නෙලී - දන්නවා කියලා හිතන් හිටියට අපි දන්න...

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    නෙලී - දන්නවා කියලා හිතන් හිටියට අපි දන්න...

    යුදෙව්වෝ කියන්නේ දැනට ලෝකේ ඉන්න බුද්ධිමත්ම ජාතියක්. මේ ගොල්ලෝ මෙච්චර දියුණු වෙන්න හේතුව තමයි, එක්කෙනෙක් ඉගෙන ගන්න දේ තවත් විශාල පිරිසකට බෙදා දෙන එක. මුලින් ඉඩම් කීපයක් විතරක් මිලදී ගත්ත යුදෙව්වන්ට තමන්ගෙම කියලා රටක් හදාගන්න මහලොකු කාලයක් ගියේ නෑ. මේ ගොල්ලෝ කරපු දෙවල් කියවපු කාලේ ඉඳලම මගේ හිතේ අදහසක් තිබුණා මගේ දැනුම අනිත් අය එක්ක බෙදා ගන්න. විශේෂයෙන්ම මං දන්න විදියට ඉංග්‍රීසි අනිත් අයත් එක්ක බෙදා ගන්න. හේතුව ඒක විතරයි මට දැනට Free දෙන්න තියෙන්නේ.
    -------------------------------------

    Note: මේ ත්‍රෙඩ් එක අපේ නෙලී කියන ඇප් එකේම කොටසක් විදියට කරන දෙයක්.ත්‍රේඩ් එකෙන් මූලිකවම කරන්නේ දවස ගානේ පුලුවන් තරම් අලුතෙන් ඉංග්‍රීසි වචන ෆෝරම් එකේ අයත් එක්ක බෙදා ගන්න එක.Neli කියන්නේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඇප් එකක්. ඔයාට Neli App එක මෙතනින් Download කරගන්න පුලුවන්. https://play.google.com/store/apps/details?id=com.awignas.neli
    --------------------------

    TT3HAjP.png

    ඉතින් මේ නිසා මමයි තව යාලුවෝ කීප දෙනෙකුයි එකතු වෙලා නෙලී කියන ඇප් එක හැදුවා. මේක හදන්න වගේම දවස ගානෙම අප්ඩේට් කරන්න අපිට ලොකු කාලයක් වගේම මහන්සියකුත් යනවා. ඇප් එකෙන් කරන්නේ දවස ගානේ Basic, Intermediate & Advanced කියන ලෙවල් තුනටම හරියන විදියට අලුතෙන් ඉංග්‍රීසි වචන 10ක් ඔයාගේ ෆෝන් එකටම එවන එක. ඇප් එකේ Features විදියට මූලිකවම මේ දේවල් තියෙනවා:

    =<දවස ගානෙම අලුතෙන් වචන 10ක් ඉගෙන ගන්න පුලුවන්.
    =<වචන ලෙවල් තුනටම අදාල විදියට එවන්නේ.
    -Basic ලෙවල් එකට වචන 3ක්
    -Intermediate ලෙවල් එකට වචන 4ක්
    -Advanced ලෙවල් එකට වචන 3ක් විදියට.
    =<හැම වචනයකම තේරුම, ශබ්ද කරන විදිය, පාවිච්චි කරන විදිය, ඒ වගේම උදාහරණ, මේ හැම දෙයක්ම එක්කම ඉගෙන ගන්න පුලුවන්.
    =<වචන තවත් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඒ වචනවලට සමාන පද, විරුද්ධ පදත් එවනවා.
    ලොකුවට ඩේටා යන්නෙත් නෑ.
    =<අනිත් එක තමයි පාඩමක් Favorite කරගත්තොත් ඩේටා නැති වෙලාවක උනත් බලාගන්න පුලුවන්.
    =<Basic ලෙවල් එකේ ඉන්න අය වෙනුවෙන් වැඩියෙන්ම පාවිච්චි කරන ඉංග්‍රීසි වචන වෙනමම Categories විදියට තියෙනවා. ඒ නිසා ඉගෙන ගන්න අයට තවත් ලේසීයි.
    මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ).
    https://play.google.com/store/apps/details?id=com.awignas.neli

    (එහෙම නැතිනම් Neli English කියලා Playstore එකේ Search කරලා Install කරගන්නත් පුලුවන්.)


    ----------------------------------------------
    අපි පටන් ගමු. මුලින්ම කතා කරන්නේ ආප්තෝපදේෂයක් එහෙම නැතිනම් ප්‍රස්තාව පිරුලක් ගැන, ඒ තමයි :


    Better to reign in Hell than to serve in Heaven.
    ස්වර්ගයේ සේවය කරනවාට වඩා නිරයේ රජකම් කිරීම හොඳය.


    මේ පිරුළෙන් අලුත් වචනයක් ඉගෙන ගන්න පුලුවන්. ඒ තමයි reign: මේ වචනය, "රාජ්‍ය පාලනය, රජකම් කිරීම, අධිපතීත්වය" වගේ තේරුම් දෙන නාම පදයක් වගේම, අධිපතිකම් කරනවා, රජකම් කරනවා" වගේ තේරුම් දෙන ක්‍රියා පදයක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්:


    මේ ප්‍රස්තාව පිරුළෙන් කියන්නේ මේ වගේ දෙයක්. "ගොඩාක් හොඳ තැනක සේවකයෙක් වගේ වැඩ කරගෙන ඉන්නවට වඩා, ගොඩාක් නරක තැනක කාටවත් යටත් නොවී, රජෙක් වගේ ඉන්න එක ගොඩාක් හොඳයි" කියන එක. පාවිච්චි කරන වෙලාව විදියට මෙහෙම උදාහරණයක් ගන්න පුලුවන්. "හොඳට ඇඳ පැලදගෙන ලොකු ජොබ් එකක් කරගෙන බොස් කෙනෙක්ගෙන් බැනුම් අහගෙන ඉන්නවට වඩා, තමන්ගෙම කියලා මාලු ලෑල්ලක්, කුඹුරක් කරන එක හොඳයි ".
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    අනිවාරෙන්ම සහෝ.

    yudewwangen inspire wela wage. yudewwangen apita godak dewal igena ganna puluwan


    අනිවාරෙන්ම සහෝ. අපි හරියට එකමුතු වෙලා හිටියොත් අපිටත් ලෝකේ ලොකු ජාතියක් විදියට නැගිටින්න පුලුවන්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුලින් ඉඩම් කීපයක් විතරක් මිලදී ගත්ත යුදෙව්වන්ට තමන්ගෙම කියලා රටක් හදාගන්න මහලොකු කාලයක් ගියේ නෑ


    Thiefs
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0



    අනිවාරෙන්ම සහෝ. අපි හරියට එකමුතු වෙලා හිටියොත් අපිටත් ලෝකේ ලොකු ජාතියක් විදියට නැගිටින්න පුලුවන්.

    :yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ios app එකකුත් හදන්න පුලුවන්නම්...
    Rep++++
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0



    අනිවාරෙන්ම සහෝ. අපි හරියට එකමුතු වෙලා හිටියොත් අපිටත් ලෝකේ ලොකු ජාතියක් විදියට නැගිටින්න පුලුවන්.

    :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp karayo hithan inne anurai ara bebadda vijitha herathui kiyala mulu lokenma buddimathma:D:D:yes::yes:;);):D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒක නියම කතාව. :lol:

    jvp ekek rep kapala ban mekath kunuharupa kiyagena ghin anurayage kathwak wage. wenasak na anurage kathath melo wadakata nathi kunuharupayak wagena:D:D:yes::yes:;);):D:D man udin kiwwa eka hari kiyala untama therenawa:D:D:yes::yes:;);):D:D
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    Look up to

    මීලඟට අපි කතා කරන්න යන්නේ Phrasal Verb එකක් ගැන. ඒ කියන්නේ ක්‍රියා පදයකට නිපාත පදයක් හෝ ක්‍රියා විශේෂණයක් එකතු වෙලා හැදෙන කෙටි වාක්‍ය ඛණ්ඩයක් ගැන. දැන් කතා කරන්න යන Phrasal Verb එක තමයි.


    look up to : ගෞරවයෙන් බලනවා, ගරුකොට සලකනවා,



    මේ වචනයේ තේරුම යමෙක් ගැන ගෞරවයෙන් සලකනවා, කෙනෙක්ව අගය කොට සලකනවා.

    මේ පදය පාවිච්චි කරන්නේ අපිට යම් කෙනෙක් ගැන ලොකු ගෞරවයක් තියෙනවා, එයා කියන දෙයක් අපි හිස් මුදුනෙන් සලකනවා, අපි මොනා කරන්න ගියත් එයා ඒ දේ කලේ කොහොමද කියලා හොයලා බලලා ඒකම කරන්න බලනවා, මෙන්න මේ වගේ කෙනෙක් ගැන කතා කරද්දි අපිට මේ පදය පාවිච්චි කරන්න පුලුවන්.


    උදාහරණ විදියට ගත්තොත්:


    We've got a lot of kids who look up to us.
    අපි දිහා ගෞරවයෙන් බලන ළමයි ගොඩාක් අපට ඉන්නවා.


    The younger guys could look up to him and learn from him.
    තරුණ පිරිමි ළමයින්ට ඔහු දෙස බලා ඔහුගෙන් ඉගෙන ගත හැකිය.


    A lot of them have said they look up to me.
    ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ ඔවුන් මා දෙස ගෞරවයෙන් බලන බවයි.


    සමාන වචන(Synonyms): admire, praise, adore.
    -----------------------------
    Promo : ඔයත් අදම නෙලී එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන්ගන්න. මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ).
    https://play.google.com/store/apps/details?id=com.awignas.neli

    ------------------------------
     
    • Like
    Reactions: girigoris_1923