නුඹයි මගෙ වසන්තය

වසන්තය නිමාවිය
එක් මූසල දිනයක
පිපුණු මල් පරවිනි
කොළ පවා බිම වැටී
හැඬූ කඳුලින් ගෙවුනු
දින ගනන් ගතවෙවී
පියඹුවා කාලය
මටත් නොකියා හොරෙන්
නමුදු එක් නිමේෂයක
වැටුණි එක වැහි බිඳක්
සීතලම සුළඟ ගෙන
හරි ආදරෙන් ලෙන්ගතුව
නැවත ආවා නුඹත්
වසන්තය කැටිව
හුරුපුරුදු ආදරය
දැණුනි මහමෙර ලෙසට
ජීවිතය තරම් විය
සතුට දුන් දින ගණන
නිමාවන බව දැනත්
තව තවත් ළංවු‍නේ
සිත කියූ නිසාවෙනි
අපි අපට උරුම බව
ඔබේ කඳුළැල් දැකත්
මගේ හද අඬද්දිත්
යන්න කිවුවේ මමයි
ලෝකයම සනසන්න
දෙතැනකට වී අපගෙ
පෙම් ලෝකෙ විඳගන්න
සිදුවුණත් දෛවයෙන්
සදා කැටිකොට නුඹෙන්
ඒ ලබපු පෙම් මිහිර
හද රැඳෙයි සෑම විට
නුඹයි මගෙ වසන්තය

lassanai:yes::yes::yes::yes::yes::yes: ko uncle mr truth??:cool:
 
Last edited:

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1466145_432062163559943_1527163022_n.jpg