නේපාල හිමාලයේ දින 21ක්
මම මේ කියන්න යන්නේ පහුගිය ඔක්තෝබර් මාසයේ අපි නේපාලයේ හිමාල කඳුකරයේ ගියපු trek එක (පා ගමන) ගැන. මුළු ගමනම නම් මාසයක් වගේ, හැබැයි එකෙන් දවස් 21ක් තමයි ට්‍රෙක් එක කරේ. අනික් දවස් වල kathmandu සහ pokara නගර වල ගත කරා.
ට්‍රෙක් එක ගැන:
නේපාලය ට්‍රෙකින් සඳහා ගොඩක් ප්‍රසිද්ද රටක්. සාමාන්යෙන් ප්‍රදාන වශයෙන් ප්‍රදේශ 3ක ට්‍රෙකින් කරනවා.
1. Everest region
2. Annapurna region
3. Langtang region
මේවයින් අපි තෝරාගත්තේ annapurna ප්‍රදේශය. මේ ප්‍රදේශයේත් විවිදාකාර trek තියෙනවා. ප්‍රදාන 2ක තමයි Annapurna circuit සහ Annapurna Base Camp. අපි කරේ Annapurna circuit කියන ට්‍රෙක් එක. අපි මේ ට්‍රෙක් එකට දවස් 21ක් ගත්තා. සාමාන්යෙන් මුළු ට්‍රෙක් එකම කරනවනන් ඒ වගේ කාලයක් යනවා. හැබැයි මුල හරියයි අග හරියයි ඇත ඇරලා කරන්නත් පුළුවන්. එහෙම කරපු අයත් අපි ගොඩක් දැක්ක. ඒ විදියට කරනවානං යන දවස් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් දවස් 10-14 කට වගේ.
අපි annapurna circuit එක තෝරාගන්න හේතු කීපයක් තිබ්බා. එකක් සාපේක්ෂව සෙනග අඩු වීම. අනික විවිද පරිසර බලාගන්න පුළුවන් වෙන එක. උදාහරනෙකට පල්ලෙහා කඹුරු, වනාන්තර, දිය ඇලි ඉඳන් උඩට යනකොට තණබිම්, හිම කඳු, කාන්තාර, පෞරාණික ගම්මාන, වගේ ඔක්කොම දේවල් බලාගන්න පුළුවන්.
ගමන් මග:
ට්‍රෙක් එක පටන් ගන්නේ මුහුදු මට්ටමෙන් 900m වගේ උසින් පිහිටන besisahar කියන ගමෙන්. ඉවර වෙන්නේ මුහුදු මට්ටමෙන් 1000m වගේ තියෙන Nayapul කියන ගමෙන්. හැබැයි අතර මැදදී ගොඩක් උඩහට නැගල තමයි අපහු පල්ලෙහට බහින්නේ. ගමනේ උසම තැන වන තොරුන්ග් ලා දුර්ගයේදී මුහුදු මට්ටමෙන් 5416m උඩට නගිනවා (සංසන්දනයට සමනල කන්ද 2243m). ගමනේ මුළු දුර 250km වලට වැඩියි. මම මුලුන් කිව්වා වගේ මුල් හරියයි අන්තිම හරියයි මග ඇරියොත් දුර ටිකක් අඩු කරගන්න පුළුවන්. කොහොමහරි සමහර දවස්වල 20-25km වලට එහා ඇවිදිනවා. සමහර දවස්වල 7-10 km වගේ තමයි ඇවිදින්නේ. මොකද ලොකු උන්නතාංශ වෙනසක් තිබ්බොත් (altitude gain), ගොඩක් දුර යන්න අමාරුයි. මෙම ගමනේදී ලෝකයේ උසම කඳු 10න් 3ක් දැක බලාගන්න පුළුවන්. ඒවා තමයි ලොව 7 වෙනියාට උස ධවලගිරි (8167m ), 8 වෙනියාට උස මනස්ලු (8163m), සහ 10 වෙනියාට උස අන්නපුර්ණා (8091).
අහාර සහ නවාතැන්:
මේ ගමනේදී තැනින් තැන පොඩි ගම්මාන වගේ තියෙනවා. ඒවායේ සංචාරකයන්ට ඉන්න පුළුවන් නවතන්පොලවල් (lodge ) තියෙනවා. පල්ලෙහා හරියේදී නම් km 5න් 5ට වගේ තියෙනවා. උද හරියේදී ටිකක් දුරින් දුරින් තමයි තියෙන්නේ. මේ හැම තැනම ආපනශාලා තියෙනවා. ඉතින් නවතින්න, කන්න, බොන්න, වගේ දේවල් ගැන වද වෙන්න දෙයක් නැහැ. මේ lodge වල පහසුකම් නම් ටිකක් අඩුයි. හෝටලයක් වගේ නම් නෙමේ. සමහර තැන්වල තියෙන්නේ එළියේ තියෙන වල වැසිකිලි. ඒවගේම උඩදී ගොඩක් සීතලයි. කාමර වල heating ඇත්තෙම නැහැ. ඉතින් පට්ට සීතලේ තමයි නිදාගන්න වෙන්නේ.උඩම හරියේදී අපි ගිය කාලේ රෑට සෙල්සියස් 0 වගේ වුනා. සමහර තැන වල උණු වතුරෙන් නාන්න පහසුකම් එහෙම තියෙනවා, මොකද සාමාන්‍ය වතුරෙන් නාන්න තියා හිතන්නවත් බැහැ.
කෑමට නම් නේපාල ආහාර සහ බටහිර ආහාර තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට එපා වෙන්නත් පුළුවන්. නේපාල කෑම වලට තියෙන්නේ dhal bhath (පරිප්පුයි බතුයි), momo, වගේ දේවල්. බටහිර කෑම විදියට pizza , sandwich වගේ දේවලුත් ගන්න පුළුවන්. මීට අමතරව noodles , fried rice වගේ ඒවත් තියෙනවා.
වෙනත් කරුණු:
මේ ගමනට මග පෙන්වන්නෙක් (guide ), බර අදින්න කෙනෙක් (porter ) අරගෙන යන්නත් පුළුවන්, නැත්තන් තනියම යන්නත් පුළුවන්. සමහරු guide, porter දෙකම අරගෙන ගියා. සමහරු porter විතරයි. සමහරු guide විතරයි. තවත් සමහරු (අපි වගේ) ඔය කවුරුත් නැතුව තනියම ගියේ. පාර හොයාගන්න ලොකු අමාරුවක් නැහැ. ඉතින් guide කෙනෙක් ඕනෑම නැහැ. තමන්ගේ backpack එක බර අඩුවෙන් තියාගන්න පුළුවන් නන් porter කෙනෙක් ඕනෙත් නැහැ.
ගමනේ පටන් ගන්න තැනටයි ඉවර වෙන තැන ඉන්දනුයි bus එකේ හරි taxi එකක හරි තමයි එන්න වෙන්නේ kathmandu හෝ pokhara නගර වලට. bus ගමන නං ටිකක් ලොකු කට්ටක්.
කත්මන්ඩු නගරයේ නටඹුන්, පරණ ගොඩනැගිලි, චෛත්‍ය වගේ දේවල් තියෙනවා බලන්න කැමති නම්.
ඉහල උන්නතාංශ වලදී altitude sickness (AMS ) කියන රෝගය ගොඩ දෙනෙක්ට හැදෙන්න පුළුවන්. ඉතින් 2500m වලින් උඩදී දවසට නගින උස ප්‍රමාණය අඩු කරගන්න ඕන. සාමාන්යෙන් කියන්නේ ඊගාවට නවතින තැන අද හිටපු තැනට වැඩිය 500m වලට වැඩි වෙන්න දෙන්න එපා කියලා. ඒ හින්දා කොයි වෙලාවකවත් තමන්ට පුළුවන් කියලා ගොඩක් උසට එක දවසකින් නගින්න හොඳ නැහැ.
වියදම්:
සාමාන්යෙන් දවසකට $15-20-25 වගේ තමයි එක්කෙනෙක්ට යන්නේ නවතින්නයි කන්නයි ට්‍රෙක් එකේදී. ටිකක් එහා මෙහා වෙනවා. පල්ලෙහා හරියේදී ටිකක් අඩුයි ගණන්. උඩට යන්න යන්න වියදන් පොඩ්ඩක් වැඩි වෙනවා.
kathmandu හා pokara නගර වල $15-20 ට වගේ double room එකක් හොයාගන්න පුළුවන්. කෑමත් ගණන් අඩුයි.
ට්‍රෙක් එක පටන් ගන්න තැනට යන්නයි ඉවර වුන තැනින් එන්නයි bus වලට $10 ගානේ වගේ යයි. මීට අමතරව annapurna
ප්‍රදේශයේ ට්‍රෙක් කරන්න permit දෙකක් ගන්න ඕන (ACAP සහ TIMS). මේ permit දෙකටම $15 වගේ තමයි ගියේ මොකද දකුණු ආසියානු රටවල් වල කට්ටියට හොඳ වට්ටමක් (discount ) තියෙනවා. දකුණු ආසියානු රටවල් වල අයට වීසා නොමිලේ on - arrival තියෙනවා.
කොහොමහරි ගොඩක් ලාබදායි ගමනක් මේක!
ලංකාවේ ගොඩක් දෙනෙක් නෙපලේ යන්නේ ලුම්බිණි සල් උයනට විතරයි. ඒ යන්නේ ඉන්දියාව හරහා. නමුත් හිමාල ප්‍රදේශයේ ඇවිදින්න යන්නේ බොහොම කිහිප දෙනෙක්. හැබැයි ලාබදායි විදියට හිම කඳු බලල හොඳ අත්දැකීමක් අරගෙන එන්න පුළුවන් නේපාලේ ගියොත්.
අපේ ගමනේ සම්පුර්ණ වීඩියෝ එක පහතින්
චායරුප දහස් ගණනක් අතරින් කිහිපයක්

Last edited:
wow patta machan
Mehe hamoma chaithya wala yanne wam paththen witarai.