අමුතු හේතුවක් නෑ NATO එන්නේ member නම්. ඒක ඉතින් උන්ගේ charter එකේ පැහැදිලිව තියන දේ නේ බං.
පුටින්ගේ දරුවෝ ඉන්නේ නෙදර්ලන්තයේ සහ ජර්මනියේ.
කෝ.. ඔබලා ඒ මන්දිර වැටළුවා ද...?
යුක්රේන මාධ්‍යවේදිනිය බි්රතාන්ය අගමැතිගෙන් අසයි.
මේ යුක්රේන දේශසීමාවෙන් පලා ආ මාධ්‍යවේදිනියකි.
බි්රතාන්යය යුද්ධයට බය වී සිටින බවත්, යුක්රේන වැසියන් බේරා ගැනීමට කිසිවක් නොකරන බවත් කියමින් ඈ බි්රතාන්ය අග්‍රාමාත්‍යවරයා චෝදනා කරන්නීය.
න්‍යෂ්ඨික බලය හිමි
රුසියාව සම`ග යුද්ධ කිරීමට නේටෝ සංවිධානය බිය වී ඇති බව ඇය පවසයි.
බි්රතාන්ය අග්‍රාමාත්‍යවරයා පෝලන්තයට පැමිණියද, ඔහු යුක්රේනයේ අගනුවරට පා නොතබන බවටද ඇය චෝදනා කරයි.
නේටෝව තුන්වන ලෝක යුද්ධයකට බිය වී ඇති බව පවසන ඇය, නමුත් මේ වන විටත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ වී ඇති බව ද පවසයි.
රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පිළිබදව අගමැති බොරිස් ජොන්සන් කතා කලත් - පුටින්ගේ දරුවන් නෙදර්ලන්තයේ සහ ජර්මනියේ මන්දිර වල ජීවත් වන බවත් - ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමක් දකින්නට නැති බවත් ඇය පවසයි.