නුඹ මගේ ජීවිතයම වන නිසා
සිහින ගඟ මත
කිමිද බලනෙමි
හැමතැනම
තිබේවිද
නුඹෙන් තොර සිහිනයක්..
හැඟුම් එකිනෙක ගෙන
එකින් එක තෝරා
ඉතා හොඳින් විමසමි
තිබේවිද
නුඹෙන් තොර හැඟුමක්..
හදෙහි හැමතැනම
අභ්‍යන්තර ඉසව් වල පවා
ඇවිද බලනෙමි
තිබේවිද
ගැහෙන තැනක් නුඹ නමින් හැර..
හිතේ සියලුම ඉසව් වල
එකින් එක මග නොහැර
විමසා බලමි
තිබේවිද
ඉඩක් නුඹට වෙන් නොකෙරුණු..
නමුදු නොහැක
සොයාගන්නට
එකම එක සිහිනයක්
එකම එක හැඟුමක්
හද ගැහෙන එක වතාවක්
හිතෙහි එකම ඉසව්වක්
නුඹ නමින් නොවන..
කිම්ද යත්
නුඹ
මගේ ජීවිතයම වන නිසාය..
සිහින ගඟ මත
කිමිද බලනෙමි
හැමතැනම
තිබේවිද
නුඹෙන් තොර සිහිනයක්..
හැඟුම් එකිනෙක ගෙන
එකින් එක තෝරා
ඉතා හොඳින් විමසමි
තිබේවිද
නුඹෙන් තොර හැඟුමක්..
හදෙහි හැමතැනම
අභ්‍යන්තර ඉසව් වල පවා
ඇවිද බලනෙමි
තිබේවිද
ගැහෙන තැනක් නුඹ නමින් හැර..
හිතේ සියලුම ඉසව් වල
එකින් එක මග නොහැර
විමසා බලමි
තිබේවිද
ඉඩක් නුඹට වෙන් නොකෙරුණු..
නමුදු නොහැක
සොයාගන්නට
එකම එක සිහිනයක්
එකම එක හැඟුමක්
හද ගැහෙන එක වතාවක්
හිතෙහි එකම ඉසව්වක්
නුඹ නමින් නොවන..
කිම්ද යත්
නුඹ
මගේ ජීවිතයම වන නිසාය..


