ඉතින් නුවර එලිය කිව්වට නුවර එලියම නෙවෙයි. නුවර එලියටත් එහා. ( සූර පප්පා වයිබ් එකෙන් කියවන්න ).
බයික් එකේ ඉරිදා ගියෙ . ගිය දවස ඉතින් හරි නෑ. මුලු පලාතම වැහි අඳුර.
. ඒත් එක්කම මීදුම. පොටෝ ගහන්නවත් හිතුනෙ නෑ.
ඉස්සෙල්ලාම ගෙදරින් පිටත් උනේ පාන්දර 3 ට..(මම ඉන්නෙ කුරුනෑගලට එහා අනුරාදපුරේ පැත්තට වෙන්න කිලෝ මීටර 40 ක් විතර දුරින් ) 6. 30 වෙද්දී නුවර එලියට ගියා. වැඩිය වාහන තිබුනෙ නෑ. ඒක නිසා ගූගල් මැප් එකේ තියනවට වඩා පැය බාගයක් විතර ඉස්සර උනා. නුවර එලිය කන්න තැනක් නෑ. මුලු ටව්න් එකම වහලා. ඊට පස්සෙ එහෙම්මම අඹේවෙල පැත්තට ගියා. මොන.. පාර පේන්නෙ නෑ මීදුම . හරක්ටත් නිවාඩුද මන්දා. එකෙක් දැක්කෙ නෑ. ඊට පස්සෙ පට්ටිපොල පැත්තට ගියා. යද්දී උදේ වැඩට යන පොලිසියෙ එක්කෙනෙක් අත දැම්ම හෙල්මට් එකකුත් අරන්.. එයාවත් දාගෙන පට්ටිපොල පොලිසියෙන් බස්සලා හෝටන් තැන්නට යන්න පිටත් උනා. යන අතර මග වලි කුකුලෙක් දැක්කා.
ඊට පස්සෙ ගේට්ටුව ගාවින් හයසිය ගානක ටිකට එකක් අරන් හෝටන් තැන්න හරහා එන්න පිටත් උනා..කාර් පාක් එක ලඟට යන කොට එතන වාහන 3 ක් විතර තිබුනෙ.
ඊට පස්සෙ ඇවිදින්න යන අදහස අතඇරියා..
එහෙම්මම ඉස්සරහට ඇවිත් පාක් එකේ අනික්පැත්තෙ ගේට්ටුවෙන් එලියට ආවා. ඊට පස්සෙ ඔහිය, බොරලන්ද, කැප්පෙටිපොල හරහා නුවර එලිය පැත්තෙන් ගෙදර ආවා. එද්දී හවස 2 හමාරයි..පෝන් එකෙන් පොටෝ හැහුවෙ හැබැයි. ග්ලව්ස් දාගෙන බටන් එක ටච් කරද්දී තදින් ටච් කරන්න ඕනෙ නිසා පෝන් එක ගැස්සෙනවා