නුවරඑළියේ ට්‍රිප් එකක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නුවරඑළියේ ට්‍රිප් එකක්

    මචන්ලා දවස් 3ක ට්‍රිප් එකක් යනවා නුවර එලියේ ඒ කියන්නේ නයිට් දෙකයි ඉන්නේ. කොළඹ ඉදන් යන්නේ. ඉතින් යන අතරමග සහ එහේ ගිහින් බලන්න තියන ලස්සන තැන් වල විස්තර එහෙම මේකේ දාන්නකෝ. තව යන අනිත් අයටත් ඒ විස්තර වැදගත් වේවි.

    බම්ප් සහ රිප්ලයි ඔක්කොටම 6 ගානේ දෙනවා :yes::love:
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කොළඹ ඉඳල නුවර එළියෙ යනකොට ප්‍රධාන පාරවල් 2ක් තියනවා. එකක් පේරාදෙනිය - ගම්පොල හරහා නුවර එළිය පාර, අනිත් එක අවිස්සාවෙල්ල - හැටන් හරහා නුවර එළිය පාර.

    නුවර (පේරාදෙනිය) පාරෙ යනවා නම් යන ගමන් දළදා මාලිගාවට ගිහින් යන්න පුලුවන්. ඒ පාරෙ ඩෙල්ටා දිය ඇල්ල, හෙල්බොඩ දිය ඇල්ල, දේවතුර ඇල්ල, රම්බොඩ දිය ඇල්ල තියනවා. මේවා ඔක්කොම පොඩි පොඩි දියඇලි.

    හැටන් පාරෙ යනව නම් සෙන්ට් ක්ලෙයාර්ස් & ඩෙවෝන් දිය ඇලි තියනවා

    නුවර එළියෙ වික්ටෝරියා මල් වත්ත, ග්‍රෙගරි වැව, ලවර්ස් ලීප් දිය ඇල්ල බලන්න පුලුවන්.

    නුවර එළිය අවට හක්ගල මල් වත්ත, හෝර්ටන් තැන්න, පිදුරුතලාගල කන්ද වගේ තැන් වලට යන්නත් පුලුවන්.

    නුවර පැත්තෙන් ගිහින් හැටන් පාරෙ වරෙන්. හැටන් පාරෙ එනකොට කිතුල්ගල කැළනි ගඟෙන් නාන්න පුලුවන්.
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කොළඹ ඉඳල නුවර එළියෙ යනකොට ප්‍රධාන පාරවල් 2ක් තියනවා. එකක් නුවර - ගම්පොල හරහා නුවර එළිය පාර, අනිත් එක අවිස්සාවෙල්ල - හැටන් හරහා නුවර එළිය පාර.

    නුවර පාරෙ යනවා නම් යන ගමන් දළදා මාලිගාවට ගිහින් යන්න පුලුවන්. ඒ පාරෙ ඩෙල්ටා දිය ඇල්ල, හෙල්බොඩ දිය ඇල්ල, දේවතුර ඇල්ල, රම්බොඩ දිය ඇල්ල තියනවා. මේවා ඔක්කොම පොඩි පොඩි දියඇලි.

    හැටන් පාරෙ යනව නම් සෙන්ට් ක්ලෙයාර්ස් & ඩෙවෝන් දිය ඇලි තියනවා

    නුවර එළියෙ වික්ටෝරියා මල් වත්ත, ග්‍රෙගරි වැව, ලවර්ස් ලීප් දිය ඇල්ල බලන්න පුලුවන්.

    නුවර එළිය අවට හක්ගල මල් වත්ත, හෝර්ටන් තැන්න, පිදුරුතලාගල කන්ද වගේ තැන් වලට යන්නත් පුලුවන්.

    නුවර පැත්තෙන් ගිහින් හැටන් පාරෙ වරෙන්. හැටන් පාරෙ එනකොට කිතුල්ගල කැළනි ගඟෙන් නාන්න පුලුවන්.
    elama .elama .

    rep++++++++

    me dawas wala nuwara eliyata wahinawada:eek:
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    elama .elama .

    rep++++++++

    me dawas wala nuwara eliyata wahinawada:eek:

    වැස්ස ගැන නම් දන්නෙ නෑ බන්. පොතේ හැටියට නම් ජනවාරි, පෙබරවාරි මාස වල වහින්නෙ නෑ, ජනවාරි පෙබරවාරි උදේට සීතල වැඩියි. මල් තුහින එහෙම ගොඩක් වෙලාවට එන්නෙ මේ මාස දෙකේ තමයි. ඒත් දැන් දේශගුනේ පිස්සු කෙලිනවනෙ, ඒක නිසා කොහොමද දන්නෙ නෑ
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    එකක් නුවර - ගම්පොල හරහා නුවර එළිය පාර,

    මෙහෙම පාරක් නෑ බොල. ගම්පොල හරහා යන පාර වැටෙන්නෙ පේරාදෙනිය හරහා. නුවර හරහා නෙවෙයි. පේරාදෙනිය ඉඳන් නුවරට දුර අඩු උනාට එහෙ තියෙන ට්‍රැ‍ෆික් එකේ හැටියට පැයක් විතර යනව. ඒ නිසා මාලිගාවට යන එක වෙනම ට්‍රිප් එකක යමං. නුවරඑලි යන ගමන් යන්න එපා.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෙහෙම පාරක් නෑ බොල. ගම්පොල හරහා යන පාර වැටෙන්නෙ පේරාදෙනිය හරහා. නුවර හරහා නෙවෙයි. පේරාදෙනිය ඉඳන් නුවරට දුර අඩු උනාට එහෙ තියෙන ට්‍රැ‍ෆික් එකේ හැටියට පැයක් විතර යනව. ඒ නිසා මාලිගාවට යන එක වෙනම ට්‍රිප් එකක යමං. නුවරඑලි යන ගමන් යන්න එපා.

    අහ් ඔව්නෙ, සොරි වෙන්න ඕනෙ, අපි එක පාරක් යනකොට මාලිගාවට ගිහින් ගියා, නිවාඩු දවසක පාන්දර නිසා ට්‍රැෆික් තිබුනෙ නෑ :D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නුවර එළිය අවට බලන්න තැන් කිහිපයක්:
    Galway's Land National Park
    සඳ තැන්න
    කන්දෙ ඇල ජලාශය
    අඹේවෙල ෆාම් එක
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මෙහෙම පාරක් නෑ බොල. ගම්පොල හරහා යන පාර වැටෙන්නෙ පේරාදෙනිය හරහා. නුවර හරහා නෙවෙයි. පේරාදෙනිය ඉඳන් නුවරට දුර අඩු උනාට එහෙ තියෙන ට්‍රැ‍ෆික් එකේ හැටියට පැයක් විතර යනව. ඒ නිසා මාලිගාවට යන එක වෙනම ට්‍රිප් එකක යමං. නුවරඑලි යන ගමන් යන්න එපා.

    mchn ....

    oya places gana guide ekak tyna

    site ekak,pdf ehema nadda