ගිනි අවිය කියන්නේ කාලයෙන් කාලයට දියුණුවන දෙයක් වගේම විවිධ තත්ත්වයන්ට ගැලපෙන අයුරින් පරිණාමය වන උපකරණයක්.නූතන ගිනිඅවි ලිපි පෙල ඔස්සේ ඉදිරිපත් කරන්නේ 21 වන සියවසේදී ගිනි අවිය ලබා තිබෙන දියුණුව සම්බන්ධ සංක්ෂිප්ත විස්තරයකි.මෙහි පළමු කොටසින් සාකච්ඡා කලේ CornerShot නම් ගිනිඅවිය සම්බන්ධවයි.මෙම කොටසින් කතා කරන්නට බලාපොරොත්තුවන්නේ ජලය යටදී භාවිතා කල හැකි රුසියානු ගිනි අවියක් ගැනයි.මෙය ADS amphibious rifle නමින් හඳුන්වයි.
ADS amphibious rifle යනු 21 සියවසේදී නිපදවූ ගිනි අවියක් වුවද එහි පූර්වජයා සම්බන්ධ ඉතිහාසය සෝවියට් දේශය සමග බැදී තිබේ.ADS amphibious rifle ගැන කතා කරන්නට පෙර ජලය යටදී භාවිතා කල හැකි සෝවියට් ගිනි අවි සම්බන්ධ ඉතිහාසය කෙටියෙන් හෝ විමසා බැලීම කලයුතුය.
SPP-1 underwater pistol
මෙම පිස්තෝලය සෝවියට් දේශය විසින් 1960 දශකයේ අවසන් සමයේ නිපදවා තිබේ.එය සෝවියට් ආරක්ෂක අංශ භාවිතා කරන්නේ 1971 වසරේ සිට බවයි කියවෙන්නේ.ජලය යටදී සාමාන්‍යය රයිෆලයක් යොදාගන්නා උණ්ඩ නිරවද්‍යතාවයෙන් තොර වන අතර හානි කල හැකි දුර පරාසය සාපේක්ෂව ඉතා අඩුය.මේ නිසා SPP-1 පිස්තෝලයේ භාවිතා වන උණ්ඩ විෂ්කම්භය අඟල් .18 වන, අඟල් 4.5ක් දිග ,ග්‍රෑම් 12.8 බර උල් වැනි ඒවාය.නමුත් එම උණ්ඩවලට ගමන් කල හැකි දුර මෙන්ම ඒවාට යමක් විදගෙන යෑමේ හැකියාව, speargun හෙවත් ජලය යටදී මසුන් දඬයමට යොදාගන්නා අවියට වඩා උසස් බවයි සඳහන් වන්නේ.SPP-1 පිස්තෝලයේ භාවිතා කරන උණ්ඩයක සම්පුර්ණ බර ග්‍රෑම් 17.5ක් සහ දිගින් අඟල් 5.7ක් වේ.මෙය බැරල් 4කින් යුක්ත පිස්තෝලයකි.මෙම SPP-1 අවිය සඳහා යොදාගෙන තිබෙන hydrodynamic තාක්ෂණය නිසා ඒවා ජලයෙන් පිටත දී භාවිතා කල හොත් නිවද්‍යතාවය ඉතා අවම වේ.ග්‍රෑම් 950 පමණ බරකින් යුක්ත මෙම පිස්තෝලයෙන් මීටර් 5ක් ගැඹුරු ජලයේ වෙඩි තැබුව හොත් මීටර් 30 දුර ඉලක්කයකට සාර්ථකව හානි කල හැකිය.ජලයේ ගැඹුර වැඩිවන විය සාධනීය දුර ප්‍රමාණය අවම වේ.මෙහි තවත් මොඩලයක් වන්නේ SPP-1M පිස්තෝලයයි.මෙම අවියේ නිර්මාතෘවරයා වන්නේ විලැඩ්මිර් සිමොනොව්ය. APS amphibious rifle ගිනි අවිය නිර්මාණය කර තිබෙන්නේත් ඔහුය.
APS underwater rifle
සෝවියට් දේශය විසින් 1970 දශකයේ මුල් සමයේදී මෙම අවිය නිර්මාණය කර ඇති බව කියවේ.Tula Arms Plant නම් අවි නිෂ්පාදකයෝ විසින් මෙය නිපදවා තිබේ.මෙම අවිය 70 දශකයේ පටන් සෝවියට් කොමාන්ඩෝ ඒකක විසින් භාවිතා කරන අතර සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව APS underwater rifle අවි ලෝක වෙළඳපොලේ දක්නට ලැබිණි.APS underwater rifle අවිය AK-47 රයිෆලය පදනම් කරගෙන නිර්මාණය වූවකි.APS underwater rifle හි මැගසිනයක උණ්ඩ වට 26 තිබේ.සම්පුර්ණ ස්වයංක්‍රීයව සහ අර්ධ ස්වයංක්‍රීයව වෙඩි තැබීමේ හැකියාව තිබුණද එහි නිරවද්‍යතාවය අවම බවයි කියවෙන්නේ.APS underwater rifle අවියේ සාධනීය දුර පරාසය මීටර් 30ක් ලෙසයි සඳහන් වන්නේ.ඒ මීටර් 5ක් ගැඹුරු ජලයේය.ජලයේ ගැඹුර වැඩිවන විට සාධනීය දුර පරාසය අවම වේ.උණ්ඩ පිරවූ පසු අවිය කි.ග්රෑ.3.9ක බරකින් යුක්ත වේ.මෙම රයිෆලය පිස්තෝලයට වඩා ප්රබලය.ඊට සවිගැන්වූ කිමිදුම් ඇඳුම් කට්ටලයක්,ආරක්ෂක හිස් වැසුමක්,ඔක්සිජන් සැපයුම් උපකරණයේ තුනී කොටස් සහ කුඩා ප්‍රමාණයේ කිමිදුම් වාහන ආදියට හානි සිදුකිරීමේ හැකියාව තිබේ.APS underwater rifle අවිය CSI: Miami ටෙලිනාට්‍ය මාලාවේදී සහ Delta Force 2, Call of Duty: Ghostsවීඩියෝ ක්‍රීඩාවලදී යොදාගෙන තිබේ.
APS underwater rifle අවිය ගොඩබිමේදී වෙඩි තැබීමට යොදාගන්නා අයුරු
SPP-1 පිස්තෝලයේ ඉදිරිපස පෙනුම
SPP-1 පිස්තෝලය සහ අනෙකුත් සහායක උපාංග
SPP-1M පිස්තෝලය සඳහා යොදාගන්නා උණ්ඩ
SPP-1 පිස්තෝලයේ සහ APS underwater rifle අවියේ භාවිතා වන උණ්ඩ
දිය යට භාවිතා කරන උණ්ඩ ගොඩබිම ඉලක්ක වෙත එල්ල කල පසු ඒවාහි ඇති උල් නැමී ගොස් ඇති අයුරු.
ASM-DT amphibious rifle
ජලය යටදී මෙහෙයුම්වලට යොදාගත හැකි තවත් රයිෆලයක් 90 දශකයේදී නිර්මාණය කරන්නට රුසියාව සමත් විය.70 දශකයේදී හඳුන්වා දුන් APS Underwater Assault Rifle අවිය ජලය යට මෙහෙයුම් සඳහා පමණක් යොදාගත හැකි වූවකි.නමුත් දිය ගොඩ දෙකෙහිම මෙහෙයුම් සඳහා එකිනෙකට වෙනස් අවි දෙකක් ගෙන යාම විශේෂ හමුදා කණ්ඩායම්වලට අමතර බරක් පැටවීමකි.මෙම අපහසුතාවය නැතිවූයේ ASM-DT amphibious rifle අවිය හඳුන්වාදීමත් සමගය.එය දිග ගොඩ දෙකෙහිම භාවිතා කල හැකි අවියක් විය.මෙම අවියට දිය සහ ගොඩ සඳහා වෙනම උණ්ඩ දෙවර්ගයක් යොදා ගැනේ.දිය යටදී APS underwater අවියේ මැගසින් සහ ගොඩදී AK-74 අවියේ මැගසින් මේ සඳහා යොදාගැනේ.ASM-DT amphibious rifle අවිය අත්බෝම්බ විදිනයක් ,බයිනෙත්තුවක් හෝ සයිලන්සර් සමග යොදාගත හැකිය.මෙය ක්‍රියාන්විත සඳහා යොදාගැනීමට අවසර ලැබෙන්නේ 2000 වසරේ සිට බවයි කියවෙන්නේ.
ADS amphibious rifle
1970 දශකයට පෙර සෝවියට් දේශයේ නාවික හමුදා මෙන්ම විශේෂිත දිය ගොඩ මෙහෙයුම් කරන කණ්ඩායම් ඔවුන්ගේ උභ්යචර මෙහෙයුම් සඳහා යොදාගත් SPP-1 පිස්තෝලය සහ පිහිය වැනි හානි කල හැකි දුර ප්‍රමාණය ඉතා අවම අවි සහ ආයුදයි.ඉන්පසු 1970 දශකයේ පටන් APS underwater රයිෆලයද දිය යට මෙහෙයුම් සඳහා යොදගන්නා ලදි.නමුත් ගොඩබිමදී පිස්තෝලය සහ ගිනිඅවිය භාවිතා කිරීම සාර්ථක නොවීය.මේ නිසා ඔවුන්ට දිය ගොඩ දෙකෙහි සාර්ථක භාවිතා කල හැකි ගිනිඅවියක අවශ්‍යතාවය මතුවිය.මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙස 1990 දශකයේ අවසානයේදී ADS amphibious rifle නම් අවිය හඳුන්වා දෙන ලදි.මෙය "Sea Lion" නමින්ද හැඳින්විය.
5.45h39 PSP
Tula Instrument Design Bureau (KBP)නම් ආයතනය(2005) විසින් මෙම අවිය සඳහා වෙනස්ම ආකාරයේ උණ්ඩයක් නිපදවන ලදි.මෙම විශේෂිත උණ්ඩයක් මි.මී.53ක් දිගින් යුක්ත වේ.එම උණ්ඩ PSP නමින් හඳුන්වයි.බරින් ග්‍රෑම් 16 වන එක් උණ්ඩයකට ගොඩබිමේදී 330 m / s වේගයක් තිබේ.
බෝම්බ විදිනයක් සහිත A-91M අවිය
උණ්ඩය නිර්මාණය කිරීමෙන් පසුව එය භාවිතා කල හැකි අවිය නිපදවීම ආරම්භ විය.අවිය නිර්මාණය වන්නේ A-91M නම් බෝම්බ විදිනය පදනම් කරගෙනය.
මුල් කාලීන ADS amphibious rifle අවියක්
ස්වයංක්‍රීය ADS අවිය මගින් කැලිබර් 5.45×39mm M74 7N6 / 7N10 / 7N22 උණ්ඩ(ගොඩබිමේදී) සහ දිය යට භාවිතා කල හැකි 5.45×39mm PSPඋණ්ඩ යොදාගෙන වෙඩි තැබිය හැකිය.එහි බැරලයට ඉහළින් දූරදර්ශක,රාත්‍රී දැකීමේ උපකරණ,උෂ්ණත්ව සංවේදී දර්ශක සහ වෙනත් විදේශීය උපාංග සවිකල හැකි අයුරින් නිර්මාණය කර තිබේ.
සයිලන්සරයක් යෙදූ ADS amphibious rifle අවියක්
VOG-25 වර්ගයේ අත්බෝම්බ විදිය හැකි 40 බෝම්බ විදිනයක් එය සතුය.blank firing හෙවත් නොදැනුවත්ව අවිය ක්‍රියාත්මක වීම සිදුවන හානිය වැලැක්වීමේ කොටසක්ද සමග ADS අවිය යොදාගත හැකිය.
ADS අවිය laser designator සමග
blank firing වලක්වන නැසින්නක් සවිකල ADS අවියක්
දිවා රාත්‍රී දර්ශකය සහ සයිලන්සරයක් සහිත ADS amphibious rifle අවියක්
දූරදක්නයක් සවිකල ADS amphibious rifle අවියක්
2009 වසරේදී මෙම අවිය රුසියාවේ නාවික හමුදා විශේෂ බලකා ඒකක විසින් අත්හදා බලන ලදි.එහිදී හෙළිවූයේ එය දිය ගොඩ දෙකෙහිම සාර්ථක අවියක් බවයි.2013 වසරේ පටන් ADS අවිය රුසියානු ආරක්ෂක අංශ භාවිතා කරන බව කියවේ.කි.ග්රෑ. 4.6ක් බර මෙයට මිනිත්තුවට උණ්ඩ 700ක් නිකුත් කල හැකිය.සාර්ථකව වෙඩි තැබිය හැකි දුර ලෙස සඳහන් වෙන්නේ මීටර් 500කි(ගොඩබිමේදී).මීටර් 30ක් ගැඹුරු ජලයේදී ඊට සාර්ථකව මීටර් 25ක් දුරට වෙඩි තැබීමේ හැකියාව තිබේ.
රුසියානු නායකයන් දෙපලක් නවතම උභයචර අවිය නිරීක්ෂණය කරන අයුරු
තුන්වන කොටසින් හමුවෙමු.
තුන්වන කොටසින් හමුවෙමු.
Source:Businessinsider.com
-HarshaLulzSec-
