නුවමනා_වූ_මිනිසෙක්_නිසා_ලංකාව_පැරදෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නුවමනා_වූ_මිනිසෙක්_නිසා_ලංකාව_පැරදෙයි

    ලංකාව ආසියානු කුසලානය පැරදුණේ 'නුවමනා වූ' මිනිසෙක් නිසයි
    බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ආසියානු කුසලාන අවසන් මහ තරගය අනිද්දා (06) පැවැත්වීමට නියමිතයි.


    ඉන්දියාව මේ වන විට තමන් සහභාගී වූ තරග හතරම ජයගෙන ඇති අතර බංග්ලාදේශය තරග තුනක් ජයගෙන තිබෙනවා.


    මෙම බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු වන්නේ ලාංකික පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහයි.


    2014 බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාර ගත් ඔහු එම වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 5/0 ක්‌ ලෙස ජය ගත් අතර 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ දී අර්ධ අවසන් වටය දක්‌වා බංග්ලාදේශ කණ්‌ඩායම ගෙන ඒමට සමත් වුණා.


    පසුගියදා ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ දී ලකුණු 23කින් බංග්ලාදේශය ජය ගත් අතර එම තරගයෙන් පසුව හතුරුසිංහ සම්බන්ධයෙන් එරට මාධ්‍ය වඩාත් කතාබහට ලක් කර තිබුණා.



    එහිදී සඳහන් කර තිබුණේ ලංකාවට අවශ්‍ය නොවූ මිනිසෙක් තමන්ට අත්‍යවශ්‍ය වූ බවයි.චන්දික හතුරුසිංහ බංග්ලාදේශයේ වීරයෙක් වන දිනය වැඩි ඈතක නොවන බවද ඔවුන් පෙන්වා දෙනවා.


    - See more at: http://offair.nethfm.com/article/34921#sthash.xWUoEe6R.dpuf
     
    • Like
    Reactions: Sanju malli

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    අපෙ මිනිසුන්ට ...අපේ රටෙ සම්පත් වටිනාකමක් නෑ ඉතිහාසයේ ඉදන් එහෙම යි
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    දැන් මේකේ ඉන්න උන් මේ මනුස්සයට බනිද දන්නේ නෑ දේශද්‍රෝහිය කියල

    අපෙ මිනිසුන්ට ...අපේ රටෙ සම්පත් වටිනාකමක් නෑ ඉතිහාසයේ ඉදන් එහෙම යි

    මේ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම සඳහා ආරාධනා කර සිටියහොත් එය පිළිගන්නේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමේදී වැඩ කිරීම සඳහා වාතාවරණයක්‌ නොමැති නම් කිසි විටෙකවත් එම ආරාධනය පිළිනොගන්නා බව සඳහන් කර සිටියේය. චන්දික හතුරුසිංහ මහතා සමග කරන ලද දීර්ඝ සාකච්ඡාවක්‌ මෙම සති අන්තයේ ඉරිදා දිවයින සංග්‍රහයේ පළවනු ඇත.

    onna okayi ban lankawe aththa. :P