නුගේගොඩ ‘පාද සම්බාහන‘ ආයතනයේ කතුන්14ක් කොපු සමග අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාද සම්බාහන ආයතනයක් ලෙස පුවරු ප්‍රදර්ශනය කර දීර්ඝ කාලයක් තිස්සේ ධනකුවේරයන් හා කෝටිපති ව්‍යාපාරිකයන් සදහාම මුදලට කාන්තාවන් සැපයූ නුගේගොඩ නාවල පාරේ ආයතනයක් වටලා කාන්තාවන් 14 දෙනකු සමග කළමනාකාරවරිය අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. කාන්තාවන් සහ කළමනාකාරවරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවේ දී උපත් පාලන කොපු ඇතුළු ලිංගික ක්‍රියා සඳහා යොදාගන්නා විවිධ උපකරණ හා ආලේපන වර්ග තොගයක් ද පොලිස් භාරයට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    ආයුර්වේද පාද සම්බාහනය සිදු කරන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර එම ස්ථානයට දුරකථන ඇමතුම් ලබා දෙන පැමිණෙන පුද්ගලයන් හට ඉතා අධික මිල ගණන් යටතේ ගණිකා සේවයේ යෙදවීම සඳහා කාන්තාවන් ලබාදී ඇති බවත් එම ස්ථානයට අමතරව පිටස්තර ස්ථානවලට රැගෙන යාම සඳහා ද කාන්තාවන් සපයා ඇති බව මූලික විමර්ශනවල දී හෙළිකර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

    කුලී පදනම මත ලබාගත් මෙම ගොඩනැගිල්ල තුළ විවිධ වයස් සීමා පෙනුම අනුව රුපියල් 7,000/= සිට රුපියල් 25,000/= දක්වා මිල ගණන් යටතේ කාන්තාවන් මුදලට විකුණා ඇති බවත් එම ස්ථානයේ දී සේවය ලබාගන්නේ නම් කාමර ගාස්තුවක් ද අයකර ඇති බවත් අත්අඩංගුවට පත්වූ කළමනාකාරවරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වල දී අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගැනුණ කාන්තාවන් 20 වැනි වියේ සිට 55 වැනි විය දක්වා පසුවන රත්නපුර, නුවරඑළිය, හැටන්, බගවන්තලාව, මීගමුව, අවිස්සාවේල්ල, කෑගල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන බවත් ඔවුන් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල නැවතී රාජකාරි කරන බව නිවෙස්වලට පවසා මෙම ස්ථානයේ ගණිකා රැකියාව සඳහා යොමුවී ඇති බවත් පොලිසිය පවසයි. උපාය දූතයකු යොදවා සිදුකළ විමර්ශන හා පරීක්ෂණවල දී අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බවත් පොලීසිය පැවසීය.අත්අඩංගුවට ගත් කාන්තාවන් (14) දෙනා සහ කළමනාකාරවරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත බාරදුන් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පැවසීය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    හට ඉතා අධික මිල ගණන් යටතේ ගණිකා සේවයේ යෙදවීම සඳහා කාන්තාවන් ලබාදී ඇති බවත්

    පෙනුම අනුව රුපියල් 7,000/= සිට රුපියල් 25,000/= දක්වා මිල ගණන් යටතේ කාන්තාවන් මුදලට විකුණා ඇති බවත්

    @Emios uba oya gada ganunta dawasata 50/60k wiyadam karanawa neh..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ධනකුවේරයන්
    Cat Wow GIF