නුවර වැව් පතුලේ මැටි රටාවක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    පැරනි වාරි තාක්ෂණයට අනුව රළ වැදී බිදෙන වැව් බැම්ම ආරක්ෂා කිරීමට එම රළ වල සැර බාල කිරීමට සිංහල උළු යොදා ගෙන තිබේ.අපට පේන රළට යටින් එන රළක් මගින් තරංග මගින් කැපූ දඹය නම් භෞමීය රූපය නිර්මාණය කිරීම මගින් වැව් බැම්ම ඛාදනයට ලක්වීම වැළැක්වීම මෙහි අරමුණයි.

    නියම පැහැදිලි කිරීමක්. මටත් හිතෙන්නේ ඒවා දෙයක් කියල. හොද පුර විද්‍යා ගවේෂණයකට හෝඩුවාවක්.

    කිබුල දත් විතරක් නෙවි වෙන දේවලුත් දන්නවා වගේ;).
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි?



    අතීතයේදී පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ.
    මෙම කොටසේ මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති අන්දම දක්නට ඇත.
    මීටර් හතළිහක පමණ ප‍්‍රදේශයක් පුරාවට මෙම රටා දැකිය හැකි අතර නුවර වැවේ නවීකරණ කටයුතු සඳහා පැමිණි බර වාහන යන්ත‍්‍ර සූත‍්‍ර මේ මතින් ගමන් කිරීම නිසා මැටි සහිත කොටස් විශාල ප‍්‍රමාණයක් කැඞී බිදී ප‍්‍රදේශය පුරා විසිරී පවතී.
    තවමත් ජලය පවතින ප‍්‍රදේශවලද මෙම රටාවන් දක්නට ඇති අතර එක් රටාවක් මීටර දෙකක පමණ විශාලත්වයෙන් යුක්තය.
    එකිනෙකට සමීපව පිහිටා ඇති රටා කොටස් හතරක් පමණ මේ වන විට දක්නට ඇති අතර මේවා සම්බන්ධව විවිධ මත පළවෙමින් තිබේ.
    මෙම ස්ථානය පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට අතීතයේදී යොදාගෙන ඇතැයි එක් කතාවකින් කියවෙන අතර තවත් පිරිසක් පවසන්නේ අතීතයේදී මෙහි පුද පූජා පවත්වා ඇති බවය.


    lankacnews
     
    Mar 5, 2014
    20
    2
    0
    පැරනි වාරි තාක්ෂණයට අනුව රළ වැදී බිදෙන වැව් බැම්ම ආරක්ෂා කිරීමට එම රළ වල සැර බාල කිරීමට සිංහල උළු යොදා ගෙන තිබේ.අපට පේන රළට යටින් එන රළක් මගින් තරංග මගින් කැපූ දඹය නම් භෞමීය රූපය නිර්මාණය කිරීම මගින් වැව් බැම්ම ඛාදනයට ලක්වීම වැළැක්වීම මෙහි අරමුණයි.

    හ්ම්ම්... මේ වගේ වලන් භාවිතා කරල රල පහර අඩු කරපු තැන් තවත් ලන්කාවෙ තියෙනවද මචන්.. මට හිතෙනවා මේක අනුරාධපුර ඇතුල් නුවට කැනීම් වලට සමගාමී වෙන්න පුලුවන් කියල. ඒ කියන්නේ පණ්ඩුකාභය රජු අනුරාධපුර ගොඩනගන්න කලින් තිබුනු නගරයක නටඹුන් විය හැකියි කියල. ඒ නගරයේ නටඹුන් යට කරලා මේ වැව පස්සේ කාලෙක හැදුවා වෙන්න බැරිද ? හරියට කොත්මලේ ජලාශෙ වගේ.. කොහොම නමුත් තවදුරටත් පර්යෙශන කරන්න වෙනවා..