මමත් පරණ සිංදු විතරයි බං අහන්නෙ.. අලුත් සිංදු වලින් මාසෙකට උපරිම සිංදුවක් හෝ දෙකක් තමයි සෙට් වෙන්නෙ.. ඒත් ඒවා තුන් හතර පාරකට වඩා අහන්නෙ නෑ..
පරණ සිංදු වල පුදුමෙ කියන්නෙ එක දිගට අවුරුදු ගාණක් ඇහුවත් එපා වෙන්නෙ නැති එකනේ..
දැන් තියෙන සිංදු වල මියුසික් එකයි.. පද රචනය පොඩ්ඩක් වෙනස්.. ඒත් සීන් එක එකමයි.. කිසිම තේරුමක් නෑ..
අනික අදකාලෙ උන්ට ඕන ඉලෙක්ට්රෝ මියුසික්.. ඔය වගේ සිංදු පේන්න බෑ ඉතිං.. ඔහොම ක්ලැසික් ලවර් කෙනෙක් හිටියොත් ඌ ගොඩයා කියයි.. ඒකනේ අවුල.. මේකෙත් සමහර උන් මට ඔය කතාව කියලා තියෙනවා..
එන්රික්ගෙ ශෝ එක බලන්න ගියපු උන් වැඩියක්ම ගියේ ඌට තියෙන ආසාවට නෙමෙයි.. ඕක බලන්න ගියාම ඌ පොශ් කියලා ඌට දැනෙන නිසා සහ බුකියෙ දාලා පොර වෙන්න.. ඕක තමා ඇත්ත..