නෙවිල් ප්‍රනාන්දු රෝහලට කෝටි 20ක්
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
එම රෝහල ශ්‍රී ජයවර්ධන මහ රෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථා ගත කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ අතර එහි පරිපාලනය සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
-Lankadeepa-
Dan harine....