~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දුගියනේ අහපල්ලා

    නාට්‍ය‍ය‍ -
    දුගියනේ අහපල්ලා
    ගායනය - රොඩ්නි වර්ණකුල


    දුගියනේ....අහපල්ලා..
    යදියනේ....අහපල්ලා..

    මහ වාසල වෙත පලයල්ලා
    පේළි ගැහීලා පලයල්ලා
    කොන්ද කෙලින් කර පලයල්ලා
    බඩ දිග ඇරගෙන පලයල්ලා
    ඔලොඟු කරේ ලා පලයල්ලා
    උඹලගෙ හොඳ කල ඇවිදිල්ලා
    [කන්න බොන්න මිල මුදල්ද
    ඉනට වස්ත්‍ර ඉඩ කඩම්ද
    යන්ට එන්ට වාන වහන
    රජ්ජුරුවෝ දන් දෙනවා]//

    [දෙන දේවල් ලියා දෙන්ට මං
    පොතක් අරන් ආවා]//

    ඇඳ ඇතිරිලි සත් සියයයි
    කොට්ට මෙට්ට සත් සියයයි
    රන් කම්බිලි සත් සියයයි
    රනින් මාල සත් සියයයි
    රනින් තෝඩු සත් සියයයි

    [දෙන දේවල් ලියා දෙන්ට මං
    පොතක් අරන් ආවා]//

    දුගියනේ....



     

    chamee777

    Member
    Dec 8, 2006
    4,974
    6
    0
    FAR FAR AWAY
    අපූරැ වැඩක් සහෝදරී නියමයි

    කියන්න වචන නෑ ඒ තරම් මේ පිටුව අගෙයි
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63


    Machan Uba Hoda Wadak Karala Thiyenne.........
    Me Wage Sindu Dan Ahana Un Adui.
    Hoya GAnnath Na Songs.
    Thanx Machan....

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආ‍යු‍බෝ‍ව‍න්‍ ස‍බේ‍

    නා‍ට්‍ය‍ය‍ -
    ආ‍යු‍බෝ‍ව‍න්‍ ස‍බේ‍
    ගා‍ය‍න‍ය‍ -

    න‍න්‍ නා‍නෙ‍ නා‍ න‍න‍ න‍න්‍ නා‍නෙ‍ නා‍
    න‍න්‍ නා‍නෙ‍ නා‍ න‍න‍ න‍න්‍ නා‍නෙ නා‍
    න‍න‍ න‍න්‍ නා‍නෙ‍ නා‍ න‍න‍ න‍න්‍ නා‍ නෙ‍නා‍
    න‍න‍ න‍න්‍ නා‍නෙ‍ නා‍ න‍න‍ න‍න්‍ නා‍ නෙ‍නා‍

    ආ‍යු‍බොව‍න්‍ ස‍බෙ‍ ම‍හ‍තු‍න්‍ටා‍ ඔ‍හෝ‍
    ආ‍යු‍බොව‍න්‍ ස‍බෙ‍ ම‍හ‍තු‍න්‍ටා‍ ඔ‍හෝ‍
    ම‍හ‍ කා‍ලෙ‍කි‍න්‍ ආ‍වෙ‍ දැ‍ක‍ ග‍න්‍ටා‍ ඔහෝ
    ම‍හ‍ කා‍ලෙ‍කි‍න්‍ ආ‍වෙ‍ දැ‍ක‍ ග‍න්‍ටා‍
    හෙරලි ටිකක් මම කෑ සඳිනා සොඳ
    හෙරලී ටිකක් මම කෑ සඳිනා
    මගෙ හැකිලී තිබුනු බඩ ඩෝලෙ උනා//

    න‍න්‍ නා‍නෙ‍ නා‍ ...

    නැන්දා මෙමට යස වැඩක් කලා අනේ
    නැන්දා මෙමට යස වැඩක් කලා
    දත බින්ඳාය හිරමණ කෝට්ටෙන් තලා//
    කෝලාන් සෙලාක්කේ වෙනදා වගේ//
    නුඹෙ රාළ දැනුත් බොනවාද ලඳේ//

    න‍න්‍ නා‍නෙ‍ නා‍ ...

    සෙල්ලන් කරන මගෙ බෝලෙ ලිඳේ ඔහෝ
    සෙල්ලන් කරන මගෙ බෝලෙ ලිඳේ
    මගෙ බෝලෙ අරන් දෙනවාද නගේ//
    සිංහ පැටව් තණකොල නොකතී හොහෝ
    සිංහ පැටව් තණකොල නොකතී
    හරී සිංහලයින් අවලන් නොවෙතී//

    න‍න්‍ නා‍නෙ‍ නා‍ ...

    සුද්දා වගේ සුදු මාගෙ පියා ඔහෝ
    කලු වැද්දී සරණකර ගත්තේ දයා//
    වන්සෙට කැත නොකියන්න පුතේ අපේ
    වන්සෙට කැත නොකියන්න පුතේ
    මහවංසෙ අරන් බලපන්න පුතේ//

    න‍න්‍ නා‍නෙ‍ නා‍ ...

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බ‍ලා‍ පෙර මග

    නා‍ට්‍ය‍ය‍ -
    බ‍ලා‍ පෙර මග
    ගායනය - මැණිකෙ අත්තනායක,නිශ්ශංක දිද්දෙණිය


    බලා පෙර මග උනිමි සමිඳුනි
    යහනෙ තනිවී පෙළී වියොවින්
    මුහුන දැක යලි වීමි ඔද වැඩි
    කිරි සයුර සේ දුපු තුසර කර
    වීත වැඩ ගිය ගමන සිතුලෙද
    නිරෝසුව හැකිවේද විඳිනට

    සතුරු සෙන් මැඩ යුධ වැදේ තදේ
    නොහිඳ ආයෙමි පියබඳේ ශ්‍රිදේ
    දකිනුවස් නුඹෙ වතසඳේ සොඳේ
    එදුක වාවනු කොයි ලෙදේ දේ
    විඳි නුරා රස සිහිවුනේ මෙනේ
    වී අම අදර එදිනේ නොමිනේ
    නොරැඳි එදෙසේ පැමිනුණේ සැනේ
    වෙත පුරුදු ලඳ පතමිනේ සෙනේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කු‍ල‍ භේද‍

    නා‍ට්‍ය‍ය‍ -
    කු‍ල‍ භේද‍
    ග‍ය‍න‍ය‍ - ජ‍ය‍ශ්‍රී‍ ච‍න්ද්‍ර‍ජි‍ත්‍


    මදෑ ගම රට අතහැරල කොළඹ නගරෙට ආව, අතන මෙතන රස්තියාදු වෙන්න!

    කුල භේද අග හිඟ හින්දා
    ඉවසන්න බැරි තැන හින්දා
    [සැනසීම සොය සොය කොළඹට
    අපි ආව දුවගෙන පහලට]//
    තිබුනාට ගමරට හුට පට
    වැටුනාද කබලෙන් ලිපකට
    [ඇවිදිල්ල දුර සිට කොළඹට
    පැනපල්ල දැන් අර බේරෙට]//
    [දෑත වන වනා අපි ආවේ
    තූත්තුකුඩියේ සිට ආවේ]//
    [පැලවන්වෙන්නට අපි ආවේ
    කැහැපට ගහගෙන අපි ආවේ]//
    කොළඹ මොකද රත්තරන් තියෙනවද
    වෙස්සන්තරලා දොරදන්දෙනවද
    සාක්කු කපමුද කසිප්පු පෙරමුද
    මාංචු දාගෙන හිරේට වැටෙමුද
    [මොනවද නැත්තේ කොළඹ රටේ
    ටැක්සියෙ නැගලා යමුද වටේ]//

    අහස උසට තට්ටු ගෙවල්
    වීදි දිගේ විදුලි පහන්
    [විස්කි බ්‍රැන්ඩි එක්ක වහල්
    තංගසාල මෝට කාර්]//
    ??වරු කොණ්ඩෙ බඳින
    ??ලා ඇඟ වඩවන
    [සුදු වැල්ලේ අව්ව තපින
    නිදි කෙල්ලෝ ජෝගි නටන]//
    නොදෝමකින් ආපු ගමන
    පිස්සු රැලක් එක්ක අමන
    [ඔන්න ඉතින් කොළඹ නගරෙ
    මේ සම්පත් කොහෙද උතුරෙ]//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ම‍ගු‍ල‍ට‍ ම‍ට‍ම හිනා

    නා‍ට්‍ය‍ය‍ -
    ම‍ගු‍ල‍ට‍ ම‍ට‍ම හිනා
    ගායනය -


    කිසි කිසි බසිය මනා මගුලට මටම හිනා//
    මට හිරයක් සතුටින් ඇහුවා කොළඹ ගොහින්//
    මෙව්වට මටම ඉතින් තනියම හිනහ බොලං//
    ආදර උගුල් උගුල් මෝදර හරක් කකුල්//
    අද මට බොහොම මගුල් කත හැකි කුකුල් කකුල්//

    කිසි කිසි බසිය මනා මගුලට මටම හිනා..
    මට හිරයක් සතුටින් ඇහුවා කොළඹ ගොහින්//
    මෙව්වට මටම ඉතින් තනියම හිනහ බොලං//
    ආදර උගුල් උගුල් මෝදර හරක් කකුල්//
    අද මට බොහොම මගුල් කත හැකි කුකුල් කකුල්//

    කිසි කිසි බසිය මනා මගුලට මටම හිනා////

     
    • Like
    Reactions: ovalprasad

    Samdpth

    Member
    Dec 29, 2007
    734
    6
    0
    in muted sky
    bohooma sthuthi, man okkoma tika download kela,
    oyata puluwand ''Ivan Paulusha ayi horahin madesa balanne'' kiyana noorthi geeya hoyala denna.
    puluwannam loku udawwak,
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මෙන්න කට්ටිය ඉල්ලපු ගීතයක් : ''නෛ‍යිනගෙ සූදුව''
    සැ.යු. මේක ගත්තෙ පහළින් දාන you tube video එක convert කරල
    ( video එක convert කරල දුන්න යාළුවට ස්තූතියි :rofl::P )


    නෛ‍යි‍න‍ගෙ‍ සූ‍දු‍ව‍

    නා‍ට්‍ය‍ය‍ - ම‍ධු‍ර‍ ජ‍ව‍නි‍කා‍(ද‍යා‍නන්ද ගු‍ණ‍ව‍ර්ධ‍න‍)
    නෛ‍යි‍න‍ගෙ‍ සූ‍දු‍ව‍
    ගා‍ය‍න‍ය‍ - ජැක්සන් ඇන්තනී,අනුලා බුලත්සිංහල
    (එච්.ඒ.පියදාසගේ කවි කොලය ඇසුරෙනි)


    පළමුව මම වැන්ද බුදුන් සිහිකරගෙන ඒ ගුණ කඳ
    දෙවනුව සත්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
    තෙවනුව මහ සංඝ‍ රත්නෙ වැද සුරන්ට පින් දී සොඳ
    කියනව අපි නෛ‍යින‍ගෙ‍ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

    සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්‍රිස් රජුන්ට
    කෙලින් ඉන්න නොදී අපිට බලේ ගත්ත ඔවුන් අතට
    පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුන කොළොම්පුරට
    ඔවුන් අතර හිටිය නෛ‍යි‍නා‍ තම්බි කියල කෙනෙක් ජයට


    අම්මෝ නංගියො හැමතැනම හොයපු සින්දුවක් මෙතනදි හම්බ උනා
    ඔයාටයි සින්දුව කොන්වර්ට් කරපු එක්කෙනාටයි ගොඩාක් තැන්කිවු.
    දිගටම මේ ත්‍රෙඩ් එක අරන් යන්න ශක්තිය ලැබේවා.:D:D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමක්ද අක්කණ්ඩියේ

    නා‍ට්‍ය‍ය‍ -
    කුමක්ද අක්කණ්ඩියේ
    ගායනය -


    කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව
    දනවන කුතු..හලය අප සිත් තුල
    නොදුටු විරූවක් යම්කිසිවෙකු පෙර
    කෙලෙසද සිත් සෝදිසියට කියන්නේ

    පියාපතක් දෝ ස්වර්ණ වර්ණ
    දෙව්ලොව පක්ෂියෙකුගේ
    අසිරිමත් නරලොව තතු
    දැනගන්නට සිත්සේ රෑන හැරා
    හුදකලාව මිහිමත

    පියාපතක් නොව..
    විස්කම් දෙව් පුත් මැවූ
    අබරණකි දඹ නද රන් ගෙන
    මෙවන් සියුම් අත්කමක් කරන්නට
    මෙලොවේ නම් නැත රන් කරුවෙක් කිසි

    අබරණක් නොව මලක් වේද එය
    හිමගිරි අරණේ පිපෙනා මනරම්
    [නීලම්බරයේ සැරිසරන නිබඳ
    සිදඟන වරලින් ගිලිහුනු සුරත?]///

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ල‍ප‍ නො‍ම‍ව‍න්‍ ස‍ඳ‍

    නා‍ට්‍ය‍ය‍ - මනමේ(මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නිර්මාණයක්)
    ල‍ප‍ නො‍ම‍ව‍න්‍ ස‍ඳ‍
    ගායනය -


    [ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
    සේ සොමි ගුණෙනා
    ආදර දිනනා සෙසු සැවොමා]//
    රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා//
    වෙමි මම සුවචා දූ කුමරී

    [නිමල පෙමින් නිති මා ඇතිදැඩි කල
    මා ඇතිදැඩි කල
    මා පිය ගුරුගේ අණ ලෙසිනා]//
    සේ සිය නේත්‍රා මා රැකි සතතා//
    සිත නොම රිදවා වෙසෙමි සදා


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නුවණින් විමසා

    නා‍ට්‍ය‍ය‍ - (මහාචා‍ර්‍ය‍ එදිරිවීර සරත්චන්ද්‍ර නිර්මාණයක්)
    නුවණින් විමසා
    ගායනය -


    [නුවණින් විමසා තතු පෙර දවසේ
    නිවහල් ලෙස කටයුතු කල මපියා]//
    දැන් අඳබල ලෙස හැසිරෙන සැටි දැක//
    කම්පා වේ සිත සිදුවූ වෙනසින්///
    [ඔහුගේ සිත කය දෙක මුලුමනින්ම
    අත්පත් කරගත්තා මගෙ සුලුමව]//
    පලවා හැරියා ඔහු හද පත්ලෙන්//
    පුතු සෙනෙ‍හ‍ස‍ ම‍ද‍කුදු එහි‍ නො‍තබා///
    [මිනිස් ලොවේ පල් සොරෙකුට හිමිවූ
    නින්දිත මරණයකට ගොදුරුවන්ට]//
    සිදුවන සැටි දැක දෙවිඳුනි ලෝපල්//
    යුක්තිය පසිඳා දෙනුවස් සතහට//
    දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා//
    විනිශ්චයක් සාධාරණ ලබන්ට///
    දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා
    ආ..ආ...ආ....
    දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා
    විනිශ්චයක් සාධාරණ ලබන්ට///