කොළඹ ඉඳල නුවර එළියෙ යනකොට ප්‍රධාන පාරවල් 2ක් තියනවා. එකක් නුවර - ගම්පොල හරහා නුවර එළිය පාර, අනිත් එක අවිස්සාවෙල්ල - හැටන් හරහා නුවර එළිය පාර.
නුවර පාරෙ යනවා නම් යන ගමන් දළදා මාලිගාවට ගිහින් යන්න පුලුවන්. ඒ පාරෙ ඩෙල්ටා දිය ඇල්ල, හෙල්බොඩ දිය ඇල්ල, දේවතුර ඇල්ල, රම්බොඩ දිය ඇල්ල තියනවා. මේවා ඔක්කොම පොඩි පොඩි දියඇලි.
හැටන් පාරෙ යනව නම් සෙන්ට් ක්ලෙයාර්ස් & ඩෙවෝන් දිය ඇලි තියනවා
නුවර එළියෙ වික්ටෝරියා මල් වත්ත, ග්‍රෙගරි වැව, ලවර්ස් ලීප් දිය ඇල්ල බලන්න පුලුවන්.
නුවර එළිය අවට හක්ගල මල් වත්ත, හෝර්ටන් තැන්න, පිදුරුතලාගල කන්ද වගේ තැන් වලට යන්නත් පුලුවන්.
නුවර පැත්තෙන් ගිහින් හැටන් පාරෙ වරෙන්. හැටන් පාරෙ එනකොට කිතුල්ගල කැළනි ගඟෙන් නාන්න පුලුවන්.
elama .elama .
rep++++++++
me dawas wala nuwara eliyata wahinawada
එකක් නුවර - ගම්පොල හරහා නුවර එළිය පාර,
මෙහෙම පාරක් නෑ බොල. ගම්පොල හරහා යන පාර වැටෙන්නෙ පේරාදෙනිය හරහා. නුවර හරහා නෙවෙයි. පේරාදෙනිය ඉඳන් නුවරට දුර අඩු උනාට එහෙ තියෙන ට්‍රැෆික් එකේ හැටියට පැයක් විතර යනව. ඒ නිසා මාලිගාවට යන එක වෙනම ට්‍රිප් එකක යමං. නුවරඑලි යන ගමන් යන්න එපා.

නුවර එළිය අවට බලන්න තැන් කිහිපයක්:
Galway's Land National Park
සඳ තැන්න
කන්දෙ ඇල ජලාශය
අඹේවෙල ෆාම් එක