නුවරින් ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරගන්න විදිහ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    නුවරින් ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරගන්න විදිහ... මේක කරගන්න විදිහ අහල දාපු මේ ත්‍රෙඩ් එකට ආපු කමෙන්ට් වලට ස්තුතියි වෙන්න පැයක් යනකොට මෙඩිකල් එකත් අරන් ලයිසන් එක අලුත් කරගන්න වැඩෙත් කරගත්ත..

    1. ඉස්සෙල්ලම 225 කෝල් කරලා නුවර එකෙන් මෙඩිකල් එකක් ගන්න වෙලාවක් දාගන්න.. (රුපියල් 800+ ගානක් කැපෙනවා)

    2. ඒ කියපු වෙලාවට එකට YMBA යන්න.. ඔන්ලයින් නම්බර් දාපු අයට කතා කරනවා...ඒ දෙන නම්බර් එක අරගෙන ඇතුලට යන්න.

    3. බර කිරල , ඇතුලේ කවුන්ටරේට දානවා, එකෙන් ෆොටෝ එකක් එහෙම අරන් කැෂියර් ගාවට යන්න ඕනි
    4. සල්ලි ගෙවන්න ඕනි නෑ, එතනින් දෙනවා කොලයක්, එක අරන් එතනම කවුන්ටර් එකේ ඩොක්ටර් ගාවට ගිහින් ලේ අරගෙන උඩ තට්ටුවට යවනවා.
    5. එකෙන් ඒ කොලේ අරගෙන ඩොක්ටර් කෙනෙක් ගාවට දානවා.. පොඩි එක්ෂසයිස් වගයක් කරලා, ඇස් බලල එලියට යන්න කියනවා..

    6. විනාඩි 10ක් වගේ යනකොට මෙඩිකල් එක එලියට ගෙනත් දෙනවා.

    7. 0812117116 මේ නම්බර් එකට කෝල් කරලා කච්චේරියේ නම්බර් එකක් බුක් කරගන්න ඕනි.

    8. කච්චේරියට ගියාම පලවෙනි තට්ටුවේ තියෙනවා ඔෆිස් එක.. දොර ගාව ඉන්න සිකුරිටිට ෆෝන් එකට එන නම්බර් එක පෙන්නපුවම කවුන්ටරේකට දානවා... එකෙන් දෙන කොලේ අරන් යට තට්ටුවේ ලංකා බැංකුවට සල්ලි ගෙවල අයම එතන 1නි කවුන්ටර් එකට යන්න ඕනි

    9. එකෙත් ෆොටෝ අරන්, ඇගිලි සලකුණු අරගෙන එහා පැත්තට දානවා..එකෙත් ටිකක් බලල අන්තිමට 3නි කවුන්ටර් එකට දානවා.

    10. එකෙන් ටෙම්පරි කොලේ සහතික කරලා දෙනවා.

    කාටවත් සල්ලි දෙන්න කෙස් නෑ, ගිහින් කරගෙන එන්න තියෙන්නේ.
    මේක දැම්මේ නුවරින් කවුරු හරි වැඩේ කරගන්නවානම් වැඩේ ලේසි කරගන්න..