නූතන භාර්යාවන් වර්ග.....

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    නූතන භාර්යාවන් වර්ග.....

    සිංහ භාර්යාව

    - බොහෝ විට උගත්, උසස් වෘත්තියක් කරන බුද්ධිමත් තැනැත්තියකි... ( හැම විටම උපාධිධාරි විය යුතු නැත. ) .. සිය චරිතයේ බලවත් ලක්ෂණ උපයෝගී කර ගනිමින් කෙටි කළකින්ම පවුලේ නායිකාව බවට පත්වේ.. එයින් පසු පවුලේ ඇයගේ අණ පැවතුනත්, ඇය වැඩ කරන්නේ පවුලේ සුභ සිද්ධිය වෙනුවෙනි.. සැමියා අභිබවා යන නමුත් සැමියාට නපුරක් නොවෙයි.... සැමියාටත් දරුවන්ටත් මවකගේ රැකවරණය සළසයි... ඕනෑම දුකකදී කරදරයකදී නොසැලෙන නිර්භීත කාන්තාවෝය... ලබන්නෝ වාසනාවන්තය...

    හංස භාර්යාව

    - සිය සැමියන් වරදින් කෙසේ හෝ මුදවාගෙන නිවැරදි මාර්ගයන් කරා යොමු කරයි... කදිම මිතුරියකි... සැමියාව උපරිමයෙන් තේරුම් ගනී... ලබන්නෝ වාසනාවන්තය ... ආගමක් දහමක් අදහයි නම් එය අවංකව අදහන ධාර්මිෂ්ඨ තැනැත්තියකි... ඒත් ඒ ආගම දහම අනුව හැසිරෙන බව ලෝකයාට පරකාසෙට නොපෙන්වයි... තමනුත්, තම පවුලේ අයත් නිවැරදි ප්‍රතිපත්ති මත හසුරුවා ගනියි... සරල ජීවන රටාවන් ප්‍රිය කරයි...

    හාවා භාර්යාව

    - වේගයෙන් අධ්‍යාපනය ලබන, තියුණු නුවනක් සහිත, ප්‍රඥාවන්ත තැනැත්තියන්ය... වේගවත් තීරණ තීන්දු ගැනීමේදී කිසිවිටක වරද්දාගන්නේ නැත... නිතරම පාහේ සමාජයේ උසස් රැකියාවන් ලබන්නීය... එහෙත් සැබවින්ම අහිංසකය... ඒ අහිංසක කම නිසාම නිතර දෙවේලේ සැමියාට හෝ පවුලේ වෙනත් අයෙකුට කරදරයක් වේදැයි මහත් බියකින් වෙවුලමින් ජීවිතය ගෙවයි... කොටින්ම කිව්වොත් සැමියා හෝ පුතු, දුව නිවසට එන්න විනාඩි පහක් පරක්කු උනොත්, වෙන්න තියෙන නරකම දේ හිතාගෙන බියට පත්වේ.... ඒ බය අනිත් අයට හිරිහැරයක් වන තරමටම බය වේ... ඒ හැර ජීවිතයේ තවම ලබා නැති නරක කල දසාවන් ඒදෝ ඒදෝ යැයි සිතමින් අනියත බියවල් ඇතිකර ගනිති... ඒ බයවල් විය යුතු නැති බවට කොච්චර කීවත් අහන්නේ නැත... තමනුත් ආරක්ෂා වී, තම පවුලේ අයත් ආරක්ෂා කිරීමට උපරිම වෙහෙස දරයි... සරල ජීවන රටාවන් ප්‍රිය කරයි... ප්‍රතිපත්ති ගරුක කළණ මිතුරියකි.. ලබන්නෝ වාසනාවන්තය...

    මොණර භාර්යාව

    - සෝබනයම පමණි... වෙන ගත යුත්තක් නැත... විශාල වශයෙන් මුදල් සෝබනය සඳහා නාස්ති කරයි... බඩට නොකෑවත් ඇඟට විල්ලුද ඇන්දේ නම් ජීවත් වීම යනු ඒක යැයි සිතා සිටින්නීය... සද්දය මිස වැඩ නැත... බොහෝ විට එතරම් උගත් කම් ද නැත.... දරුවන්ට අකමැතිය.. නැත්නම් එතරම් ආදරයක් නැත... පවුලක් ලෙස එකට දියුණු වීමක් සඳහා දුර දැක්මේ නුවණක් නැත... ලස්සනට තියාගෙන ඉන්න යහපති... ලස්සන සහ හැඩරුවම පමණකි... ආගමක් අදහනවා නම් ඒක නහයේ මූණේ උලාගෙන ලොවටම පෙන්නා ගනී.. ඒත් හදවතේ ඒ ආගමේ ප්‍රතිපත්ති අනුව ජීවත් වීමේ ආශාවක් නැත...

    වඳුරු භාර්යාව

    - අනිත් අය කරන කරන හැම දේම කරයි... මෝඩ වැඩ වල සීමාවක් නැත... තමන්ට දරා ගන්න පුලුවන් බැරි දේ තෝරා බේරා ගන්න නොදනී... කවුරුන් හෝ මොනවා හෝ කළොත්, තමන්ටත් ඒකම කරන්නට ඕනෑය... මේ නිසා බොහෝ ණය තුරුස්වල පැටලී, දරා ගත නොහැකි ජීවන රටාවන්ට ගොස් පවුලම අමාරුවේ දමයි... නිතරම කා එක්ක හෝ තරඟයක යෙදී සිටිති.. හැබැයි මේ තරඟය නිසාම සිය සැමියාගේ හෝ දරුවන්ගේ රැකියාවල සහ අධ්‍යාපනයේ දියුණුව පතයි.. පැතුවාට වැඩක් නැත්තේ ඒ වෙනුවෙන් ප්‍රයෝජනවත් යමක් කරන්නට ඇයට මොළය නැති නිසාය... දරුවන් අධ්‍යාපන තරඟයේ ඉදිරියට යැවීමට මහත් ආවේගයෙන් යුතුව කටයුතු කරන බැවින් දරුවන්ගේ ළමා කාලය පවා අහිමි කරයි.... මේ සේරම කරන්නේ හදවතින් ලෝකය සමග "මුදුනා" වීම සඳහා මරාගෙන මැරෙන තරඟයක නිරතවී ඉන්නා නිසාය... එතරම් බුද්ධිමත් නොවන නිසා මේ ඉලක්ක ජය ගන්නට ගසන සැලසුම් බොහෝ විට අනිත් අයටත් හිරිහැරයක් වී කෙළවර වෙයි...

    ඩොල්ෆින් භාර්යාව

    - ඔබේ දඟකාර හිතවතිය ඇයයි... ලස්සනට අඳින්න, පොෂ් විදියට ඉන්නට කැමති උනත් ඉවක් බවක් නැතිව ඒවා පස්සෙන් එලවා මුදල් සහ කාලය නාස්ති කරන්නේ නැත... ඉතාම බුද්ධිමත්ය.. ඉහළට ඉගෙන ගෙන උසස් රැකියාවන් කරා යොමුවේ... ඔබව 100% තේරුම් ගන්නා මිතුරියයි.. දෙන්නා දෙමාල්ලෝ "මචං ෆිට් එකේ" මැරෙන තුරු සිටීම ඇයගේ පැතුමයි... විනෝද වෙන්න කැමතියි... තමන්ගේ හිත සතුටින් පුරවාගෙන, පවුලේ අනිත් අයවත් සතුටින් තබයි... විපතකදී බොහෝ කම්පා වෙයි... ජීවිතය සැහැල්ලුවෙන් ගෙන යන්න උපරිමයෙන් උදව් කරයි... ආගමික විශ්වාස හෝ යල් පැනගිය විශ්වාස මත්තේ එච්චර නහින්නේ නැති, Modern චරිතයකි... ලබන්නෝ වාසනාවන්තය...

    ඊරි භාර්යාව

    - කෑම පමණි... කෑම හැර වෙන ලෝකයක් නැත... කාකා බිබී ආරමින් රූපවාහිනි බලමින්, අධි පෝෂණය සහ ඒ සමග එන වෙනත් ලෙඩ රෝග වලින් පීඩා විඳිමින් කාළය කා දැමීම හැර වෙන කිසිවක් නැත... සූප ශාස්ත්‍රයේ ප්‍රගුණ කෙළ පැමිණියෙකි... මුලු ලෝකයේම සූප ශාස්ත්‍ර පොත් තමන් සතුව ඇතත් අධ්‍යාපනික සුදුසුකම් හෝ උගත් කම් කිසිවක් නැත... මස් මාංශ ආදිය විවිධ ක්‍රම වලට සාදා ගැනීම හැර වෙන කිසිවක් නොදනී.. බුද්ධියෙන් හීණය... අනාගත සැලසුම් නැත... කට සැරය... කට සැර කම, සහයෝගයක් නැති කම සහ මුරණ්ඩු කම නිසා පවුල් ජීවිතය අර්බුදයට යවා ගනී...

    පූසා භාර්යාව

    - ඉතාම අහංකාරය... ආත්මාර්ථකාමීය... දෙන්නෙක් එකතුවී විවාහ ජීවිතයක් පටන් ගත්තත්, හිත යටින් පතන්නේ තමන්ගේ දියුණුවය... බෙහෙවින්ම උගත් වන හෙයින් උසස් රැකියාවන් ලබන්නීය... ඇගේ "එකම" සිහිනය නිරතුරුවම ඒ රැකියාවලින් ඉහළට යෑමත්, තව තව උගත් කම් වැඩි කර ගැනීමත් පමණකි... අන් කිසිවෙකු ගැන නොසිතයි.. තමන් ලබා ගත් උගත් කම් සහ තාන්න මාන්න නිසා අහංකාරය... ලස්සනට සෝබනයට ඉතා කැමති නමුත් තමන් ස්වාධීන වන නිසාත්, විශාල මුදලක් උපයන නිසාත්, සැමියාගේ පොකට්ටුවට ඇය තට්ටු කරන්නේ නැත... තමන්ම උපයාගෙන තමන්ම වියදම් කර ගනියි... පවුල තමන්ගේ අණසකට යටත් කර ගන්නට උපරිම වෙර යොදයි...එසේ කරන්නේ සිංහ භාර්යාවක් මෙන් මාතෘ සෙනහසකින් නොව, උද්දච්ඡ කම නිසාමය... කවදාවත් පොළවේ පය ගසන්නේ නැති බැවින් වැඩ කරන ආයතන වල සේවක සේවිකාවන් අතරද ඇය කෙරෙහි ඇත්තේ බියමුසු අප්‍රසාදයකි... ඔබ ඇයට වැඩ දහයක් හරියට කර දී, එකොළොස් වෙනි වැඩය වැරැද්දුවොත් මුලු ලොවෙහිම සිටින අමනම මිනිසා ඔබ ලෙස සළකා ඔබේ ඇඟට කඩා පනී...

    බල්ලා භාර්යාව

    - ඔබ ගෙනත් දෙන දෙයක් කා, ඔබ දෙන දෙයක් ඇඳ, ඔබට දොහොත් මුදුන් දීගෙන වැඳ, ඔබටම කීකරුව, ඔබේ පා සෙවනේ වාසය කරයි... එහෙත් කෙසේ හෝ ඔබට සුරතලය පා තමන්ට උවමනා දෙයකුත් ඉඳ හිට කර ගනියි... වැඩි දුර ඉගෙන ගත් තැනැත්තියෝ නොවේ... ඒත් පොඩි අධ්‍යාපනයක් නැත්තේද නැත... ඒ නිසා ලෝකය ගැන "පොඩ්ඩක්" දනී... එතරම් බුද්ධියක් නොමැති අතර පවුලේ හෝ දරුවන්ගේ දියුනුව වෙනුවෙන් දුර දක්නා සැලසුම් ගසන්නට අසමත්ය... බොළඳ දේවල් වලට හරිම ආසා කරන අතර, ගොබ්බ රූපවාහිනි නාටක එකක් නෑර බලා, පත්තර වල ඒ නලු නිළියන්ගේ ඕපා දූප සහිත ඊනියා "අතිරේක" කොටස් මහත් ඕනෑ කමෙන් කියවයි... රූපවාහිනියේ උදේට උදේට පෙනී සිටින විශේෂඥයන් සහ ඔස්තාර්ලා දෙන උපදෙස් හිස් මුදුනින් බාර ගන්නට රුසියෙකි... මෙලොව සෑම දෙයකම සීමාවක් තිබෙන බව නොදනී... ඒ නිසා විලාසිතාවක් කරන්නට ගියත් කාගේත් සිනාවට ලක්වේ... හොඳකුත් නැත, නරකකුත් නැත, වැඩකුත් නැත, වැඩක් නැත්තේද නැත...

    ගවයා භාර්යාව

    - සැමියාගේ වචනය දේව වචනයක් සේ පිළිගැනීමේ තකතීරු කම නිතරම කරයි.. අධ්‍යාපනයක්, බුද්ධියක්, උගත් කමක් මොකුත් නැත... අහල පහල අයගේ ඕපා දූප සංගම් වල හැර වෙනත් සමාජ ඇසුරක් නැත... රටේ ලෝකයේ වෙන දේ කිසිවක් නොදනී... එහෙත් සැමියාට සහ දරුවන්ට ඇති අසීමිත සෙනෙහස නිසා දිගට හරහට ඔවුන්ට කැඹිරීම පමණක් සිය ජීවිතය කර ගනියි... තමන්ට කියා ජීවිතයේ කිසිවක් කර නොගනී... සැමියා බැන්නත්, රැව්වත්, දරුවන් බැන්නත්, රැව්වත් මේ සියල්ල ඉවසා සිටියි... ගොබ්බ සිංහල ජාතිවාදීන්ට, සහ ගොබ්බ මුස්ලිම් අන්තවාදීන්ට නම් පරමාදර්ශී භාර්යාවකි... අනාගත සැලසුම් ගැසීමේ එතරම් දක්ෂතාවයක් නොමැති අතර, වෙනස් වන ලෝකය ගැන කිසිවක් නොදැනීම නිසා නිතර පරම්පරා ඝට්ටනයෙන් පීඩා විදිමින්, දරුවන් සමග ( විශේෂයෙන්ම දූවරු සමග ) ගැටුම් ඇති කර ගනියි... තමන්ට කියා ජීවිතයේ කිසිම තෘප්තියක් සතුටක් නොලැබීම නිසා, ජීවිතයේ මැදි වයසට පැමිණි පසු ආගම කරට ගනී.. එයින් පසුව සහනය සැනසිල්ල ලබා ගැනීමට ආගම පස්සේම සහ ආගමේ පූජකයන් පස්සේම වැටීගෙන යයි.. හැම මිථ්‍යා උගුලටම හසුවේ.. දුකක් කරදරයක් ආවිට ඒකෙන් ගැලවෙන නව ක්‍රම නොදන්නා නිසා දේවාල, කෝවිල් පල්ලි හැම එකකම ඉන්නා හැම දෙයියාටම පූජාව ඔලුව උඩ තියාගෙන වැඳ වැඳ දුවයි... මේ සේරම කරන්නේ පවුලට ඇති අසීමිත සෙනෙහස නිසාවෙනි... එහෙත් ඇත්තෙන් බොරුව වෙන් කර හඳුනා ගන්නට නොදනී... ඔබට මෙවැනි බිරිඳක් සිටීනම් ඔබේ පරම යුතුකම වන්නේ ඇයව මේ අපායෙන් මුදවාගෙන, ඇයගේ සතුටත් ලැබෙන, ඇයටත් විඳින්නට පුලුවන් ජීවිතයකට ටික ටික හුරු කිරීමයි...

    අමනාප නොවන්න.....:yes::yes:
    උපුටා ගන්නා ලද්දකි. රචකයා නොදනිමි.
    ඔයාලාගෙත් අදහස් කියන්න.....

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය සත්තුන්ට හරියන්න පිරිමි සත්තුත් ඉන්නවනේ .ඕකම සැමියා කියල දැම්මොත් වැඩි වෙනසක් වෙන එකක් නැ මන් හිතන්නේ :P
     

    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    මරුසිරා;22731824 said:
    ඔය සත්තුන්ට හරියන්න පිරිමි සත්තුත් ඉන්නවනේ .ඕකම සැමියා කියල දැම්මොත් වැඩි වෙනසක් වෙන එකක් නැ මන් හිතන්නේ :P

    ඇත්ත කතාව.....:yes::yes:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113


    පූසා භාර්යාව

    - ඉතාම අහංකාරය... ආත්මාර්ථකාමීය... දෙන්නෙක් එකතුවී විවාහ ජීවිතයක් පටන් ගත්තත්, හිත යටින් පතන්නේ තමන්ගේ දියුණුවය... බෙහෙවින්ම උගත් වන හෙයින් උසස් රැකියාවන් ලබන්නීය... ඇගේ "එකම" සිහිනය නිරතුරුවම ඒ රැකියාවලින් ඉහළට යෑමත්, තව තව උගත් කම් වැඩි කර ගැනීමත් පමණකි... අන් කිසිවෙකු ගැන නොසිතයි.. තමන් ලබා ගත් උගත් කම් සහ තාන්න මාන්න නිසා අහංකාරය... ලස්සනට සෝබනයට ඉතා කැමති නමුත් තමන් ස්වාධීන වන නිසාත්, විශාල මුදලක් උපයන නිසාත්, සැමියාගේ පොකට්ටුවට ඇය තට්ටු කරන්නේ නැත... තමන්ම උපයාගෙන තමන්ම වියදම් කර ගනියි... පවුල තමන්ගේ අණසකට යටත් කර ගන්නට උපරිම වෙර යොදයි...එසේ කරන්නේ සිංහ භාර්යාවක් මෙන් මාතෘ සෙනහසකින් නොව, උද්දච්ඡ කම නිසාමය... කවදාවත් පොළවේ පය ගසන්නේ නැති බැවින් වැඩ කරන ආයතන වල සේවක සේවිකාවන් අතරද ඇය කෙරෙහි ඇත්තේ බියමුසු අප්‍රසාදයකි... ඔබ ඇයට වැඩ දහයක් හරියට කර දී, එකොළොස් වෙනි වැඩය වැරැද්දුවොත් මුලු ලොවෙහිම සිටින අමනම මිනිසා ඔබ ලෙස සළකා ඔබේ ඇඟට කඩා පනී...



    අමනාප නොවන්න.....:yes::yes:
    උපුටා ගන්නා ලද්දකි. රචකයා නොදනිමි.
    ඔයාලාගෙත් අදහස් කියන්න.....



    Menna me type ekk dannawa mama. me kiyau okkoma features thiyenawa
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදුරජානන් වහන්සේ දේශනා කළ භාර්යාවන් සත් දෙනා:

    වධක සම භාර්යාව, චොරී සම භාර්යාව, අර්‍ය්‍ය සම භාර්යාව, මාතු සම භාර්යාව, භගිනී සම භාර්යාව, සඛී සම භාර්යාව, දාසි සම භාර්යාව

    වැඩි විස්තර: ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ සත්තක නිපාතයේ අඛ්‍යාකත වග්ගයේ සත්තභරියා සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp15/434 ]

    Skylark
     
    Last edited: