වහල්ලු දන්න රනිල්
රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයාව සිටි කාලයේ දී සැගවුනු තරුණ කුසලතා ඔපවත් කිරීම සදහා මහරගම තරුණ මධ්‍යස්ථානයත් බෙල්වුඩ් සෞන්දර්ය ගම්මානයත් ඇති කිරීම.
විද්‍යාපීඨ මගින් ගුරුවරුන් පුහුනු කිරීම
අන්තර්ජාලය මෙරටට හඳුන්වා දීම
කොග්ගල වෙළද කලාපයත් හොරණ, වතුපිටිවල, මීරිගම, පොල්ගහවෙල, අවිස්සාවේල්ල ආදී ස්ථානවල කර්මාන්තපුරයන් ආරම්භකිරීම.
ජාතික පාසල් ක්‍රීඩා ආරම්භ කිරීම. (රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන යෞවන කටයුතු හා මිනිස් බල අමාත්‍යවරයාව සිටි කාලයේදී )
පාසල් උදෙසා ලෝකයේ නූතන ක්‍රම උපායන්ට අනුව පරිගණක සහ රූපවාහිනී තාක්ෂණය හදුන්වාදීම.
මහරගම ජාතික අධ්‍යාපන පීඨය ද අධ්‍යාපන පරිපාලන සේවය ද අධ්‍යාපන විද්‍යාපීඨ ද හදුන්වා දෙමින් අධ්‍යාපන ක්ෂේත්රයේ නිම්වලලු පුළුල් කිරීම.
ඉතිහාසයේ පළමු වතාවට ඍණ අගයක් ගත් ආර්ථිකය නැවත නගා සිටුවීම. ( දෙවසරක් තුල ආර්ථික වර්ධන වේගය 5.6% දක්වා ඉහළ නැංවීම )
රාජ්‍ය ආයතනවල වියදම් සීමාකිරීම හා දැඩි මූල්‍ය විනයක් පවත්වා ගැනීම.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක මිල අඩුකිරීම හා සෙසු භාණ්ඩවල මිල පාලනය කිරීම.
පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඇතිකිරීම.
සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් යුද්ධය නතර කිරීම. ( මෙම සාම ගිවිසුම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකඩ විය. මෙම කාල සීමාව තුල එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවාහ දිවියට එලඹීමත් යුධ මානසිකත්වයෙන් මිදීමත්, ලෝකය ඔවුන්ට විවෘත වීමත් එල්.ටී.ටී.ඊ. සංවිධානය කඩා වැටීමට හේතු වූ බව එහි නායකයින් පසුව පවසා තිබුණි. )
උතුර දකුණ යා කෙරෙන ඒ-9 මාර්ගය විවෘත කිරීම.
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවීම.
ශ්‍රී ලංකාවම ආවරණයවන යෝධ සංවර්ධන ව්‍යාපෘති 64 ක් තුලින් වේගවත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් සකස්කර ආධාර ද සොයා ගැනීම.
ග්‍රාමීය තාරුණ්‍ය ශක්තිමත් කිරීම සදහා යොවුන් සේනාංකය ඇති කිරීම.
සමුද්‍රා ප්‍රහාරක යාත්‍රාව ඇමරිකාවෙන් ලංකාවේ නාවුක හමුදාවට ලබාගැනීමට කටයුතු කිරීම
ජාතික යොවුන් පෙරමුණ පක්ෂය තුල ස්ථාපිත කර යොවුන් කදවුරු තුලින් තරුණ හැකියාවන් සහ තරුණ ගැටළු හදුනාගැනීමට කටයුතු කිරීම.
රටේ ඇතුලේ යුධ අපරාද සම්බන්දයෙන් විදේශ රටවල් වලට පරීක්ෂණ කිරීමට එවකට තිබුණු රෝම ගිවිසුමට අත්සන් නොකිරීම...
ඔන්න රනිල්ගේ වැඩ.
බයියෝ ජබොක්...!!




පස්සට මිසක් ඉස්සරහට ගිහින් නැහැ .