-ඉදින් අවසන කුමක් වූවත්
නුඹව හමුවීමම පෙමක්-
කුලුදුලේ මා බැන්ද ප්‍රේමය
රැක්කා සත්තයි හදවතින්
නොවූවත් නුඹෙ ප්‍රථම ප්‍රේමය
පෙම් කළේ වැඩියෙන් මෙමන්
හමුවන්න බැරි වුණත් නිතරම
ළගින් හිටියා සිතින් මන්
ගන්න තුරු ඇමතුමක් ඔබ මට
ඇගිලි ගැන්නා වරු ගණන්
පැතුවෙ නෑ යස ඉසුරු සම්පත්
නුඹේ සුබ සෙත යැද්දා මන්
හිතේ ඇති දුක් තනිව වින්දා
තනිව හැඩුවා දින ගණන්
ආදරේ අඩුවක් වුණේ නෑ
කතා නොකලත් සති ගණන්
මමයි දන්නේ දරාගත් හැටි
දන්නෙ නෑ වෙන කවුරුවත්
නොදැනුනත් මා දුන්න සෙනෙහස
සැබවින්ම පෙම් කළා මන්
ඉදින් අවසන කුමක් වූවත්
නුඹව හමුවීමම පෙමක්
අයිතිය මුල් රචකයා සතුවේ.
උපුටා ගැනීම FB
නුඹව හමුවීමම පෙමක්-
කුලුදුලේ මා බැන්ද ප්‍රේමය
රැක්කා සත්තයි හදවතින්
නොවූවත් නුඹෙ ප්‍රථම ප්‍රේමය
පෙම් කළේ වැඩියෙන් මෙමන්
හමුවන්න බැරි වුණත් නිතරම
ළගින් හිටියා සිතින් මන්
ගන්න තුරු ඇමතුමක් ඔබ මට
ඇගිලි ගැන්නා වරු ගණන්
පැතුවෙ නෑ යස ඉසුරු සම්පත්
නුඹේ සුබ සෙත යැද්දා මන්
හිතේ ඇති දුක් තනිව වින්දා
තනිව හැඩුවා දින ගණන්
ආදරේ අඩුවක් වුණේ නෑ
කතා නොකලත් සති ගණන්
මමයි දන්නේ දරාගත් හැටි
දන්නෙ නෑ වෙන කවුරුවත්
නොදැනුනත් මා දුන්න සෙනෙහස
සැබවින්ම පෙම් කළා මන්
ඉදින් අවසන කුමක් වූවත්
නුඹව හමුවීමම පෙමක්
අයිතිය මුල් රචකයා සතුවේ.
උපුටා ගැනීම FB