ඒකි කපටියි හැබැයි අර නම්බු හේනයා කියන පොන්සියා ඒකිට හරියට ඉකුවා නං ඒකි ආය අනගි හාමි හොයාගෙන ගිහිං ඇරගන්න හදන්නෙ නෑ. අරූ පයියවත් නගින්නැති පොන්නයෙක්අපේ අම්මලා කුරුණෑගල.ගොවිගම.එක දවසක් හකුරු කුලේ ගෑනු කෙනෙක් හොඳ සුදු රෙද්දකින් ඔතාගෙන ඔලුවෙ තියාගෙන බොහොම ගරු සරු ඇතුව කැවිලි පාර්සලයක් අරන් ආවලු එහෙට.අම්මගෙ තාත්තා ඇහුවලු මොනවද නැන්දා ඔය කියලා.(අඩු කුලේ අයට වයස මොකක් උනත් නැන්ද,මාම කියලලු කතා කරේ ඒ පැත්තේ).අර ගෑනු කෙනා කීවලු ගෙදර උත්සවයක් තිබුනා.කැවිලි ටිකක් අරන් ආව කියලා. අර සීයා කාරයා ගත් කටටම කිව්වලු අනේ නැන්දා මෙහෙ ඕවා කන්න කවුරුත් නෑ ඕක අරන් පලයන් කියලා. අර ගෑනු කෙනා ඔලුව පාත් කරන් හැරිලා ගියාලු. අපේ අම්මයි පොඩි මාමයි පස්සෙන් ගිහින් ඒ පාර්සලේ ඉල්ලගෙන ගෙදරට අරන් එන්නෙ නැතුව ඔක්කොම කෑවලු. සීයා දැන් නෑ. ආච්චි අම්මත් එක්ක ඒ පවුලෙ 11ක් ඉන්නවා.තාමත් ඔය කුල හුත්ත ඇඟට නොගන්නෙ අපේ අම්මයි පොඩි මාමයි විතරයි.පොඩි කාලේ අඩු කුලේ ගෙදරකින් තැඹිලි ගෙඩියක් බිව්වා කියල අම්මට සීයා වේවැලකින් තුවාල වෙනකම් ගැහුවලු දවසක්.මේවා මේ මහ ඈතක උන දේවල් නෙවෙයි.අසූ ගනන්වල උන දේවල්.ඒ කාලෙත් ඔය කුප්ප ගති ඔහොම තිබුනා කියන්නේ එක්දාස් අටසිය ගනන් වල කොහොම තියෙන්න ඇතිද?
පවුලෙන්ම අපේ අම්මයි පොඩි මාමයි විතරක් වෙනස් වෙන්න බලපාපු මම අනුමාන කරන හේතුවකුත් තියෙනවා.ඒක කිව්වොත් මෙතන වෙනම පැත්තකට කතාව යනවා.ඒ නිසා ඒක ඕන නෑ.
මේ කෙල්ල නම් සෙට් නෑ මගෙ හිතේ තියෙන රූපෙට. පොඩිනා කියන්නෙ දඟකාර ඒ වගේම කපටි කෙල්ලෙක්. ඒකි අහිංසක නෑ. ඒක නිසයි ඒකි අර නෝන්ජල් මිනිහව රවට්ටලා අල්ලගන්නෙ. ඒ මිනිහට හැමදාම බනින්නෙ. මේ කෙල්ලගෙ ඒ කපටි රැවටිලිකාර නපුරු පෙනුම නෑ.
------ Post added on Aug 22, 2022 at 5:43 PM
