නුවර එවුන්ගෙ හැටි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කාලෙකට උඩදි වලියක් සෙට් වුණා. එතෙන්දි තමයි මේ කේස් එක වුණේ ..

    NGO කාරයෝ සෙට් එකක් la kandyan එකට බැහැලා හිටියා

    මුන්ගෙ ප්ලෑන් එක වුණේ බෞද්ධ වේශයෙන් බෞද්ධයො අතරට රිංගලා බෞද්ධ විශ්වාසය පළුදු කරන්න පුළුවන් ක්‍රම ගැන brain storm කෙරිල්ලයි.

    හෝටලෙන් කාලා ඉවර වෙලා , ලොක්කො වගේ වෙන pot එකකට ඇවිල්ලා product launch style එකට වැඩේ කරන්නයි තිබ්බේ.

    අපිට තිබ්බෙ ඕක මැද්දට පැනල වලි ඇදල බය කරල මුංගෙ වැඩේ බකල් කරන්නයි.

    අපිත් මෙහෙන් ඩොල්ෆින් වෑන් එකක් පිරෙන්න සෙනඟ පුරවගෙන (6 දෙනයි යකූ ... ඩැයිවර් ඇරෙන්න)

    නුවරින් 10ක් 15ක් බහිනවා කිව්ව.

    ඉතිං අපි නුවර ටවුමෙ පන්සලක නැවතුණා. සුපිරියට කන්න බොන්න හම්බ වුණා.

    ඉතිං පහුවදා දත කට මැදගෙන ඇති පදං කාලා බීලා වලියට බහින්න ආපු ඩොල්ෆින් එකෙන්ම ගියා.

    නුවර එවුන් 10ක් 15ක් එනවයි කිව්වනේ.

    ඔන්න එනව හැරමිටියෙන් යන සයිස් 3 දෙනෙක්. තව කොහු මිටවල් වගේ 4 දෙනෙක්.

    ඔක්කොම 7 යි. මුන් එක්ක කොහොමද බං වලි ගහන්නේ ...

    ඕන බම්බුවක් වෙච්චි දෙන් , මරාගෙන හරි මැරෙනවා කියල හිතාගෙන අපි 6 දෙනා (හයේ කණ්ඩායමක් හරිය) පැන්න මැද්දට.

    25 ක විතර සෙට් එකක් බර කඩ්ඩෙන් ඇතුලෙ කයිය ..

    අපේ team leader ඉස්සරහට පැනල ඇහුවා " තමුසෙලාට ඕවා කරන්න ලයිසොන් දුන්නෙ මොකාද" කියල ...

    සුද්දෙක් හිටියෙ, උගෙ මූණ රතු වුණා ..

    අපේ team එකේ දෙවැනියා එතන ඉන්න චිංගල බහුජ්ජ එකෙක්ව අල්ලගත්ත. උගෙන් හරස් ප්‍රශ්න අහනව එක දිගට. ඌ ගොත ගහනවා.

    මට සෙට් වුණේ ප්‍රොපෙක්ව (professor).

    ඌ මට කියපි .. මේ ලං වෙන්න එපා හරිද ...

    මම ... මට පුළුවන් තමුසෙගෙ කණ් දෙකයි නහයයි ගාවට එනකල් එන්න.

    කොහොම හරි, අතින් පයින් ගුටි කෙලි නෙවෙයි, කෙලින්ම කටින් තමයි වලිය යන්නේ ...

    ගැහුවොත් පොලීසියෙන් අල්ලගෙන යනව නේ. ඒ නිසා ඒවා බෑ.

    දැන් මේ සද්දෙ මොකක්ද කියල බලන්න , ඒ හරියෙ පාරෙ යන අය වාහන නවත්තලා එනවා .. බස් වල අය බැහැලා එනවා.. 100 ක් විතර වටවෙලා..

    එතකොට අර නුවර එවුන් 7 දෙනා .... උන් පේන්නවත් නෑ.

    කොහොම හරි වලිය ඇදිලා අර මීටිමට ආපු එවුන් ටික බස ගාලා විසිරිලා ගියා ආපු වාහන වලින් ..

    වට වෙච්චි අයත් ගියා. අපි 6 දෙනා ඉතුරු වුණා.

    ඔන්න එතකොට අරුන් 7 දෙනා දාඩිය පිහ පිහ කහ කහ එනවා ...

    අපේ කටවල් වලට වක්කඩ වගේ පදවැල් ගලාගෙන එනවා. අපේ නායකය ඇඟිල්ලෙන් කට වහල සංඥා කළා කට හොල්ලන්න එපා කියලා ...

    අරුන්ගෙ එකෙක් කියනවා "අපි අරහෙට (පස්සට වෙන්න ඇති) වෙලා බලන් උන්නා" කියලා ....

    අපිට නේද ... දත් ඇඳි කුඩු වෙන්න මිටි කන්න හිතෙනවා ...

    මොනව කරන්නද ...

    නුවර එවුන් එක්ක set වෙලා වලි දාන්න ගියාම වෙන සන්තෑසිය ඔහොමයි.

    ඒ වුණාට මේ ගේම වරද්දගන්නෙ නැතුව ගහල ආපිට එද්දි ඇ‍ඟට හිතට දැනිච්ච ආතල් එක නම් සල්ලි වලට ගන්න වෙන තැනක් නෑ ....

    (වරෙන් වරෙන් .. නුවර එවුන් රෙදි උස්සන් 😝)

    God works in mysterious ways