නුවරඑළිය

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    Trip advise oni.
    Badulla bandarawela nuwara eliya


    නුවර එළියට කොළඹ ඉදන් කෙලින් ම ට්‍රේන් එකේ එන්න පුළුවන් ද?

    නුවර එලියෙ බලන්න පුළුවන් ලස්සන තැන් මොනවද?
    දැනට හිතාගෙන ඉන්නෙ අඹේවෙල තමයි. ඒකට යන්න කලින් කියල අවසර අරන් එක එක මගුල් කරන්න ඕන ද?
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    කාලේකට කලින් නම් කොළඹ ඉඳලා නුවරඑලියට කෝච්චිය තිබුණා.
    දැන් කොහොමද දන්නේ නෑ.
    කොටුවෙන් නැගලා නුවර එලියෙන් බහින්න පුළුවන් .
     
    • Like
    Reactions: ndod1

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    කෝච්චියෙන් කෙලින්ම නුවරඑළියේ යන්න බෑ... නානුඔයෙන් බැහැල බස් එකේ යන්න ඕනි, කිලෝමීටර් 20ක් වගේ ඇත්තේ..

    අබේවෙලටනම් කෝච්චියේ ගීයකි... යනවනම් හරියට ප්ලැන් කරලා යන්න...
     
    • Like
    Reactions: ndod1

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    නානුඔය ස්ටේෂන් එකෙන් බහින්න ඕනි. එතන ඉදලා බස් තියෙනවා නුවරඑලියට. නානුඔය ස්ටේෂන් එකට කෝච්චි එන වෙලාවට බසුත් දාලා තියෙන්නේ. ඒ නිසා කෝච්චියෙන් බැහැපු ගමන් එලියට ඇවිත් ඉක්මනට බස් එකේ නගින්න. නැත්තම් ආයේ බස් අඩුයි.

    අඹේවෙල ෆාම් එක බලන්න පුළුවන්. අවසර ගන්න ඕනි නැහැ. හැබැයි ඊට වැඩිය නිව්සීලන්ඩ් ෆාම් එක බලන්න. ඒක තමයි හයිලන්ඩ් එකටත් වඩා හොදට ඔපරේට් වෙන්නේ. අපි අර්තාපල් බීජ ගන්නෙත් නිව්සීලන්ඩ් ෆාම් එකෙන්. ඒ වෙලේට ගිහින් ටිකට් අරං බලන්න පුළුවන්.

    හයිලන්ඩ් එකේ නං ලොකු මැෂින් තියෙනවා. යහපාලන කාලේ ලොකු සිස්ටම් එකක් හදල දුන්නනේ. හැබැයි තාම ඒවා හරියට ඔපරේට් වෙන්නේ නැහැ. කිරි අඩු නිසා පරණ සිස්ටම් එකත් සමහර දවස් වල වැඩ නැහැ.

    ආයේ බෝම්බුරුඇල්ල කියලා දිය ඇල්ලක් තියෙනවා හග්ගල පහල. ඒක ලස්සනයි. හැබැයි පැය කීපයක් යනවා ගිහිං එන්න. පයින් යන්න ඕනි කිලෝමීටර් දෙකක් විතර ඇතුලට.

    වෙන ඉතින් හග්ගල, නුවරඑලිය මලවත්ත, රේස් කොර්ස් එක. රේස් යනවා නං රේස් කොලයක් දම්මහැකි.
    කන්ටැක් එකක් තියෙනවා නං ජනපති මන්දිරය.

    ආයේ සති අන්ත දවස් වලට හෙලිකොප්ටර් ටුවර්. ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි.

    කලින් අවසර අරගෙන පිදුරුතලාගල රේඩාර්, රුපවාහිනී ටවර් එක.

    දවස් තුන හතරක් ඉන්න වෙයි ඔය ටික බලන්න.

    --

    බණ්ඩාරවෙල නන හපුතලේ ඇඩිසම් බංගලාව. එකෙත් කන්ටැක් තියෙනවා නං ඇතුලේ දේවධර්ම පුහුණු පාසල.
    ඇල්ල, අහස්නමයේ බෝක්කුව.බණ්ඩාරවෙල හොටෙල් එකේ කෑම.

    රාවනා ගුහාව(මේක තියෙන්නේ ඇල්ල හරියේ කන්ද උඩ. ගුහාව ඇතුලටම යන්න පුළුවන්. පරිස්සමෙන් යන්න ඕනි තැනක්. පින්තුර එහෙම අරගෙන ගෙදර ඇවිත් බලද්දී ඒ වෙලේ එතන තිබුනේ නැති ඒවත් ෆොටෝස් වල තියෙනවා. ), දොව පන්සලේ ගුහාව.

    බදුල්ලේ ලී පාලම. දුන්හිද.

    ඔය ඔක්කොම එක ට්‍රිප් එකකින් කවර් කරන්න අමාරුයි. මහන්සිය විතරයි.

    නුවරඑළියේ යනවා නං මේ දවස් වල සෙනග වැඩි. පාසල් නිවාඩු හින්දා. දෙසැම්බර් කොහොමත් සෙනග වැඩි. ආයේ අප්‍රේල්. ඔය මාස වල දේශගුණය හොදයි. හැබැයි සෙනග තමා ප්‍රශ්නේ.
     
    Last edited:
    • Love
    Reactions: ndod1