නුඹයි ලොවේ පුතා උතුම්

sweets

Banned
Jul 2, 2011
297
160
0
නුඹයි ලොවේ පුතා උතුම්

... ශ්‍රී ලංකාවට පැමිණි දා!
චේ, හැබැහින් දුටු ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම්...

ක්‍රිස්‌තු පූර්ව 422 දී ග්‍රීසියේ ජීවත් වූ සොෙµdක්‌ලිස්‌ නම් දාර්ශනිකයාගේ "ඇන්ටිගනී" නම් නාට්‍යයේ වැදගත් කාරණා දෙකක්‌ අවධාරණය කරයි. ඉන් පළමුවැන්න ප්‍රජා පීඩිත නායකයා පරාජය කළ යුතු බවයි. ජනතාව සදාචාර සම්පන්න නීතියට හිස නමා ජීවත්විය යුතුය යන්න එහි දෙවැන්නයි.
che1.jpg
ඉන් සියවස්‌ ගණනාවකට පසු ඒ මානවීය දර්ශනය විශ්වාස කළ ඒ වෙනුවෙන් සිය ජීවිතය කැපකළ උදාර නායකයකු අපට ඉතිහාසයේදී හමුවේ. ඔහු හැමවිටම අධිරාජ්‍යවාදයට සරදම් කළ මිනිසෙකි. ලොව කොතැනක හෝ වෙසෙන පීඩිත මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නට වූවෙකි. සැබෑම මානව වාදියෙකි. ආදරණීය මිනිසෙකි. ඔහු වෙනත් කෙනෙකු නොව කියුබන් විප්ලවයේ වීරෝදාර නියමුවා වන අර්නස්‌ටො චේ ගුවේරායි.
che2.jpg
මේ විප්ලවීය ඔක්‌තෝබර් මාසයේදී චේ ගුවේරා නොමැති නම් ලෝකයම දන්නා ආදරණීය "චේ"ගැන කථා කිරීමට සුදුසු හේතුවක්‌ තිබේ. ඒ ශ්‍රේෂ්ඨ ඔක්‌තෝබර් විප්ලවය නිසාවත් "චේ" ජීවත්ව සිටියාට වඩා ඔහු අද ජීවමාන චරිතයක්‌ වන නිසාවත් නොවේ. මේ පරමාදර්ශී නායකයා ලංකාවට පැමිණ වසර 52 ක්‌ සපිරීමත් අද වැනි දිනක චේ ශාරීරිකව ඝාතනය කර වසර 44 ක්‌ සපිරීමත් ඊට හේතුවයි.

අද ලොව සමාජවාදයේ පරමාදර්ශයක්‌ බඳු ඒ විප්ලවීය චරිතය "චේ" ලංකාවට පැමිණ ඇත්තේ එවකට ලංකා ආණ්‌ඩුව, ජයග්‍රාහී විප්ලවීය කියුබානු රජය සමඟ නව තානාපති සබඳතා ගොඩනගා ගැනීමට තීරණය කිරීම හේතුවෙනි. ඒ අමරණීය දිනය 1959 වසරේ ඔක්‌තෝබර් 05 වැනිදායි. ඒ දිනයේ චේ ඇතුළු කියුබානු නියෝජිත පිරිස ලංකාවට පැමිණි ගමනේදී හොරණ යහළකැලේ වතුයායටද පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ රබර් කිරි කර්මාන්තය පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට සිදුකළ සංචාරයක්‌ බව පැවැසේ. ඒ කුමක්‌ වෙතත් ලොවම ආදරය කරන මේ අමරණීය නායකයා මෙරට පැමිණි වග සිහිපත් කෙරෙන එකම ජීවමාන සංකේතය ඇත්තේද හොරණ යහළකැලේ වතුයායෙයි. එය චේ ගේ අපරිමිත මිනිස්‌කම සේ අතු ඉතිලා සරුවට වැඩුණු මහෝගනී ගසකි. එම ඓතිහාසික වෘක්‍ෂය චේ ගෙ දැතින් සිටුවීමට උදව් කළ ඔහු ළඟින්ම සිටි මිනිසෙක්‌ අදත් යහළකැලේ වතුයායේ නිහඬව වෙසෙති. චේ හැබහින් දුටු මිනිසෙකු ලෙස අදටත් මේ බිමේ හිඳින්නෙ ඔහු පමණකි. චේ ගුවේරාගේ ලංකා ගමන සිහිපත් කරන මොහොතක ඔහු තුළ ඇති "චේ" පිළිබඳ මතකය සැබෑවටම ආදරණීය වූවකි. එය "චේ" ව තොරොම්බල් කරමින් දේශන තියන ඊනියා සමාජවාදීන්ගේ දේශනවලට සවන් දෙනවාට වඩා ඇහුන්කම් දීමට වටී.

දවසක්‌ මට ලොකු මහත්තයා කෝල් කරලා කිව්වා කට්‌ටියක්‌ එනවා. ඒ අයට කෑම හදල හිටවන්න හොඳ වර්ගයේ පැළයකුත් ලෑස්‌ති කරල තියන්න කියල.

කොහොමටත් වත්තට අමුත්තො ඇවිල්ල කාල බීල යනවනෙ. මම කෙසෙල් ගෙඩිත් එක්‌ක ආප්ප ලෑස්‌ති කළා. හිටවන්න මහෝගනී පැළයක්‌, ගෙනල්ල තිබ්බා. කිව්වත් වගේ උදෙන්ම මහත්තයා කීව අමුත්තා ආව. හැබැයි එයත් එක්‌ක භටයේ කීපදෙනකුත් හිටියා. ඒ කාටවත් සිංහල කතා කරන්න බෑ. හැබැයි ඒ නිසා සිංහල කතා කරන පරිවර්තකයකුත් ඇවිත් හිsටියා. ඔහු තමයි දිග සුරුට්‌ටු බිබී හිටිය ඒ අමුත්තට අවශ්‍ය දේ කියාදුන්නෙ. ඒ ඉන්නෙ චේ ගුවේරා කියන විප්ලවවාදී නායකයා කියල මම දැනගත්තෙ ටික වෙලාවක්‌ ගියාට පස්‌සෙ. ඒ මහත්තයා රබර් කට්‌ටි දිගේ ඇවිදල කිරි කපන අයත් එක්‌ක කතා කළා. මහත්තයා යන්න ගියේ මම ලෑස්‌ති කරල තිබුණු මහෝගනී පැලෙත් හිටවලයි. හැබැයි මහත්තයා යන්න කලින් අර දිග සුරුට්‌ටු පෙට්‌ටියකුත් මට තෑගි කළා.

ඔහු "චේ" ගැන පැවැති මතකය අව්‍යාජව වචනවලට පෙරළුවේය. වැලිකන්න ආරච්චිගෙ ඩිංගිරි බණ්‌ඩා වන ඔහු තවත් මොහොතකින් කුමක්‌දොa අමතක වූවෙකු සේ බංගලාවට දිව ගියේය. ඔහු නැවත ආවේ සමරු ඵලකයක්‌ද ඇතිවය. "චේ ගුවේරා" පැමිණි වග දැක්‌වෙන සටහන එම ඵලකයේ කොට තිබිණි.

"මම මේක බංගලාවේ තියන් ඉන්නෙ මොකද කවුරු හරි මේක උස්‌සගෙන ගියොත් කියල. ඔහු නිර්ව්‍යාජව කියාගෙන ගියේය.

ඩිංගිරි බණ්‌ඩා සමාජවාදය ගැඹුරින් හදාරා නැත. චේ හමුවූ බව කියමින් චේට ඇති වටිනාකමින් දිලිසෙන්නට යන්නෙ ද නැත. එහෙත් ඒ විප්ලවීය නායකයා "චේ ගුවේරාට" ඔහුගේ හදවතේ ඇති ඉඩ එම කතාවෙන් සියුම්ව හැඳිනිය හැකිය. අද සමාජවාදය කරපින්නාගෙන තමන්ගෙ ගමන් යන බොහොAදෙනා තුළ නැත්තේද එයමය. මානව සංහතියේ විමුක්‌තිය වෙනුවෙන් එදා චේ ගෙන ගිය අරගලය බොලිවියානු ජනතාව නියම ලෙස වටහා ගත්තේ නම් වයස අවුරුදු 39 වැනි කෙටි කාලයකින් චේ ගේ ජීවිතය අවසන් නොවන්නට ඉඩ තිබිණි. නමුත් අද මෙන්ම ඉතිහාසයේ සිදු වූයේ ඒ සිදු නොවිය යුතු වැරැද්දමය. එහෙත් ඔහු විප්ලවය අත්හළේa නැත.

ආජන්ටිනාවේ ඉපිද නොදන්න මිනිසුන්ගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ගොස්‌ ජීවිතය පුදන්නට "චේ" මනුෂ්‍යත්වයට කොතරම් ආදරණීය විය යුතුද? බොලිවියානු හමුදා අතින් 1967 ඔක්‌තෝබර් 09 වැනිදා චේ මියෑදුනද ඔහු පෙරටත් වඩා හෙට ජීවමාන මිනිසෙකු වන්නේ ඒ නිසාය. හමන සුළඟේද, ගලන දිය පාරේද ගැයෙන රණ ගීයේද, චේ ජීවමාන වන්නේ ඒ නිසාය.

තිස්‌ස ගුණතිලක
ඡායාරූප සහ ඡායාරූප පිටපත් කිරීම
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
චේගුවේරා මිය ගිහින් වසර 52යි අදට.ඔහුව 1967 රතු ඔක්තොම්බරයේ ඝාතනය වුනා.ඔහු තව වසර විස්සක් හිටියා නම් මෙලෙහකට මුලු දකුනු ඇමරිකාව සහ අප්‍රිකාවම සමාජවාදි දේශයන් බවට පත් වීමට ඉඩ තිබුනා.
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
චේගුවේරා නැමති දකුනු ඇමරිකාව අද මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතට පත් වෙලා තියෙනවා. කස්ත්‍රෝ අමාරුවෙන් කියුබාව කුඩු ජාවාරම් කරුවන්ගෙන් මුදාගෙන තියෙනවා. කස්ත්‍රො කියුබාවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් නියමට ගොඩ දාලා තියෙනවා.නමුත් ඔහුට තියෙන සම්බාධක නිසා ආර්ථිකය ගොඩ ගන්න අමාරු වුනා
 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
අපේ පිටුපස නැත්තේ බැනර් එක විතරයි. සියලු දෙනාම මෙතන ඉන්නවා - වරුණ රාජපක්ෂ

2011 ඔක්තෝබර් 09 වෙනි ඉරිදා, 03:20 ප්‍රධාන පුවත


Waruna081011.jpg
තමන් පිටුපසින් 'සමාජවාදී තරුණ සංගමය' නැමැති නාම පුවරුව නැති නමුදු සියලු දෙනා තමන් සමඟ සිටින බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික වරුණ රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08 සෙනසුරාදා) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවති 'චේ' සමරු උළෙලේ ප්‍රධාන ‍දේශනය පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
“මීට පෙර අපි ‘චේ’ සමරුව කළේ ‘සමාජවාදී තරුණ සංගමය’ බැනර් එක යටතේ. තරුණ සංගමය විදියට අපි චේ සමරු පහක් කළා. අද අපේ පිටුපසින් ‘සමාජවාදී තරුණ සංගමය’ කියන නාම පුවරුව නැහැ. නමුත් ඒ වේදිකා හදපු සියලු දෙනා, සංස්කෘතික ප්‍රසංග පවත්වපු සියලු දෙනා, මාධ්‍ය සම්බන්ධීකරණය කළ සියලු දෙනා, සහභාගි වූ සියලු දෙනා අද මෙතන ඉන්නවා. අපේ පිටුපසින් නැත්තේ නාම පුවරුව විතරයි.”
වරුණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“සමහරු අපට විවිධ නම් පට බඳිනවා. කැරලිකාරයන් කියනවා, කුමන්ත්‍රණකාරයින් කියනවා, අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් කරලාලු... ඇත්ත මොකක්ද?
අපි කැරලිකාරයෝද? නැහැ! අපි කැරලිකාරයෝ නොවෙයි. නමුත් අපි සූදානම් අපි ඇතු‍ළේ ඉන්න සාම්ප්‍රදායික මිනිසාට එරෙහිව කැරැල්ලක් ගහන්න. චේ අපට ඉගැන්නුවේ සමාජය වෙනස් කරන්න ඕන නම්, පළමුව තමන් වෙනස් වෙන්න. ඒ අර්ථයෙන් නම් අපි කැරලිකරුවන්.
ඊළඟට කියනවා, අපි කුමන්ත්‍රණකරුවන් කියලා. අපි කුමන්ත්‍රණකරුවන් නොවෙයි. පාර්ලිමේන්තුවාදයට, සංශෝධනවාදයට, ධනපති පන්තියේ මිතුරෙක් වීමට එරෙහිව අරගල කිරීම කුමන්ත්‍රණයක් නම් කුමන්ත්‍රණකරුවන් කියන නම බාර ගන්න අපි කැමතියි. චේ ගෙවාරාටත් සී අයි ඒ ඔත්තුකරුවෙක් කියන චෝදනාව එදා එල්ල කළා. ඒ වගේම රෝහණ සහෝදරයාටත් ඒ චෝදනාවම එල්ල කළා.
අපි පක්ෂයෙන් ඉවත්කළ කල්ලියක් බව කියනවා. දේශපාලන කල්ලියක් කියන්නේ පෞද්ගලික වරප්‍රසාද වෙනුවෙන් කල්ලි හැදීමයි. පැහැදිලි දේශපාලන මතවාදයක් වෙනුවෙන් එක පෙළකට හිට ගැනීම කල්ලි ගැසීමක් නොවෙයි. රෝහණ විජේවීර සහෝදරයා අක්මීමනදී සාකච්ඡාවක් කළා. ඒක කල්ලියක් කියා ඔබ විශ්වාස කරනවාද? අප විශ්වාස කරන්නේ ඒක මතවාදී අරගලයක් කියලා.
අපි පක්ෂයෙන් එලවලා කියලාත් කියනවා. මෙතන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්. ඔබ කවුරු හරි ජවිපෙ සාමාජිකයින් වුණේ මැතිවරණ කොමසාරිස්වරයා ළඟ ‍ෆෝම් පුරවලාද? අපට එහෙම ගිවිසුමක් නැහැ. අපට තිබෙන්නේ අපේ හදවතේ බැඳුණු ගිවිසුමක්. ඒක කටුගානවාද කියන එක තම තමන්ගේ වැඩක්. ඒ නිසා අපිව පක්ෂයෙන් ඉවත් කරන්න බැහැ.
එහෙම නම් අපි කවුද? අපි විප්ලවවාදීන්. විප්ලවයක් කරනවා කිව්වාම සමහරු බය වෙනවා. නෑ! විප්ලවය කියන්නේ සමාජ පරිවර්තනයක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආරම්භ වෙන්නේත් ‘විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනය’ කියලා.
ජනතා විමුක්ති පෙරමුණේ රතු ධජය යට ඉන්න කිසිවකුට ජාතිවාදී වෙන්න බැහැ. ඒ ධජය රතු වෙලා තිබෙන්නේ රෝහණ සහෝදරයාගේ, නිෂ්මි සහෝරයාගේ, රංජිදම් සහෝදරාගේ ඇතුළු විරුවන්ගේ ලේවලින්. ඒ නිසා ඒ ධජය යටතේ ඉන්න කිසිවකුට ජාතිවාදී වෙන්න අවසර නැහැ.
ජනතා විමුක්ති පෙරමු‍ණ ආරම්භයේදීම සතුරන් අපව හැඳින්වූයේ ‘චේ ගුවේරාකාරයෝ’ කියලා. සමහර විට චේ ගෙවාරා කියන්නේ කවුද කියලා නොදන්නා නිසා එහෙම කියන්න ඇති. ඇත්තටම අපට ‘චේ ගුවේරාකාරයෙක්’ වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන.

 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
ගුවේරාකාරයෙකුට ධනපති පන්තියේ කොටස් තමන්ගේ හිතවතුන් ලෙස සලකන්න පුළුවන්ද? ඔවුන් තරහ වෙයි කියලා හිතලා සටන් පාඨ තෝරන්න පුළුවන්ද? චේ ගුවේරාකාරයකුට එහෙම කරන්න බැහැ.
අපි පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව බහුතර ජනතාව දැනුවත් කරන සටන් බිමක් ලෙස යොදා ගත යුතුයි. නමුත් රතු කොඩිය දියවන්නාවේ මඩ වතුරේ ගිල්වන්න චේ ගුවේරාකාරයකුට අයිතියක් නැහැ.
වමටත් දකුණටත් යමින් සිටි අපි නතර වෙන්න තීරණය කළා. මහගම සේකර කිව්වා වගේ නැවතීමමයි අරඹුම. ඒ නිසා අපි වමේ නතර වෙන්න තීරණය කළා. චේ වගේ වෙන්න නම් සමාජවාදියෙක් වෙන්න ඕන.
අපට කියලා තිබුණා අපි රාජාලියාගේ තටුවේ ඉන්න බට්ටිච්චන් කියලා. ඒක ඇහුවාම මට ග්‍රීක කතාවක් මතක් වුණා. රාජාලියා බිත්තර දමන්නේ සියුස් දෙවියන්ගේ ඔඩොක්කුවේ. මේ රාජාලියා ඒ අවට සිටින මැස්සන් ආහාරයට ගන්නවා. මේක නතර කර ගන්න හිතපු මැස්සෙක් ගොම ස්වල්පයක් අරගෙන ගිහින්, සියුස් දෙවියන්ගේ සළුවට දැම්මා. සියුස් දෙවියන් සළුව ගැසුවා. බිත්තර ටික බිම වැටිලා විනාශ වුණා. රාජාලියා පුංචි මැස්සාට පැරදුනා. නමුත් අපට සටන තිබෙන්නේ රාජාලියන් එක්ක ‍නොවෙයි, අපට සටන තිබෙන්නේ ධනපති පන්තියත් එක්ක.
අපි බට්ටිච්චන් බව අපි නිහතමානීව පිළිගන්නවා. නමුත් ඒ එක්කම කියන්න ඕන, අපි එකම රෑනක පියාඹන, එකම අධිෂ්ඨානයෙන් යුතුව පියාඹන මිනිස්සු.”

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ කැළුම් අමරසිංහ මහතා මෙසේ පැවසීය.
චේ ගැන අපි හැමදාම කතා කළා. නමුත් අපට බැරි වුණු දේ තමයි ‘චේ’ ජීවන විලාසිතාවක් කර ගැනීම. චේ පැෂන් එකක් කර ගන්නවාට අපි විරුද්ධ නැහැ. මොකද චේ නියෝජනය කළේ තරුණයින්. නමුත් චේ විලාසිතාවක් වෙන්නේ කොණ්ඩෙන්, රැවුලෙන්, අඳින විදියෙන්, සුරුට්ටුවෙන් නම් ඒක වැරදියි. චේ ජීවන විලාසිතාවක් කර ගත යුතුයි. අපට තිබෙන වගකීම ඒක. ඒක කරන්න අප සූදානම්.
චේට ඉතා දරුණුවට ඇදුම රෝගය තිබුණා. නමුත් ඔහු එය නොසලකා සමාජවාදය වෙනුවෙන් අරගල කළා.
බොහෝ දෙනෙක් එක ජයග්‍රහණයකින් පස්සේ හති වැටෙනවා. එක කන්දක් නැග්ගාට පස්සේ විවේක ගන්න හිතනවා. විඩාව සන්සිදුවා ගන්න හිතනවා. නමුත් චේ එහෙම නැහැ. එක කන්දක් නැගලා රතු කොඩිය අතට අරගෙන අනෙක් කන්ද දිහා බලනවා. ඒක අමාරුවෙන් නගින මිනිසුන්ට උදව් කරන්න එතනට යනවා. ඔවුන්ට උදව් කරනවා.
තමන්ට නියමිත වැඩ කොටස ඉටු කරලා, ඉතිරි වෙන කාලය අනෙක් අයට උදව් කිරීම සඳහා ‍නොමිලේ වැඩ කරන ක්‍රමයක් චේ හඳුන්වා දුන්නා. සාමූහික ශ්‍රමය පිළිබඳ ආදර්ශයන් චේ තමන්ගේ ජීවිතයෙන් ලබා දුන්නා. ධනවාදය හදන්නේ හුදකලා වුණු මිනිස්සු. ඒකට කවුරුවත් තනි තනිව වග කියන්න ඕන නැහැ. ඒක ධනවාදයේ ස්වභාවය. නමුත් අප චේගෙන් ඉගෙන ගත යුත්තේ සාමූහිකව වැඩ කරන ආකාරයයි.
චේ ‍කියන්නේ සුරුවමක් නොවෙයි. නායකයින් සුරුවම් වෙන්න බැහැ. ඔවුන්ගේ හොඳ වගේම අඩුපාඩුත් අප දැකිය යුතුයි. මොකද, අඩුපාඩු දකින කොට තමයි, ඒවා නිවැරදි කර ගෙන ඉදිරියට යන්න අපට පුළුවන් වෙන්නේ. රෝහණ විජේවීර සහෝදරයා කිව්වේ තමන් වගේ මිනිසුන් ‍නොවෙයි, තමන් පසුකර යන මිනිසුන් නිර්මාණය කළ යුතුයි කියලා.”
මෙම සමරු උළෙල සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අතර ශාලාවේ ඉඩකඩ ප්‍රමා‍ණවත් නොවීම හේතුවෙන් විශාල පිරිසක් එළිමහනේද රැඳී සිටිනු දක්නට ලැබිණි. මෙහිදී දේවින්ද කෝදාගොඩ මහතා පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර සංස්කෘතික ප්‍රසංගයකින්ද ‘චේ සමරුව’ අලංකාරවත් විය. (ඡායාරූප බලාපොරොත්තුවන්න)