නෙළුම්_කුළුණ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    18402691_1859119737683285_7622894846306743893_n.jpg


    1. නෙළුම් කුළුණේ මීටර 292.2ක් (අඩි 958ක්) දැනටමත් ඉදි කර අවසන්ය.

    2. 2017 ඔක්තෝබර් මස වන විට මෙම ව්‍යාපෘථිය මුළුමනින්ම අවසන් වීමට නියමිත අතර, 2017 වසර අවසානයේ දී නෙළුම් කුළුණ විවෘත කිරීමට නියමිතය.

    3. ඉදිකිරීම් අවසන් වූ පසු, අකුණු සන්නායක කණුවද සහිතව, කුළුණේ සම්පූර්ණ උස මීටර 350ක් වනු අැත.

    4. නෙළුම් කුළුණට පැවරී ඇති ප්‍රධානතම කාර්යයක් වනුයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කුළුණක් ලෙස ක්‍රියා කිරීමයි. ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමක කොමිසම අපට පැවසූ පරිදි, ඒකිීය සම්ප්‍රේශණ මධ්‍යස්ථානයක් ලෙස නෙළුම් කුළුණ භාවිතා කිරීමේ අරමුණ වන්නේ සියළු සම්ප්‍රේශණ එකම ගුණාත්මක තත්වයක් යටතේ සියළු පාරිභෝගිකයන්ට එකවර විකාශනය කිරීමයි. මෙහි අතුරුඵලයක් ලෙස දැනට ක්‍රියාත්මක සම්ප්‍රේශකයන්ගේ මෙහෙයුම් ගාස්තුද අවම කර ගත හැක.

    5. නෙලුම් කුලුනේ සිට විකාශය කිරීමේ ස්වාධින වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය භාරගනු ඇත.

    6. මීටර 215ක් (අඩි 705ක්) හා මීටර 219.8ක් (අඩි 721ක්) ඉහළින් අැති නෙළුම් කුළුණේ පළමු හා දෙවන මහල් රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කටයුතු සඳහා භාවිතා කරීමට නියමිතය.

    7. නෙළුම් කුළුණ හුදෙක් සම්ප්‍රේශණාගාරයක් නාෙවේ. මහල් තුනකින් සමන්විත එහි පදනමෙහි (base) සුඛෝපභෝගී සාප්පු සංකීරණ, භෝජනාගාර හා කෞතුකාගාරයක් පවා අඩංගු වීමට නියමිත අතර කුළුණේ ඉහල ස්ථරයන්හි උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක්ද ඉදි වෙනු අැත.

    8. විදුලිසංදේශ නියාමක කොමිසමට අනුව, නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු කෙරෙනුයේ චීනයේ ආනයන අපනයන බැංකුව මගින් ලබා දුන් ණය මුදලකිනි. මෙම ණය මුදල කුළුණෙන් ලැබෙන අාදායමෙන් ගෙවා දැමීමට නියමිතය.

    9. වරකට 450 දෙනෙකු බැගින් රැඳවිය හැකි උත්සව ශාලා දෙකක් නෙළුම් කුළුණේ තෙවන (මීටර 219.8ක්/අඩි 721ක්) හා හතරවන (මීටර 224.6ක්/අඩි 737ක්) මහල් වල ඉදි වෙමන් පවතියි.

    10. සිය කක්ෂය වටා භ්‍රමණය වන – සරල භාශාවෙන් කියනවා නම් කැරකෙන බිමක් සහිත – අාපන ශාලාවක් මීටර 234.2ක (අඩි 768ක) උසකින් ඉදි කෙරේ.

    11. මීටර 244ක් (අඩි 784ක්) ඉහළින් අැත් කුළුණේ හත්වන මහල රාජ්‍ය අාරාධිතයන් සඳහා වෙන්වූ අති සුපෝඛභෝගී කාමර කිහිපයකින් සමන්විතය.

    12. නෙළුම් කුළුණේ නෙළුම් පෙති මේ වසරේ අගෝස්තු මසදී ඉදිකර අවසන් වනු අැති බවට විදුලිසංදේශ නියාමක කොමිසම් සභාව අනුමාන කරයි.

    13. මෙම නෙළුම් පෙතිවල රාමුව වානේ වලින් නිපදවන අතර පෙති වීදුරුවලින් තැනීමට නියමිතය. වෙනස් වන වර්ණයන්ගෙන් යුත් එල්.ඊ.ඩී. බල්බ මෙම වීදුරු පෙති වලට සවි කරීමට ද සැලසුම් කොට අැත.

    14. වෙසක්, අවුරදු හා නත්තල් වැනි උත්සව සමයන්හි ඒ් ඒ් උත්සවයට ගැලපෙන වර්ණයන්ගෙන් මෙම නළුම් පෙති හැඩගැන්වෙනු අැත.

    15. විදුලිසන්දේශ නියාමක කොමිසම විසින් නෙළුම් කුළුණ සැරිසැරීම සඳහා උපකාරක mobile app එකක් නිර්මාණය වීමටද නියමිතය. මෙමගින් නෙළුම් කුළුණේ අැති සිනමා හා අාපන ශාලා වල අාසන වෙන් කර ගැනීම යනාදිය පහසුවෙන් කර ගත හැක. තවද කුළුණ අාශ්‍රිත විවධ උත්සව සහ සිදුවීම් (events) පිළිබඳ තොරතුරු මෙම app එක හරහා ඔබට ක්ෂණිකව දැන ගත හැක.

    16. නෙළුම් කුළුණට අැතුළු වීමට ටිකට් පතක් මිල දී ගැනීමට සිදුවන අතර එයට පැමිණෙන පවුල් සහ පාසැල් ශිෂ්‍යයන්හට සුළු මුදලක් ගෙවා ඇතුල් විය හැක..

    17. මීටර 248.2ක් (අඩි 814ක්) ඉහළින් වූ කුළුණේ අටවන මහලේ අැති නැරඹුම් මැදරියෙහි දුරදක්න සවි කිරීමට නියමිතය.

    18. කුළුණේ ඉහළට ගමන් කිරීමට විදුලි සෝපාන අටක් ඉදි කෙරෙනු අැත. මින් සෝපාන දෙකක් අධි වේගී සෝපාන වන අතර, දෙකක් සාමාන්‍ය වේගයන් ගමන් කරයි. මන්දගාමී සෝපාන තුන බොහෝ දුරට සේවා කටයුත සඳහා යොදැ ගැනේ. අධි වේගී සෝපානයෙන් පහත මාලයේ සිට නැරඹුම් මැදිරය දක්වා ගමන් කිරීමට ගත වනුයේ විනාඩියකට වඩා අඩු කාලයකි‍.

    19. නෙළුම් පෙති එල්.ඊ.ඩී. බල්බ වලින් අාලෝකමත් වන්නා සේම, කුළුණේ කඳ ද flood light මගින් අාලෝකමත් කෙරෙනු අැත. මේ හේතුවෙන් රෑ කාලයේදී වුවද සැලකිය යුතු දුරක සිට නෙළුම් කුළුණ දැක ගත හැකිවනු ඇත.

    20. නෙළුම් කුළුණ අාශ්‍රිත ප්‍රදේශයේම දෙවන අදියරක් සඳහාද සැලසුම් ක්‍රියාත්මකය. වාහන 2000ක් රැඳවිය හැකි භුගත රථ ගාලක් (underground parking lot), සියළු අාර්ථික මට්ටම්වල අය සඳහා නිමැවුණු සාප්පු සංකීර්ණයක්, ශරීර යෝග්‍යතා අංගනයක් (gym), පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවන් මෙම දෙවන අදියරට අයත්ය.
    මේ සියළු සැලසුම් දෙස බැලීමෙදී පෙනී යන්නේ කොළඹ නගරය නුදුරේදීම හඳුනාගත නොහැකි අයුරින් වෙනස් වීමට නියමිත බවය. එම වෙනස හොඳ වෙනසක් පමණක්ම වන බවට අපි ඉතසිතින් පතමු.

    මූලාශ්‍රය - Roar Sri Lanka
     
    මහින්ද හිටියා නම් ඕක හදලා ඉවරයි
    ඕක හදනකන් බලන් හිටිය කාලයක්
    ඕක දිහා බලාගෙන රැට හිටියෙත්
    නෙදකින් ඕක ටක් ගාල හදලා ඉවර කරන්න බැරි වුනා නේ
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Podi Silva - පොඩි සිල්වා;21602979 said:
    මහින්ද හිටියා නම් ඕක හදලා ඉවරයි
    ඕක හදනකන් බලන් හිටිය කාලයක්
    ඕක දිහා බලාගෙන රැට හිටියෙත්
    නෙදකින් ඕක ටක් ගාල හදලා ඉවර කරන්න බැරි වුනා නේ

    :(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝටා ගේ සැලසුම්.. කොහෙවත් නැති කාලකන්නි පබයෙක් ඇවිත් කෑවට...