නූතන ගිනි අවි ලිපියේ තුන්වන කොටස ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මෙහිදී Magpul FMG-9 සහ Armatix iP1 යන අවි සම්බන්ධව කතා කරනු ඇති.
Magpul FMG-9
Magpul FMG-9 යනු අලුත් පරම්පරාවේ submachine gun අවියකි.එය නිපදවා තිබෙන්නේ නම් Magpul Industries සමාගම විසිනි.ඒ 2008 වසරේදීය.මෙම අවිය ඇකිලිය හැකි අයුරින් නිපදවා තිබේ.එය ඇකිලූ පසු දිස්වන්නේ ෆ්ලෑස්ලයිට් එකක් ආකාරයෙනි.ලැප්ටොප් පරිඝණකයක බැටරිය පෙනුම සහිත නිසා ගිනිඅවියක් යැයි කිසිවෙකුට සැක සිතෙන්නේද නැත.අවිය නිපදවා තිබෙන්නේ ලෝහ යොදාගෙන නොව බරින් අඩු බහුඅවයවික වලිනි.කි.ග්‍රෑ.1/2ක් පමණ බරකින් යුක්තවන නිසා එය පහසුවෙන් ගෙන යා හැකිය.අවිය දිග හැරිය විට අඟල් 19 පමණ වන අතර ඇකිලූ විට අඟල් 10 පමණ දිගකින් යුක්තය.FMG-9 අවිය සඳහා යොදාගන්නේ 9×19mm Parabellum උණ්ඩයි.
Magpul FMG-9 අවිය ඇකිලූ පසු පෙනුම
Magpul FMG-9 අවිය දිග හැරීම
Armatix iP1
Magpul FMG-9 අවිය දිග හැරීම
Armatix iP1
Armatix iP1 හෝ iP1 පිස්තෝලය නමින් හඳුන්වන මෙම අවිය Armatix නම් ජර්මන් සමාගම නිෂ්පාදනයකි.මෙහි ඇති විශේෂත්වය එය ක්‍රියාත්මක කල හැක්කේ එහි නියම හිමිකරුවාට පමණක් වීමයි.2006 වසරේ නිපදවූ මෙම පිස්තෝලය ඇමෙරිකාවේ සහ ජර්මනියේ භාවිතා කරන්නට පටන් ගන්නේ 2014 වසරේ පටන්ය.මි.මී.175ක් දිග ග්‍රෑම් 518ක් බර මෙම අවියට මීටර් 69 දුරින් වූ ඉලක්කයක් වෙත නිවැරදිව වෙඩි තැබීමේ හැකියාව තිබේ.මෙම පිස්තෝලයෙන් වෙඩි තැබීමට නම් ඒ සමග එන ඔරලෝසුව මීටර් 25ක් දුරින් වත් තිබිය යුතුය.
පිස්තෝලය සමග එන ස්මාට් වර්ගයේ අත් ඔරලෝසුව පිස්තෝලය සමග සන්නිවේදනය කරයි.ඒ රේඩියෝ සංඥා මගිනි.හිමිකරු සතු PIN code එකක් ඔරලෝසුවට සැපයීමෙන් පසුව පිස්තෝලය ක්‍රියාත්මක කල හැකිය.ඔරලෝසුවේ අඩංගු තොරතුරු වන්නේ ආරෝපණ මට්ටම,දී ඇති කාලයකදී තැබූ වෙඩි ගණන ආදියයි.ඉලක්කය නියමිත දුර ප්‍රමාණයෙන් පිටත නම් තිබෙන්නේ වෙඩි තැබීම ස්වයංක්‍රීයව අක්‍රීය වේ.
හතරවන කොටසින් හමුවෙමු
Source:Businessinsider.com
-HarshaLulzSec-

