නුඹ ලියූ කවි පොතේ
උපුටා ගැනීම dineshumagiliya.blogspot එකෙන්
නුඹ ලියූ කවි පොතේ පෙරලෙන පිටු අතර
මගේ තනිකමට නුඹ ඉතිරි කර ගිය මතක
මගේ හිතට සැනසුමක් ගෙනවා සොයද්දි නුඹව මම
සිහිනයෙන් හැම රෑක මගේ දෙනෙත් අද්දර..
නුඹේ සොදුරු කවි හිත දැනන් හිටියේ නැහැ මම
නුඹ වෙන්ව යන තුරුම මගෙ ලොවින් හැමදාටම
අහම්බෙන් වගේ හමු උන නුඹේ මේ කවි පොත
මගේ කඳුළු පිසිනවා හඩද්දි මම නුඹ නැතිව..
අපි ආ ගිය දොඩමළු වූ තැන්වල
නුඹ දැක්ක ඒ සොදුරු මිහිරියාව
දකින්නට මට අදත් නුඹේ හිතින්
කවි වලට නුඹ අපේ මතකය මුසු කර ගිහින්..
පරිස්සමට අරන් තියා ගත්ත නුඹේ කවි පොතේ පිටු අතර
සමහර පිටු තෙත් වෙලා හඬලම මම නුඹේ කවි වලට
ඒ තරම්ම සොදුරුව නුඹ දැකපු අපේ ආදරය
සිහිනයක්ව බොද උන හැටි තවමත් පිළිගන්නේ නෑ මම..
නුඹ තවම මගේ ලග ඉන්න බව දැනෙනවා
මේ කවි පොතේ පිටු අතර ආදරෙන් මට
හිනැහිලා තවම නුඹ මගේ කඳුළු පිසිනවා රහසේම
ඉස්සර වගේම ලං වෙලා මගේ හිතට..
නුඹට පිං ඉතිරි කරාට අපේ මතකය
මේ කවි කොල වල මට දකින්න
මට සැනසෙන්න පුළුවන් දැන් හැමදාකම
කියවලා නුඹේ කවි හිත තනිකමින් වෙලෙන මොහොතට..