නෙත් කැළුම් පා නොයන්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙත් කැළුම් පා නොයන්...

    ස්නේහයෙන් මත් වෙනා..
    හදවතේ ඉතිරෙනා..
    පෙම් හැගුම් කැලතෙනා..
    ඔබ නොවේ .. විමසනා....
    ඇරඹුමක් සොයමිනා....
    සිත මගේ ගොලු වෙනා...
    තව දිනක් නිම වෙනා...
    ඔබ මගෙන් නික්මෙනා......

    පන්තියේ හිනැහෙනා..
    හඩ අසා සැනසෙනා...
    මිතුරු අව නඩු නිසා..
    ඒ සිනා වියැකෙනා...
    යන්තමින් නිල් නෙතින්..
    මා දිහා බලමිනා......
    ඒ නෙතේ දිස්නයෙන්...
    ආදරේ වෑහුනා.......

    මගතොටේ මුනගැසී...
    තතු ඔබේ විමසනා....
    අරමුණෙන් මා හෙටත්..
    අද වගේ නවතිනා....
    මාවතේ මල් පිපී..
    රුව ඔබේ ගෙන එනා..
    නෙත් කැළුම් පා නොයන්..
    දිවි මගේ නවතිනා.....

    images