අලුත් කිව්වට ඕක අවුරුදු තුනකට සැරයක් වගෙ කරනවා. ගැටබේ වටරවුම ඉදලා නුවරට යන ටික ගොඩාක් අසාර්ථකයි. අනික් පැති දන්නෙ නෑ. කව්දාවත් නැතිවිදිහට ඉරිදාත් පාරවල් බ්ලොක්. කිසිම කලින් දැනුම් දීමක්කලේ නැති නිසා තවත් අවුල්.
පේරාදෙණිය පාරේ අතුරු පාරවල් 3යි තියෙන්නේ. 4km වලට පාරවල් 3යි. ඒ තුනෙනුත් හීරැස්සගල හන්දිය ඇරුනම සුදුහුම්පොල එකයි, හොස්පිටල් එක ලග එකයි දෙකේම වාහන දෙකක් මාරු වෙන්න අමාරුයි. ඒකෙන් වෙන්නෙ තවත් බ්ලොක් වෙන එක. අනික ඒ දෙකම ලග ලග තියෙන්නේ. හීරැස්සගල හන්දියේ ඉදලා සුදුහුම්පොල පාර ලගට 1km තියෙනවා. හීරැස්සගල හන්දිය මිස් උනොත් සෑහෙන දුරක් ගිහින් ආයෙත් බ්ලොක් එකේ එන්න ඕනෙ. පාරවල් තුනේම රේල් පාරවල් අහුවෙනවා. අලුත් පාරෙ ඉදලා රේල්පාර උඩින් තියෙන්නෙ උසාවිය ගාව පාලම විතරයි. ඒක ටිකක් හරිලග විශන් ඉන්ටනැශනල් ස්කූල් එකට විතරයි. අලුත් පාරෙ ඉදලා ලමයි එන්න ඕනේ රේල් පාර හරහා.
මමනම් දකින ලොකුම අවුල අතුරුපාරවල් නැති එක. තියෙන්නේ හරිහමන් එක පාරක් විතරයි. ඒවත් රේල් පාර හරහා. අනික් එක ස්කෝල වල ලමයිගේ ආරක්ශාව ගැනත් මීට වඩා මොනවහරි කරන්න වෙනවා. ගොඩක් හවස් වෙලා සීතාදේවි එකේ, හයිස්කූල් එකේ ගෑනු ලමයෙක් පොඩි පාරවල් වලින් අලුත් පාරට එන එකෙත් එච්චර හොදක් දකින්න නෑ. ඒවා පොඩි පාරවල්, වැඩිය මිනිස්සුත් නෑ හවස් වෙද්දී.
Machan oya kotapu tika owa Karawana oya harakunta notherena 1 nam pudumai ban. Well explanation....



