නුවරඑළියේ ට්‍රිප් එකක්

podichuti

Junior member
  • May 14, 2017
    78
    7
    8
    Supun.:22662737 said:
    නුවරඑළියේ හෝර්ටන් තැන්නේ ගියාට කවුරුත් වැඩිය නොදන්න නොයන තැනක් තමා කිරිගල්පොත්ත කන්ද. හෝර්ටන් entrance එකෙන් දකුණු පැත්තට තියෙන පාරේ යන්න ඕන. පට්ටම ලස්සනයි.

    කන්ද මුදුනට යන්න 7km ඇවිදින්න ඕනෙ, ගිහින් එන්න 14km, නියම හයික් එකක්, වැස්ස, මීදුම නැති දවසක යන්න නියමයි කිරිගල්පොත්ත

    තොටුපල කන්දත් තියෙන්නෙ හෝර්ටන් තැන්නෙමයි. ඒකත් නගින්න පුලුවන්. රාවණා දඬුමොනර බෑවා කියන්නෙ ඒකටලු ඉස්සර. හැබැයි උඩටම ගියාම වටේ ලස්සනට පේන්නෙ නෑ. බාගයක් කන්ද නගිනකොට නම් අඹේවෙල පැත්තෙ wind mills & අනිත් පැත්තෙන් හෝටන් තැන්න ලස්සනට පේනවා.

    danne nathi ayata thwa deyak add kranaam.

    lankawe usama piduruthalagala
    2-- kirigalpotta
    3-- thotupola kanda
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43

    පිදුරුතලාගල කන්ද නගින්න පුලුවන්ද බන්. ගෙදර මිනිස්සුත් එක්ක යන්නේ.
    [FONT=&quot]අපි එ‍හෙන් වෑන් එකක් අරන් ගියෙ‍් ඒකේ අ‍යියා උඩට වහනේ ගන්න පුළුවන් කියලා කිව්වා මචන්[/FONT]
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    [FONT=&quot]අපි එ‍හෙන් වෑන් එකක් අරන් ගියෙ‍් ඒකේ අ‍යියා උඩට වහනේ ගන්න පුළුවන් කියලා කිව්වා මචන්[/FONT]

    ඒ කියන්නේ පයින් යන්න දෙයක් නැද්ද? වාහනෙන්ම උඩටම යන්න පුලුවන්ද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,102
    3,944
    113
    gampola haraha yanawa nam ambuluwawa yanna puluwan. udatama wahane yannath puluwan. gampola indala 10 - 12 mins yayi.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    gampola haraha yanawa nam ambuluwawa yanna puluwan. udatama wahane yannath puluwan. gampola indala 10 - 12 mins yayi.

    අම්බුළුවාවට විනාඩි 10-12න් නම් යන්න බෑ. ඒක සීඝ්‍ර බෑවුමක් තියෙන කන්දක්. ඕකෙ රවුමට රවුමට යද්දි විනාඩි 20-25 ක් විතර යනව. වාහනේ ශුවර් වෙන්නත් ඕනෙ. නුවර එලියෙ බලන්න තැන් නැතුවද අම්බුළුවාවයි, දළදා මාලිගාවෙයි යන්නෙ? දවස් 4ක් 5ක් උනත් කරන්න, බලන්න දේවල් තියෙනව නුවර එලියෙ.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කන්ද මුදුනට යන්න 7km ඇවිදින්න ඕනෙ, ගිහින් එන්න 14km, නියම හයික් එකක්, වැස්ස, මීදුම නැති දවසක යන්න නියමයි කිරිගල්පොත්ත

    තොටුපල කන්දත් තියෙන්නෙ හෝර්ටන් තැන්නෙමයි. ඒකත් නගින්න පුලුවන්. රාවණා දඬුමොනර බෑවා කියන්නෙ ඒකටලු ඉස්සර. හැබැයි උඩටම ගියාම වටේ ලස්සනට පේන්නෙ නෑ. බාගයක් කන්ද නගිනකොට නම් අඹේවෙල පැත්තෙ wind mills & අනිත් පැත්තෙන් හෝටන් තැන්න ලස්සනට පේනවා.

    ow hike ekata dawasama yanawa
    api ude 9ta withara giye enakota 4 pahu una... patta adventure eka :love:
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    හෝටන් තැන්නට නුවර එලියේ ඉදන් ගොඩක් දුරයි නේද? ඔය දාලා තියන ඒවයි හැමදාම වගේ ගියාම යන නිසා දැන් එපා වෙලා තියෙන්නේ. අලුත් මොනවාහරි තැනක් තියනවද කියලයි බැලුවේ.

    මචන් හෝර්ටන් තැන්න යමන්. ඔය දවස් තුනක් යන ගමනේ වැඩක් නැහැ නැත්නම්. නවතින්නේ කොහෙද? හෝර්ටන් තැන්න යනවනම් පට්ටිපොළ කිට්ටුවට වෙන්න නවතින්න.

    අපිත් ඔය වගේ ගමනක් ගියා. මම ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. අපි ගියේ දවස් දෙකක්. කොළඹින් පිටත් උනේ උදේ 5 ට විතර. ගියේ හැටන්, ගිනිගත්හේන හරහා. අතරමගදී Devon, St. Clairs කියන දිය ඇලි දෙකත් බැලුවා. කොහොම හරි උදේ 10 වගේ වෙනකොට අපි නුවර එලියට ගියා. Gregory park එකේ ටික වෙලාවක් ඉඳලා හක්ගල garden එකට ගියා. ඇතුලෙම දවල් කෑමත් ගත්තා. ඊට පස්සේ ගියේ අඹේවෙල farm එකට. පස්සේ අපේ නවාතැන උනේ පට්ටිපොල place එකක්. නිදහසේ ඉන්න පුළුවන් තැනක්. අනික එතන ඉඳල හෝර්ටන් තැන්නට සැහෙන ලඟයි. අපි දහතුන් දෙනෙක් ගියා. අවුලක් නැතුව shape එකේ මේ place එකේ night එක ගැහුවා. (hot water, gas, gas cooker වගේ හැම දෙයක්ම මෙතන free දෙනවා. night එකකට රු.6000.00 වගේ තමා වෙන්නේ.)

    නවාතැන ගැන විස්තර මේ link එකෙන්.
    http://www.sarisara.com/rest/rest_houses/Wasana_rest.php

    පහුවදා උදෙන්ම අපි හෝර්ටන් තැන්න බලන්න පිටත් උනා. උදේ අට වීතර වෙද්දී අපි එතනට ගියා. කොහොම හරි හෝර්ටන් තැන්න ඇවිදලා එනකොට දවල් උනා. අපි එනකොට ආවේ හපුතලේ, බලන්ගොඩ, පැල්මඩුල්ල, රත්නපුර හරහා. හපුතලේ ඉඳන් ටික දුරක් එනකොට තියෙනවා කළුපහන හන්දිය. එතනින් හැරිලා යන්න පුළුවන් බඹර කන්ද දිය ඇල්ල බලන්න. මම හිතන්නේ බලන්න යන්න ඕනෙම තැනක් තමයි ඒ. ඒක තමා අපි අන්තිමටම බැලුවේ. ඔය විදිහට තමා අපේ trip එක.