නේපාලයත්_එයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    නේපාලය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට: "ආඩම්බරයි"- රෝයි ඩයස්

    _100460672_gettyimages-1294511.jpg

    වසර කිහිපයක් ප්‍රමාද වී හෝ නේපාලය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම ගැන "පුදුම සතුටක්" දැනෙන බව වසර දහයක් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රෝයි ඩයස් පවසයි.

    දැනට පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව නේපාලය නිල වශයෙන් එක් දින ජාත්‍යන්තරය තරග පටියට පිවිසෙන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය සිකුරාදා නිවේදනය කළේය.

    ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඇතුලු බොහෝ දෙනා නේපාල කණ්ඩායමට සුභ පතා තිබුණි.

    ඒ අනුව නේපාලය එක් දින ජාත්‍යන්තර පිටියට එක්වන 13 වෙනි රට බවට පත්වන අතර, ඒ අතරින් හයක්ම ආසියානු රටවල් වීමත් විශේෂත්වයකි.

    සැබවින්ම නේපාලය එක් දින වරම් ලැබිය යුතුව තිබුණේ මීට වසර දෙකකට ඉහතදී බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු සහ උප නායකයෙකු වන රෝයි ඩයස්, නේපාල ක්‍රිකට් කණ්ඩායම යනු දැඩි මහන්සියකින් සහ කැපවීමකින් ක්‍රීඩා කරන දක්ෂ කණ්ඩායමක් බව සඳහන් කළේය.

    "ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් මුලින්ම ක්‍රීඩා කරන්න පටන් ගත්තේ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයෝ හැටියට මම ඉන්න කාලේ," ඔහු පැවසීය.

    _100459907_nepal.jpg

    "ඔවුන් දැන් ජාතික ක්‍රීඩකයෝ විදියට ඉදිරියට ඇවිල්ල එක් දින ක්ෂේත්‍රයට එක්වෙනව දකින එක ඇත්තටම මට ගෞරවයක්."

    "මමත් ඒ කණ්ඩායමේ කොටසක් වීම ගැන මට ආඩම්බරයි. මම ඔවුන්ට හදවතින්ම සුභ පතනවා."

    වැඩිදුරටත් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ රෝයි ඩයස් කියා සිටියේ, කණ්ඩායමේ වත්මන් නායක පාරස් කඩ්කා (Paras Khadka) "ඉතා ශක්තිමත් සහ දැනුමෙන් සපිරි" ක්‍රීඩකයෙකු බවය.

    කණ්ඩායමේ සිටින ශක්ති ගවුචන් (Shakti Gauchan) වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගැන ද ඔහු සඳහන් කළේය.

    "නේපාලය ක්‍රිකට් උන්මාදය තියෙන රටක්. නේපාලයේ හැම දෙනාම මේ ගැන ආඩම්බර වෙනව ඇති. ඒ ගැන මට සැකයක් නැහැ."

    පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතරවාරයේ කණ්ඩායමේ වර්ධනයට අත දුන් රොමේෂ් රත්නායක සහ තමන්ගෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාරගත් පුබුදු දසනායක වැනි ශ්‍රී ලාංකිකයන් ලබා දුන් දායකත්වය ද රෝයි ඩයස් විශේෂයෙන් අගය කළේය.

    ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය මෑතදී අයිසීසී යේ පූර්ණ සාමාජිකයන් බවට පත්වෙමින් ටෙස්ට් ක්‍රීඩා කිරීමේ වරම් ලැබුවේය.

    bbc-blocks-dark.png
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මුන් ඇවිල්ලා මොන නැටුමක් නටයිද දන්නේ නැහැ.දැක්කනේ හිමිජ්ජෝ වගේ හිටපු බංගලියෝ ඊයේ රෑ කරපු වැඩ..මේක හරියන්නේ නැහැ ජෝන් අමරතුංග යවන්න ඕන ICC එකේ ලොකු පුටුවකට.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන් ඇවිල්ලා මොන නැටුමක් නටයිද දන්නේ නැහැ.දැක්කනේ හිමිජ්ජෝ වගේ හිටපු බංගලියෝ ඊයේ රෑ කරපු වැඩ..මේක හරියන්නේ නැහැ ජෝන් අමරතුංග යවන්න ඕන ICC එකේ ලොකු පුටුවකට.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුන් ඇවිල්ලා මොන නැටුමක් නටයිද දන්නේ නැහැ.දැක්කනේ හිමිජ්ජෝ වගේ හිටපු බංගලියෝ ඊයේ රෑ කරපු වැඩ..මේක හරියන්නේ නැහැ ජෝන් අමරතුංග යවන්න ඕන ICC එකේ ලොකු පුටුවකට.

    :D:D:D:D:D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මුන් ඇවිල්ලා මොන නැටුමක් නටයිද දන්නේ නැහැ.දැක්කනේ හිමිජ්ජෝ වගේ හිටපු බංගලියෝ ඊයේ රෑ කරපු වැඩ..මේක හරියන්නේ නැහැ ජෝන් අමරතුංග යවන්න ඕන ICC එකේ ලොකු පුටුවකට.

    මුන් එන්නේ නම් තුත්තිරි ගස් අල්ල අල්ල තමා.බංගලියොත් එහමනේ..:yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    මුන් ඇවිල්ලා මොන නැටුමක් නටයිද දන්නේ නැහැ.දැක්කනේ හිමිජ්ජෝ වගේ හිටපු බංගලියෝ ඊයේ රෑ කරපු වැඩ..මේක හරියන්නේ නැහැ ජෝන් අමරතුංග යවන්න ඕන ICC එකේ ලොකු පුටුවකට.

    :D :D :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මුන් ඇවිල්ලා මොන නැටුමක් නටයිද දන්නේ නැහැ.දැක්කනේ හිමිජ්ජෝ වගේ හිටපු බංගලියෝ ඊයේ රෑ කරපු වැඩ..මේක හරියන්නේ නැහැ ජෝන් අමරතුංග යවන්න ඕන ICC එකේ ලොකු පුටුවකට.
    :rofl:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මුන් ඇවිල්ලා මොන නැටුමක් නටයිද දන්නේ නැහැ.දැක්කනේ හිමිජ්ජෝ වගේ හිටපු බංගලියෝ ඊයේ රෑ කරපු වැඩ..මේක හරියන්නේ නැහැ ජෝන් අමරතුංග යවන්න ඕන ICC එකේ ලොකු පුටුවකට.

    :D:yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඊලඟට එන බක පන්ඩිතයො තමා ඇෆ්ගනිස්තානෙ ඔන්න කිව්ව කියල හිතා ගනින්