවා මෙනෙහි කරමින් පසුගාමි විය යුතු නැත. සිදුවන වැරැදි පිළිබඳ අවබෝධ කරගනිමින් ඒවා ජීවිතයට ඉගැනීමක් කරගත යුතුය. පියුමක් පරවී වැටුණු විට මඩදියට එකතු වී නෙලුම් පඳුරටම පොහොර වෙයි. ඉන් අලුත් මලකට පොහොරක් ලැබෙයි. මේ ලෙස වැරදුණු තැන් ජීවිතයට පාඩමක් කර ගැනීමෙන්, අලුත් මගක යා හැකි ය.




    විචිකිච්ඡා




    විචිකිච්ඡා යන්නෙන් සැකය අදහස් කැරෙයි. සැක කිරීම හොඳ ප්‍රවේශයකි. නමුත් ඉන් ප්‍රත්‍යක්‍ෂය ලබා ගැනීම තෙක් එය ඉදිරියට යා යුතුය. ඇතැම් අය සැකය තුළ සදාකල් රැඳී සිටීමට පි‍්‍රය වෙති. රසවත් යම් යම් සිද්ධාන්ත මනසට ඇතුළත් කරගෙන රස විඳිමින් සිටින අනුවණයෝ ප්‍රත්‍යක්‍ෂය කරා යෑමට උත්සුක නොවෙති. නිවන් දැකීමට නම්, නිවන් මඟ පිළිබඳ කිසි සැකයක් නෙ‍ාපැවැතිය යුතු ය. ජීවිතය පිළිබඳ යථාවබෝධය ඇති කර ගැනීම සඳහා විශ්වාසනීයත්වයෙන් හා සම්මා සතියෙන් යුතුව අවබෝධය සඳහා වු මඟෙහි ගමන් කළයුතු වෙයි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්, එලු මල්ලි. අපූරු විස්තරාත්මක පැහැදිලි කිරීමක්. දැන් කාලෙ රූපවාහිනියෙ හා වෙනත් මාධ්‍යවල ප්‍රචාරය කරන්නෙම කාමච්ඡන්දය හා ව්‍යාපාදය ඇවිස්සෙන විදිහෙ දේවල්. සිත නොසන්සුන් වීමට, හොඳ වැඩ සඳහා වෙලාවක් නැති වීමට, මෙවැනි දේවල් බැලීමත් හේතුවක් වෙනවා.

    අර කිව්වත් වගේ, තමන් ලඟ තියෙන නීවරණ ටික තේරුම් ගන්නවත් පුලුවන් වුණු එක ලොකු දෙයක් තමයි. එතකොට ඒවා හදා ගන්න උනන්දු වෙනවනෙ. :)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොහොම පින්, එලු මල්ලි. අපූරු විස්තරාත්මක පැහැදිලි කිරීමක්. දැන් කාලෙ රූපවාහිනියෙ හා වෙනත් මාධ්‍යවල ප්‍රචාරය කරන්නෙම කාමච්ඡන්දය හා ව්‍යාපාදය ඇවිස්සෙන විදිහෙ දේවල්. සිත නොසන්සුන් වීමට, හොඳ වැඩ සඳහා වෙලාවක් නැති වීමට, මෙවැනි දේවල් බැලීමත් හේතුවක් වෙනවා.

    අර කිව්වත් වගේ, තමන් ලඟ තියෙන නීවරණ ටික තේරුම් ගන්නවත් පුලුවන් වුණු එක ලොකු දෙයක් තමයි. එතකොට ඒවා හදා ගන්න උනන්දු වෙනවනෙ. :)

    ව්‍යාපාදය ඇවිස්සෙන ඒවා තමා වැඩිහරියෙන් යන්නෙ...ප්‍රවෘත්ති බැලුවත් එහෙමයි...ව්‍යාපාදය ඉස්මතු වෙන විදියට ඒවා නිර්මාණය කරන්නෙ...:baffled:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අර කිව්වත් වගේ, තමන් ලඟ තියෙන නීවරණ ටික තේරුම් ගන්නවත් පුලුවන් වුණු එක ලොකු දෙයක් තමයි. එතකොට ඒවා හදා ගන්න උනන්දු වෙනවනෙ. :)

    අතීතයේ වුන දේවල් ගැන හිතන් නැතුව ඉදිරියට නීවරණ අවම කරගෙන සිටීම මැනවි...:yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    me wage watina dewal EK eke aya danawa kiyala danagattet dan :D godak pin..
    attama kiwot mage nam ථිනමිද්ධ, කාමඡන්ද deka nam hondatama wadi :(