නුඹ මගේ ජීවිතයම වන නිසා

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
නුඹ මගේ ජීවිතයම වන නිසා

සිහින ගඟ මත
කිමිද බලනෙමි
හැමතැනම
තිබේවිද
නුඹෙන් තොර සිහිනයක්..



හැඟුම් එකිනෙක ගෙන
එකින් එක තෝරා
ඉතා හොඳින් විමසමි
තිබේවිද
නුඹෙන් තොර හැඟුමක්..



හදෙහි හැමතැනම
අභ්‍යන්තර ඉසව් වල පවා
ඇවිද බලනෙමි
තිබේවිද
ගැහෙන තැනක් නුඹ නමින් හැර..



හිතේ සියලුම ඉසව් වල
එකින් එක මග නොහැර
විමසා බලමි
තිබේවිද
ඉඩක් නුඹට වෙන් නොකෙරුණු..



නමුදු නොහැක
සොයාගන්නට

එකම එක සිහිනයක්
එකම එක හැඟුමක්
හද ගැහෙන එක වතාවක්
හිතෙහි එකම ඉසව්වක්

නුඹ නමින් නොවන..


කිම්ද යත්
නුඹ
මගේ ජීවිතයම වන නිසාය..
 
  • Like
Reactions: Rockstar Athelete

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හදෙහි හැමතැනම
    අභ්‍යන්තර ඉසව් වල පවා
    ඇවිද බලනෙමි
    තිබේවිද
    ගැහෙන තැනක් නුඹ නමින් හැර..

    මල්ලියො මෙක අභ්‍යන්තර කියන එකට වඩා "ගැඹුරුම ඉසව් වල පවා" කිවුවා නම් ලස්සන නැද්ද..
    ලස්සනයි මෙහෙමත්..මට නිකම් හිතුන එක කිවුවෙ හොදෙ..
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    හදෙහි හැමතැනම
    අභ්‍යන්තර ඉසව් වල පවා
    ඇවිද බලනෙමි
    තිබේවිද
    ගැහෙන තැනක් නුඹ නමින් හැර..

    මල්ලියො මෙක අභ්‍යන්තර කියන එකට වඩා "ගැඹුරුම ඉසව් වල පවා" කිවුවා නම් ලස්සන නැද්ද..
    ලස්සනයි මෙහෙමත්..මට නිකම් හිතුන එක කිවුවෙ හොදෙ..

    ම්ම් ඒක ඇත්ත අක්කේ මටත් තේරුනේ ඔයා කිව්වම
    :yes::yes:

    :love::love: