නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

    නුබෙ නම කවියක්ය මා දෙතොලඟ ගැයුනූ
    නුබෙ ඇස කවියක්ය මා ඇස ළඟ රැඳුනූ
    නුබෙ හිත කවියක්ය මා තාලම වැයුනූ
    නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

    හීන හතම නුඹමය නුබෙ සුවඳමය
    පාට උලනකොට හීනේ අහවරය
    පේන නොකිව්වෙමි සකිසඳ සත්තමය
    බාර උනත් අහස පොළොව හුඟ දුරය...

    රූප අඹා නුඹ ගෙතු දිග කතාවෙන්
    දීග නොයා හැර ආවට සමාවෙන්
    මුල මැද එකට උන්නත් අපි හිනාවෙන්
    අග ටික ගෙවන්නේ කොහොමද තනි තනියෙන්...

    තාලම වෙවී හැම කවියක උන්න සකී
    විළිබර හඬින් ඒ වෙණ පද ගැයුව සකී
    හිත් ලං උනත් ලං ලං වී ඉන්න සකී
    නුඹටද මටද කල පිං මදි උනේ සකී...

    නිරුවත් පෙමින් නෙත් දෙපියන් උනාලූ
    තවමත් හීනයෙන් නුඹ මට අත වනාලූ
    අමතක කරන්නෙමි මතකය කියාලූ
    මතකය අමතක නොවන්නේ කිමදෝ යාලූ...


    මේක බොහොම පරණ කවි පෙළක්. ලියුවේ 1999 :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් ලස්සනයි
    මේවගේ හොදට ලියන්න
    සිංහල දැනුමක් තියන අය ඉන්නේ බොහොම අඩුවෙන්

    මන් හිතන්නේ අපේ රටේ ඉන්න බොහොමයක් ගී පද රචකයන්ට වඩා
    ඉහලින් ඉන්නවා දෙව්රන්ගි අක්කා

    ජයේන් ජය
    තව ලියපුවා තියනවා නම්
    පරණ ඒවත් එකක්ම ඔයාගේ ත්‍රෙඩ් එකක් විදියට දාන්න
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ලස්සනයි
    මේවගේ හොදට ලියන්න
    සිංහල දැනුමක් තියන අය ඉන්නේ බොහොම අඩුවෙන්

    මන් හිතන්නේ අපේ රටේ ඉන්න බොහොමයක් ගී පද රචකයන්ට වඩා
    ඉහලින් ඉන්නවා දෙව්රන්ගි අක්කා

    ජයේන් ජය
    තව ලියපුවා තියනවා නම්
    පරණ ඒවත් එකක්ම ඔයාගේ ත්‍රෙඩ් එකක් විදියට දාන්න

    ඔයාගේ ඇගයීමට ගොඩක් ස්තුතියි මල්ලි. මම සිංහල භාෂාව විෂයක් වශයෙන් හදාරපු කෙනෙක් නම් නෙවෙයි. මම ලියද්දී සරල වචන වලින් ගැඹුරු තේරුමක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඔයාල රස විඳිනවා දකින කොට සතුටුයි. ඔයාටත් හොඳට ලියන්න පුළුවන්. තව ටිකක් කපල කොටලා හදන්න තැන් තියනවා. දිගටම ලියන්න.

    පරණ ඒවා ටිකක් තියනවා. හැබැයි ටිකක් එක වගේ. දාන්නම්කො වෙලාවක :)
     
    Last edited: