නුවරඑළිය සති පොළේ උඩරට සහ පහතරට සෑම එළවළ කිලෝවක මිල රුපියල් 450 ඉක්මවා තිබෙනවා.
එළවළු මිල ගණන් මෙලෙස සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීමෙන් වැළකී සිටින බවයි නුවරඑළිය සතිපොළේ වෙළඳුන් පැවසුවේ.
එළවළ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් නුවරඑළිය සති පොළ වෙත පැමිණෙන පාරිභෝගිකයින්ගේ විශාල අඩුවක් පවතින බව ද වෙළඳුන් පවසනවා. ඇතැම් වෙළඳුන් එළවළු විකිණීම අතහැර පළතුරු වෙළඳාමට යොමුව තිබෙනවා.
මේ, නුවරඑළිය සති පොළේ අද පැවැති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ වෙළඳුන් කිහිපදෙනෙක්.
පෑලියගොඩ මැනිං වෙළඳපල වෙත අද දිනයේ එළවළු තොග සීමිත ප්‍රමාණයක් පමණක් ලැබුණු බවයි මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති එච් එම් උපසේන නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ලැබුණු එළවළු තොග බොහොමයක් කල් තබා ගත නොහැකි මට්ටමේ පවතින බවයි නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස සඳහන් කළේ.
Neth