නුඹ හමුවීම ත් පෙමක්

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    -ඉදින් අවසන කුමක් වූවත්
    නුඹව හමුවීමම පෙමක්-

    කුලුදුලේ මා බැන්ද ප්‍රේමය
    රැක්කා සත්තයි හදවතින්
    නොවූවත් නුඹෙ ප්‍රථම ප්‍රේමය
    පෙම් කළේ වැඩියෙන් මෙමන්

    හමුවන්න බැරි වුණත් නිතරම
    ළගින් හිටියා සිතින් මන්
    ගන්න තුරු ඇමතුමක් ඔබ මට
    ඇගිලි ගැන්නා වරු ගණන්

    පැතුවෙ නෑ යස ඉසුරු සම්පත්
    නුඹේ සුබ සෙත යැද්දා මන්
    හිතේ ඇති දුක් තනිව වින්දා
    තනිව හැඩුවා දින ගණන්

    ආදරේ අඩුවක් වුණේ නෑ
    කතා නොකලත් සති ගණන්
    මමයි දන්නේ දරාගත් හැටි
    දන්නෙ නෑ වෙන කවුරුවත්

    නොදැනුනත් මා දුන්න සෙනෙහස
    සැබවින්ම පෙම් කළා මන්
    ඉදින් අවසන කුමක් වූවත්
    නුඹව හමුවීමම පෙමක්
    FB_IMG_1652717448874.jpg

    අයිතිය මුල් රචකයා සතුවේ.
    උපුටා ගැනීම FB
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕක මං හිතන්නේ ප්‍රේමයේ ඉහළම level එකක්.
    ළං කරගන්න ලෝභකමක් නැති ඒකපාර්ශවික ප්‍රේමය...
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕක මං හිතන්නේ ප්‍රේමයේ ඉහළම level එකක්.
    ළං කරගන්න ලෝභකමක් නැති ඒකපාර්ශවික ප්‍රේමය...
    ලොබ කම ඉවර වෙන්නේ අන්තිමට වෛයීරයෙන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113


    ඔය අදහසට ළඟින් යන අදහසක් තියෙන සින්දුවක්. මට නම් මේ ආත්මේදී මෙහෙම හිතන්න බැරිවෙයි