අපේ හිත අපිව මොන තරම් අසරණ කරනවද? කොයිතරම් හිතුවත්, කොයිතරම් ලිව්වත් සමහර වෙලාවට හිතේ තියෙන හැඟීම් කියාගන්න අමාරුයි... ඒ නිසාම ජීවිතේදිත් අපි කොයිතරම් නම් අසරණ වෙලා ඇද්ද. යන එන මඟක් නොදැන. කරන දේ නොදැන, පාර වැරදිලා අතරමං වුනාම හැමදේම එපා වෙනවා. ඒක කාට වුනත් පොදුයි. අතරමං වෙලා අපි තනියම ඉබාගාතේ යද්දි අපිට හමුවෙන වග වලස්සුන්ට, විසකුරු සර්පයන්ට පවා අපි රැවටෙන වෙලාවල් එමටයි. ඒ වගේම අපි නොදන්නවා වුනත් අපේ ගැන හොයලා බලන, අපේ වැරදි දැක්ක ගමන් ඒවට හිනා වෙන්න බලන් ඉන්න අයත් එමටයි. මෙහෙම අතරමං වෙලා යන අතරමඟකදි හිනා වෙලා අපිට කථාකරන, ජීවිතේම වුනත් දෙන්න හදන සමහර මිනිස්සු එන්නේ මොන අරමුණකින්ද කියලා තේරුම් ගන්න තරම් අපේ හිත පරිණත වෙලා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොච්චර සමාජේ ගැන දැනුවත් කමින් හිටියත් ඒ අය අපි දන්නවට වඩා හොඳ නළුවෝ එහෙම නැත්නම් හොඳට රඟපාන්න දක්ෂ අය වෙන්න පුළුවන්...
පැටළුන නූල් බෝලෙක කොනක් හොයාගෙන යද්දී ලැබෙන කොණ නූල් බෝලේ මඟකින් කඩලා දාපු කොණක් වුනොත් පැටළුමේ මඟක් වෙනකන් ලිහුනත් ඉතිරිය ලිහන්න නම් අනිවාර්යෙන් ආයෙමත් කොණක් හොයාගන්නම වෙනවා. එහෙම වුනාම කොයිතරම් අසරණ කමක් දැනෙනවද?. ජීවිත ගමනේ අතරමං වෙලා යද්දි අපේ ජීවිතේට ලැබෙන සමහර මිනිස්සුත් ඒ වගෙයි... පාර කියන්නම් කියලා අතින් අල්ලගෙන එක්කගෙන ගිහින් වංකගිරියක් මැද්දේ අත් ඇරලා දාලා එන්න තරම් සමහරු නපුරුයි. එහෙම වුනාම අර අත අල්ලන් යන ටික කාලෙදි අපි හරි පාරේ යනවා කියලා හිතුනත් වංකගිරියේ පැටලිලා පාර කොහොමටවත් හොයාගන්න බැරුව ඉද්දියි තේරෙන්නේ අතරමං වෙලා හිටපු කාලේ ගිය පාර පුංචිම හරි බලාපොරොත්තුවක් දෙන පාරක් කියලා. ඒත් පැටළුන තැනකින්ම ලිහාගෙන ගොඩ ඒමක් මිසක ආයේ පටන් ගැනීමක් ගැන අපේ ජීවිත ගමනෙදි අපිට හිතන්න බෑ. පැටලීම ලිහාගෙන ගොඩ ආවත් අපිට වැරදිලා තියෙන තැන් බලලා හිනාවෙන මිනිස්සු දැක්කම හිතට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ. මෙහෙමයි ඕකට කරන්න තිබුනේ, අරමයි ඕකට කරන්න තිබුනේ, අපරාදේ අරම කරේ , ඇයි ඔයා මෙහෙම කරේ , හෙන මෝඩ වැඩක් ඔයා කරේ කියලා කියනවා මිසක පාරක් හොයාගන්න බැරුව අතරමං වුන මිනිහගේ මානසිකත්වය ගැන පොඩ්ඩක්වත් හිතන්න සමහරුන්ට තේරුමක් නෑ... පැටලී පැටලී යන නූල් බෝලෙක, පාරවල් ගොඩාක් තියෙන වංකගිරියක කියන දෙකෙන්ම ගැලවීමක් ගැන හිතාගන්න අමාරු බව දන්නේ ඒ වංකගිරියේ අතරමං වුන මිනිහාම විතරයි...
ඒත් සමහර වෙලාවට වංකගිරියේ අතරමං වෙලා ඉද්දි එතනට අපිව ඇදලා දාපු කෙනා හොයාගන්නවත් නැති වෙද්දි ඉටු දෙවිවරු වගේ පාර කියන දේවතාවනුත් අද නැත්තේ නෑ... ඒ වගේ ඉටු දේවතාවක් ජීවිත ගමනේ මුණ ගැහෙන්නත් යම් තරමක හරි වාසනාවක් තිබෙන්නම ඕනේ.
මඟ වැරදිලා අතරමං වෙලා යන ජීවිතේට හරි මාවත පෙන්නලා දුන්න ඔයත් මට ඒ වගේම ඉටු දෙවියෙක්...ඉවුරක් හොයාගන්නවත් නැති කඳුළු ගංගාවක ගිලිලා යන්තම් පණ ගැටගහගෙන ජීවිත් වෙද්දි ආපු නපුරු රාක්ශයෙක් මාව බෝට්ටුවක අරන් ගිහින් එගොඩට දාන්නම් කිව්වට අන්තිමේ කරලා තිබුනේ ගොඩබිමක් නොපෙනෙන මානෙකටම මාව ගෙනිහින් දාපු එක. යන්තම් හුස්ම ගැටගහගෙන මැරෙන්න පණ අදිද්දී මගේ හුස්ම වෙලා ඔයා ආවේ මගේ මුළු ජීවිතේම අළුත් පණකින් පුරවලා... ඒ වෙනුවෙන් ඔයාට දෙන්න කිසිම දෙයක් මගේ ලඟ තිබුනේ නෑ කෑලි කැඩුන මගේ හදවත මිසක. ඒත් ඒ කෑලි ඔක්කොම ආදරෙන් එකට එකතු කරලා පරෙස්සමට තියාගෙන ඉන්නේ ඔයාට මාව වටින නිසාම බව මම දන්නවා. වෙන අය වගේ ඒවට පයින් ගහලා යන්න පුළුවන් කමක් තිබුනත් ඔයා එහෙම කරන්නේ නෑ කියලා මම දන්නවා... ඒ ඔයා ඒ විස්වාසේ මම වෙනුවෙන් ගොඩනඟපු නිසා...
ටිකෙන් ටික ගොඩ නැඟෙන අපේ ලෝකේ දිහා බලාගෙන මම කොයිතරම් නම් හිනා වෙනවද කියලා ඔයා දන්නවා. හදිසියක් නැතුව හෙමි හෙමීට එකින් එක ගඩොල ගානේ දෙන්නගෙම ආදරෙන් ගොඩ නැගෙන මේ අත්තිවාරම වීදුරු ගෙයක් නොවෙන බව මට විස්වාසයි... විස්වාසය, ආදරය හැමදෙයක්ම කැටි වුන අපේම පුංචි ලෝකයක් හදාගෙන යන මේ ගමනේ ඉස්සරහට ඕනේ තරම් බාධක ඒවි...හිත් රිදීම් වේවි... ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි කියලා ඔයත් මමත් දෙන්නම දන්නවා. මොනම හේතුවක් නිසාවත් ඔයා මාව දාලා යන්නේ නෑ කියන දේ මට විස්වාසයි. මගේ හිත මට කියනවා ඔය ගැන විස්වාසේ තියන්න කියලා... මීට කලින් කවදාවත් හිත මට අනතුරු අඟවපු දෙයක් වැරදියට වෙලා නෑ, ඒත් ඒ හැම වාරෙකම මම මාවම රවට්ටගත්තදෝ කියලා මට හිතෙනවා. ඒත් අතීතය අතීතයමයි, ඒ අතීතයට වර්තමානයේ කිසිම පැවැත්මක් නෑ. මගේ වර්තමානය රඳාපවතින්නේ ඔයා මත, ඒ වගේම මගේ අනාගතයත් රඳාපවතින්නේ ඔයාගේ ලඟමයි කියලා මට වෙන කවදටත් වඩා විස්වාසයි...ඉතින් ඒ හැමදෙයක්ම වෙනුවෙන් ඔයා මඟේ ලඟට ආපු එක ගැන මට ගොඩාක් සතුටුයි. හැමදේම වෙන්නේ හොඳට කියලා අහලා තිබුනත් මට කවදාවත්ම ඒ ගැන විස්වාසයක් තිබුනේ නෑ. හැමදාමත් හිත් රිදවීම් මැද ජීවිතේ ගෙවෙද්දි මම මගෙන්ම ප්රශ්න කරා," ඇයි මටම මෙහෙම වෙන්නේ, හැමදේම වෙන්නේ හොඳට කිව්වත් කවදද මට වුන කිසිම දේකින් හොඳක් වුනේ" කියලා. ඒත් කවදාවත්ම ඒ ප්රශ්නෙට උත්තරේ මඟේ ලඟ තිබුනේ නෑ... ඒත් දැන් මම දන්නවා හැමදේම නැති වුනත් ඔයා මට ලැබුන එක නම් වුනේ හොඳට කියලා. කාලයට ගොඩාක් ප්රශ්න විසඳන්න පුළුවන් කියන දේත් මම පිළිගන්නවා, ඒ ඔයා නිසා...
මෙච්චර කල් හිත ඇතුලේ තියාගෙන හිටපු මට හිතෙන එක එක දේවල් ඔයාගේ ඉස්සරහා මම දිග අරින්නේ මගේ ගැන ඔයා කවදාවත්ම වැරදියට නොහිතන බව දන්න නිසා. ගාල්ල කොටු තාප්පේ උඩට වෙලා හැන්දෑවට ඉර බැහැගෙන යන හැටි බලාගෙන ඉන්න, සාගරිකාවේ ඔයා එක්ක ගෙදර එන ගමන් කළුතර මෝය කට ගාව ඉර බහින හැටි බලන්න මම ආස බව දන්න නිසාම ඔයා ඒ හැම දේකටම කැමති වෙන්නෙ හරිම ආදරෙන් . පුංචි විහිළුවක් කරලා හොරාට වගේ මගේ දිහා බලාගෙන ඔයා හිනා වෙද්දි සත්තමයි මට දැනෙනවා මම ආයෙමත් ජීවත් වෙන බව. මට ආයෙම ත් හිනා වෙන්න පුළුවන් බව මම දන්නවා, ඒ ඔයා නිසා... මගේ හිත ආයෙමත් ආදරේ විඳිනවා, ඒ ඔයා නිසා... ඔයාට සම කරන්න උපමා හොයන්න බෑ මට ඇත්තමයි. මගේ ජීවිතේට ආපු වැරදි අය වෙනුවෙන් මගේ දන්න හොඳම උපමා රූපක නිරපරාදේ නාස්ති කරා මම. ඉතින් ඔයාට කියන්න පුළුවන් එකම හොඳම දේ ඔයා හැමදාටම මගේම ආදරේ කියන එක විතරයි... ඔයාව හඳකටවත්, ඉරකටවත්, තරු වලටවත් සමාන කරන්න මට බෑ. ඒ හඳ, තරු , ඉර ගැන මම මුකුත්ම නොදන්න නිසා... ඇතක ඉඳන් එළිය දුන්න පළියට ඒ එකක්වත් ඔයා වගේ වෙන්නේ නෑ කියන දේ මම දන්න නිසා... ඒත් ඔයාව පන්සලක බෝ මළුවක තියෙන පහනකට සමාන කරන්න මට පුළුවන්... ඒ පහනක් වගේ පිරිසිදු, නිකැලැල් ඔයාගේ ආදරේ අමාවක දවසටත් කිසිම වෙනසක් නැතුව මගේ හිත් මළුව එළිය කරන නිසා. කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු මේ හිතට භාවනාවක් වගේ නිවෙන ආදරයක් ඔයාගෙන් ලැබෙන නිසා.
ආදරයට එහා ගිය යාළුකමක්, බැඳීමක් අපි දෙන්න අතරේ තියෙන බව මම දන්නවා, ඒ නිසාම ඔයා මට දේවතාවෙක්ටත් වඩා වටිනවා. කවදාවත් දැකලා නැති අහසේ ඉන්න දේවතාවන් ගැන විස්වාස කරනවට වඩා ඔයා ගැන මට විස්වාසය තියන්න පුළුවන් බව මම දන්නවා... ඔයාව දැක්කම කකුල් පණ නැති වෙලා ගිහින් හැමදේම අමතක වෙන්නේ මොකද මන්දා... ඒත් ඔයා ඒ බව දැනගෙන හිනා වෙද්දි මට දැනෙන්නේ මුළු ලෝකෙම නතර වුනා වගේ. මගේ ආදරේ මහාමෙරක් කියලා මම හිතන් හිටියට් ඒ ආදරේ ඔයා මට දෙන ඔයාගේ ආදරේ ඉස්සරහා පුංචිම පුංචි වැලි කැටයක් තරම්වත් නෑ. ඒත් ඒ වැලිකැටයක් තරමේ ආදරේට ඔයා මහා හුඟාක් ආදරේ බව මම දන්නවා. ඉතින් මම හැමදාටම ඔයාගෙමයි. ඔයාගෙම විතරයි...
මේ ඔයාටමයි...
ගිනි වැදුන හිත නිවා සැනසුව
සිසිල දියකඳ නුඹම විය මට,
තඹින් කල දෙවු පිළිම රූ ළඟ
රන් රුවක් විය ඔබේ රුව මට...
මහාමෙරක් වන් ඔබේ පෙම ලඟ
පස් බිඳක්වත් නොම වුවත් මම,
දෝතින්ම ගෙන බදාගන්නෙමි
නුඹේ හදවත පුරා ඇති පෙම...
සමනළිය මම අතරමං වුන
මඟ කියූ ඒ මල් සුවඳ නුඹ,
නොයා හැරදා එකම මල වෙත
පෙම් කරන්නෙමි මියෙන තුරු මම...