නූතන අනාගතවේදියා ස්ටීව් ජෝබ්ස්

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    නූතන අනාගතවේදියා ස්ටීව් ජෝබ්ස්

    ස්ටීව් ජෝබ්ස්

    33v2fsi.png



    සම්පූර්ණ නම :ස්ටීවන් පෝල් ජෝබ්ස්
    උපන් දිනය :1955 පෙබරවාරි 24
    රට :ඇමරිකා එක්සත් ජනපදය



    ගොඩක් සමාගම් සේවකයන් ඉවත්කර වියදම් කපා හැරීම තොරා ගෙන තියෙනවා.සමහරවිට ඒගොල්ලන්ට සුදුසු වන්නේ ඒක වෙන්න පුළුවන්. අපි වෙනස් මගක් තොරගත්තා.අපේ විශ්වාසය නම්,අපි උසස් නිෂ්පාදන ගැනුම්කරුවා හමුවේ තබන විට,ඔවුන් ඔවුන්නේ පදුම්බි විවෘත කිරීම දිගටම සිදු කරනවා කියන එක.

    නව නිර්මාණ මගින් නායකයා හා අනුගාමිකයා අතර වෙනස පෙන්වනවා.

    ප්‍රමිතියේ මිනුමක් වෙන්න.සමහර මිනිස්සු විශිෂ්ටත්වය බලාපොරොත්තු වන පරිසරයකට පුරුදු නැහැ.

    මොස්තර කියන්නේ යමක් පෙනෙන හෝ දැනෙන ආකාරයට විතරක් නොවෙයි.මෝස්තරය එය ක්‍රියා කරන ආකාරයයි.

    හුගක් දුරට මේ කර්මාන්තයේ මුදල් උපයන්නේ ඇපල් හා ඩෙල් විතරයි.ඒගොල්ලො ඒක කරන්නේ වොල්-මාට් විදියට.අපි ඒක කරන්නේ නව නිර්මාණයෙන්.

    සමහරවිට ඔබ නව නිපැයුම් කරන විට වැරදි සිදු කරනවා.ඒවා ඉක්මණින් පිළිඅරගෙන ඔබේ අනෙක් නව නිපැයුම් වැඩිදියුණු කිරීම දිගටම කරන එක තමයි හොදම දේ.

    සිත් ඇදගන්නා අදහස් හා නව තාක්ෂණය අවුරුදු ගණනක් නව නිපැයුම් කරන ආයතනයක් බවට පත් කිරීමට විශාල විනයක් අවශ්‍යයි.

    ඔබට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මොනවාද කියලා ඔවුන්ගෙන් විමසලා ඒක නිපදවලා දෙන්න බැහැ.ඔබ ඒක නිපදවන කාලය වෙනකොට ඔවුන්ට තවත් අලුත් දෙයක් අවශ්‍ය වෙයි.

    සුසාන භූමියෙහි සිටින ධනවත්ම මිනිසා වෙන්න මට අවශ්‍ය නැහැ.අපි පුදුමාකාර දෙයක් කළා කියලා රෑට නින්දට යන එක... ඒක තමයි මට වැදගත්.


    මම වයස විසිතුනේදී ඩොලර් මිලියනයකට වඩා වටිනවා.වයස විසි හතරේදී ඩොලර් මිලියන දහයකට වඩාත්,වයස විසි පහේදී ‍ඩොලර් මිලියන සියයකට වඩා වටින කෙනෙක් වුණා.ඒත් ඒක එච්චර වැදගත් වුණේ නැත්තේ මම ඒක කළේ මුදල් සදහා නොවුණ නිසයි.

    ඔබට පරීක්ෂණ හා සංවර්ධන කටයුතු වලට යොදවන්න පුළුවන් මුදල් ප්‍රමානය මත නව නිපැයුම් රදා පවතින්නේ නැහැ. මැක් හා IBM සමග ඇපල් සංසන්දනය කරන කොට ඒවා සිය ගුණයක් ඒ සදහා වියදම් කරනවා. ඒක මුදල් ගැන නොවෙයි. ඒ ඔබට සිටින පුද්ගලයන්,ඔබව පාලනය වන අයුරු හා ඔබ ලබා ගන්නා ප්‍රමාණය ගැනයි.

    ඔබ හැමදාම ඔබේ අවසන් දිනය විදිහට ජීවත්වෙනවා නම්,යම් දිනක කවදාහරි දවසක ඔබ බොහෝ දුරට නිසැකයෙන්ම නිවැරදි වෙයි.


    ඔබේ කාලය සීමා සහිතයි.ඒක නිසා වෙනත් අයෙක්ගේ ජීවිතයක් ගත කරන්න කාලය නාස්ති කරන්න එපා.අනෙක් මිනිසුන්ගේ සිතිවිලි රාමුවේ හසු වෙන්න එපා.අනුන්ගේ මතවල ඝෝෂාවෙන් ඔබේ අභ්‍යන්තරයේ හඩ යටපත් වෙන්න ඉඩ දෙන්න එපා.ප්‍රධානම දෙය ඔබේ හදවත හා ඇතුළාන්තයට අනුව කටයුතු කරන්න ධෛර්යය ඇති කර ගන්න.ඒවා ඔබ සත්‍ය වශයෙන්ම වෙන්න ඕනෙ කවුද කියලා දැනටමත් කෙසේ හෝ දන්නවා.අනික් හැම දෙයක්ම දෙවැනියි.

    ජීවිතයේ විශාලතම තොරා ගැනීම් සිදු කිරීමට මට වැඩියෙන්ම උපකාර වු දේ තමයි මම ඉක්මණින්ම මිය යන බව මතකයට නංවන එක. හේතුව,මරණය ඉදිරියේ බාහිර බලාපොරොත්තුවක්ම,අ� ��ිමානයක්ම,ලැජ්ජාව�� � හෝ පරාජයට ඇති බිය පහතට වැටිලා සත්‍ය වශයෙන්ම වැදගත් දේ විතරක් ඉතුරු වෙනවා.ඔබට නැති වෙන්න දෙයක් තියෙනවා කියලා සිතීමේ උගුලෙන් ගැලවීමේ හොදම ක්‍රමය ඔබ මිය යන බව මතක් කරන එකයි.ඔබ දැනටමත් නිර්වස්ත්‍රයි.ඔබේ සිතැගි අනුගමනය නොකරන්න හේතුවක් නැහැ.

    උසස් කටයුතු කරන්න එකම මග කරන දෙයට ආදරය කිරීමයි.ඔබ එය තවමත් සොයාගෙන නැතිනම් තවදුරටත් සොයන්න.නොනවතිනින.හ දවතෙහි සෑම ප්‍රශ්මයක්ම වගේම ඔබට එය සොයා ගත් විට එය දැන ගනීවී.

    මම ප්‍රධන විධායක නිලධාරියා නිසා ඒක කරන්න පුළුවන් කියලා හිතනවා අයිමැක්(iMac) ප්‍රායොගික නොවන බව සිතූ ඉංජිනේරුවන් විසින් අධික ලෙස පාලනය කළේ ඇයි යන්නට පිළිතුරු ලෙස ඔහු පැවසීය.

    ඉලක්ක ගත කණ්ඩායම් මගින් නිෂ්පාදන නිර්මාණය ඉතා අපහසුයි.ඔබ ඔවුන්ට ඒක පෙන්වලා දෙනකම් ගොඩක් අවස්ථාවන්වල මිනිසුන්ට අවශ්‍ය මොකක්ද කියලා දන්නේ නැහැ.


    ඔබට අවශ්‍ය ඔබේ ජීවිතයේ ඉතිරි අවධිය පැණි බීම විකුණමින් ජීවත් වීමට ද නැතිනම් ලොකය වෙනස් කිරීමේ අවස්ථාවක් ලැබීමටද?


    මිනිසුන් සංකේතවතවලට කැමතියි,Apple සදහා සංකේතයක් සෙවීමේදී ඔවුන් බොහෝ විට මාව අගුලු ලෑවා.අනෙක් තරගකරුවන් සාමාන්‍යයෙන් පෞද්ගලික නොවන,සංවිධානාත්මක� �� පවතින සමාගම් වුණත් Apple බොහෝ අතින් පුද්ගලයෙක් වගේ,වර්ධනය වෙන කෙනෙක් වගේ.

    කළමනාකරණය කියන්නේ මිනිසුන් කිරීමට අකමැති දේවල් කිරීමට පෙළඹවීම පිළිබද දෙයක්.නායකත්වය කියන්නේ කිසිදා කළ හැකියි කියලා මිනිසුන් නොසිතූ දෙයක් කිරීමට ඔවුන්ව ධෛර්යමත් කිරීමයි.


    මෙම ලිපිය"The Billion Dollar Book" යන පෙතෙන් උපුටා ගන්නා ලදි.

    වටිනවානම් සලකලා ගියාට කමක් නෑ..:):)
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Dead billionaire and dead beggars are equal.Unborn son of a billioaire and unborn son of a beggar is equal.
    Unequality is a matter of idiots.Every one is equal before the karmaya,destiny or God/Gods...
    :lol::lol::eek: