නේපාල හිමාලයේ දින 21ක්

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    නේපාල හිමාලයේ දින 21ක්

    මම මේ කියන්න යන්නේ පහුගිය ඔක්තෝබර් මාසයේ අපි නේපාලයේ හිමාල කඳුකරයේ ගියපු trek එක (පා ගමන) ගැන. මුළු ගමනම නම් මාසයක් වගේ, හැබැයි එකෙන් දවස් 21ක් තමයි ට්‍රෙක් එක කරේ. අනික් දවස් වල kathmandu සහ pokara නගර වල ගත කරා.

    73129549_10157657073867622_3045420804033478656_o.jpg


    75252906_10157641767812622_8263157739065180160_o.jpg


    ට්‍රෙක් එක ගැන:
    නේපාලය ට්‍රෙකින් සඳහා ගොඩක් ප්‍රසිද්ද රටක්. සාමාන්යෙන් ප්‍රදාන වශයෙන් ප්‍රදේශ 3ක ට්‍රෙකින් කරනවා.
    1. Everest region
    2. Annapurna region
    3. Langtang region

    මේවයින් අපි තෝරාගත්තේ annapurna ප්‍රදේශය. මේ ප්‍රදේශයේත් විවිදාකාර trek තියෙනවා. ප්‍රදාන 2ක තමයි Annapurna circuit සහ Annapurna Base Camp. අපි කරේ Annapurna circuit කියන ට්‍රෙක් එක. අපි මේ ට්‍රෙක් එකට දවස් 21ක් ගත්තා. සාමාන්යෙන් මුළු ට්‍රෙක් එකම කරනවනන් ඒ වගේ කාලයක් යනවා. හැබැයි මුල හරියයි අග හරියයි ඇත ඇරලා කරන්නත් පුළුවන්. එහෙම කරපු අයත් අපි ගොඩක් දැක්ක. ඒ විදියට කරනවානං යන දවස් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් දවස් 10-14 කට වගේ.

    අපි annapurna circuit එක තෝරාගන්න හේතු කීපයක් තිබ්බා. එකක් සාපේක්ෂව සෙනග අඩු වීම. අනික විවිද පරිසර බලාගන්න පුළුවන් වෙන එක. උදාහරනෙකට පල්ලෙහා කඹුරු, වනාන්තර, දිය ඇලි ඉඳන් උඩට යනකොට තණබිම්, හිම කඳු, කාන්තාර, පෞරාණික ගම්මාන, වගේ ඔක්කොම දේවල් බලාගන්න පුළුවන්.

    76618315_10157657073297622_3343932726301425664_o.jpg


    ගමන් මග:

    ට්‍රෙක් එක පටන් ගන්නේ මුහුදු මට්ටමෙන් 900m වගේ උසින් පිහිටන besisahar කියන ගමෙන්. ඉවර වෙන්නේ මුහුදු මට්ටමෙන් 1000m වගේ තියෙන Nayapul කියන ගමෙන්. හැබැයි අතර මැදදී ගොඩක් උඩහට නැගල තමයි අපහු පල්ලෙහට බහින්නේ. ගමනේ උසම තැන වන තොරුන්ග් ලා දුර්ගයේදී මුහුදු මට්ටමෙන් 5416m උඩට නගිනවා (සංසන්දනයට සමනල කන්ද 2243m). ගමනේ මුළු දුර 250km වලට වැඩියි. මම මුලුන් කිව්වා වගේ මුල් හරියයි අන්තිම හරියයි මග ඇරියොත් දුර ටිකක් අඩු කරගන්න පුළුවන්. කොහොමහරි සමහර දවස්වල 20-25km වලට එහා ඇවිදිනවා. සමහර දවස්වල 7-10 km වගේ තමයි ඇවිදින්නේ. මොකද ලොකු උන්නතාංශ වෙනසක් තිබ්බොත් (altitude gain), ගොඩක් දුර යන්න අමාරුයි. මෙම ගමනේදී ලෝකයේ උසම කඳු 10න් 3ක් දැක බලාගන්න පුළුවන්. ඒවා තමයි ලොව 7 වෙනියාට උස ධවලගිරි (8167m ), 8 වෙනියාට උස මනස්ලු (8163m), සහ 10 වෙනියාට උස අන්නපුර්ණා (8091).

    75264935_10157700136667622_6070782281138569216_o.jpg


    78109783_10157700133377622_5111021377276608512_o.jpg


    72953471_10157651813162622_9104356787980599296_o.jpg


    අහාර සහ නවාතැන්:

    මේ ගමනේදී තැනින් තැන පොඩි ගම්මාන වගේ තියෙනවා. ඒවායේ සංචාරකයන්ට ඉන්න පුළුවන් නවතන්පොලවල් (lodge ) තියෙනවා. පල්ලෙහා හරියේදී නම් km 5න් 5ට වගේ තියෙනවා. උද හරියේදී ටිකක් දුරින් දුරින් තමයි තියෙන්නේ. මේ හැම තැනම ආපනශාලා තියෙනවා. ඉතින් නවතින්න, කන්න, බොන්න, වගේ දේවල් ගැන වද වෙන්න දෙයක් නැහැ. මේ lodge වල පහසුකම් නම් ටිකක් අඩුයි. හෝටලයක් වගේ නම් නෙමේ. සමහර තැන්වල තියෙන්නේ එළියේ තියෙන වල වැසිකිලි. ඒවගේම උඩදී ගොඩක් සීතලයි. කාමර වල heating ඇත්තෙම නැහැ. ඉතින් පට්ට සීතලේ තමයි නිදාගන්න වෙන්නේ.උඩම හරියේදී අපි ගිය කාලේ රෑට සෙල්සියස් 0 වගේ වුනා. සමහර තැන වල උණු වතුරෙන් නාන්න පහසුකම් එහෙම තියෙනවා, මොකද සාමාන්‍ය වතුරෙන් නාන්න තියා හිතන්නවත් බැහැ.

    කෑමට නම් නේපාල ආහාර සහ බටහිර ආහාර තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට එපා වෙන්නත් පුළුවන්. නේපාල කෑම වලට තියෙන්නේ dhal bhath (පරිප්පුයි බතුයි), momo, වගේ දේවල්. බටහිර කෑම විදියට pizza , sandwich වගේ දේවලුත් ගන්න පුළුවන්. මීට අමතරව noodles , fried rice වගේ ඒවත් තියෙනවා.

    75303710_10157661309287622_5017583023722332160_o.jpg




    වෙනත් කරුණු:

    මේ ගමනට මග පෙන්වන්නෙක් (guide ), බර අදින්න කෙනෙක් (porter ) අරගෙන යන්නත් පුළුවන්, නැත්තන් තනියම යන්නත් පුළුවන්. සමහරු guide, porter දෙකම අරගෙන ගියා. සමහරු porter විතරයි. සමහරු guide විතරයි. තවත් සමහරු (අපි වගේ) ඔය කවුරුත් නැතුව තනියම ගියේ. පාර හොයාගන්න ලොකු අමාරුවක් නැහැ. ඉතින් guide කෙනෙක් ඕනෑම නැහැ. තමන්ගේ backpack එක බර අඩුවෙන් තියාගන්න පුළුවන් නන් porter කෙනෙක් ඕනෙත් නැහැ.

    ගමනේ පටන් ගන්න තැනටයි ඉවර වෙන තැන ඉන්දනුයි bus එකේ හරි taxi එකක හරි තමයි එන්න වෙන්නේ kathmandu හෝ pokhara නගර වලට. bus ගමන නං ටිකක් ලොකු කට්ටක්.

    කත්මන්ඩු නගරයේ නටඹුන්, පරණ ගොඩනැගිලි, චෛත්‍ය වගේ දේවල් තියෙනවා බලන්න කැමති නම්.

    ඉහල උන්නතාංශ වලදී altitude sickness (AMS ) කියන රෝගය ගොඩ දෙනෙක්ට හැදෙන්න පුළුවන්. ඉතින් 2500m වලින් උඩදී දවසට නගින උස ප්‍රමාණය අඩු කරගන්න ඕන. සාමාන්යෙන් කියන්නේ ඊගාවට නවතින තැන අද හිටපු තැනට වැඩිය 500m වලට වැඩි වෙන්න දෙන්න එපා කියලා. ඒ හින්දා කොයි වෙලාවකවත් තමන්ට පුළුවන් කියලා ගොඩක් උසට එක දවසකින් නගින්න හොඳ නැහැ.

    වියදම්:

    සාමාන්යෙන් දවසකට $15-20-25 වගේ තමයි එක්කෙනෙක්ට යන්නේ නවතින්නයි කන්නයි ට්‍රෙක් එකේදී. ටිකක් එහා මෙහා වෙනවා. පල්ලෙහා හරියේදී ටිකක් අඩුයි ගණන්. උඩට යන්න යන්න වියදන් පොඩ්ඩක් වැඩි වෙනවා.

    kathmandu හා pokara නගර වල $15-20 ට වගේ double room එකක් හොයාගන්න පුළුවන්. කෑමත් ගණන් අඩුයි.

    ට්‍රෙක් එක පටන් ගන්න තැනට යන්නයි ඉවර වුන තැනින් එන්නයි bus වලට $10 ගානේ වගේ යයි. මීට අමතරව annapurna
    ප්‍රදේශයේ ට්‍රෙක් කරන්න permit දෙකක් ගන්න ඕන (ACAP සහ TIMS). මේ permit දෙකටම $15 වගේ තමයි ගියේ මොකද දකුණු ආසියානු රටවල් වල කට්ටියට හොඳ වට්ටමක් (discount ) තියෙනවා. දකුණු ආසියානු රටවල් වල අයට වීසා නොමිලේ on - arrival තියෙනවා.

    කොහොමහරි ගොඩක් ලාබදායි ගමනක් මේක!

    ලංකාවේ ගොඩක් දෙනෙක් නෙපලේ යන්නේ ලුම්බිණි සල් උයනට විතරයි. ඒ යන්නේ ඉන්දියාව හරහා. නමුත් හිමාල ප්‍රදේශයේ ඇවිදින්න යන්නේ බොහොම කිහිප දෙනෙක්. හැබැයි ලාබදායි විදියට හිම කඳු බලල හොඳ අත්දැකීමක් අරගෙන එන්න පුළුවන් නේපාලේ ගියොත්.

    අපේ ගමනේ සම්පුර්ණ වීඩියෝ එක පහතින්




    චායරුප දහස් ගණනක් අතරින් කිහිපයක්

    75371616_10157641767132622_788018828280856576_o.jpg


    74889375_10157661304282622_523765025454686208_o.jpg



    76650776_10157648562217622_1688706498550562816_o.jpg


    74334793_10157648566097622_4071738561223720960_o.jpg


    74271562_10157641768127622_7591417707145199616_o.jpg


    73086416_10157641769392622_2459819768618680320_o.jpg



    72677915_10157651813432622_3795105451469701120_o.jpg


    73189732_10157657096937622_41358280202649600_o.jpg


    75196371_10157648568827622_5086648129361543168_o.jpg


    74268830_10157657076582622_6190282960101441536_o.jpg


    76962873_10157651815772622_1871871692490407936_o.jpg


    72830700_10157661314977622_7077802999375986688_o.jpg


    76203166_10157661302927622_5164774018267480064_o.jpg


    72999344_10157651813307622_3653311929440534528_o.jpg


    73458810_10157641772547622_5810861851205959680_o.jpg


    75220751_10157648562722622_6411280304748625920_o.jpg


    73123469_10157641768562622_602516923023884288_o.jpg


    74624175_10157648574927622_498918940295036928_o.jpg


    74533366_10157661306387622_8686118924305039360_o.jpg


    73472553_10157661311712622_7440046115988176896_o.jpg


    75371571_10157641768792622_6216154683451375616_o.jpg


    74228885_10157651812612622_6366658223063171072_o.jpg




    75486043_10157648563147622_6911932831283281920_o.jpg


    75362172_10157666223037622_6914225819833335808_o.jpg


    74333793_10157673402552622_3018234030416986112_o.jpg



    75398263_10157683626347622_8401547160209850368_o.jpg

    74908158_10157691113932622_6501086292791525376_o.jpg


    75392686_10157714399957622_6571894553857490944_o.jpg


    73276485_10157666223822622_2948114222543798272_o.jpg


    72484049_10157666228692622_5222437879816388608_o.jpg


    74693286_10157673399582622_4336069179539980288_o.jpg


    75266192_10157673411227622_5439912281833996288_o.jpg


    74620877_10157630319302622_6034890369022296064_o.jpg


    75282220_10157683620007622_815608504189452288_o.jpg



    75264980_10157683620862622_4541887633021730816_o.jpg


    75339691_10157691111752622_176003675276181504_o.jpg


    76602162_10157691112282622_7603605119229231104_o.jpg


    75196391_10157691115227622_9150808572978790400_o.jpg


    74472665_10157700135862622_3311703313187078144_o.jpg


    73482590_10157666224602622_4375480860304998400_o.jpg


    72414757_10157673413062622_3421466532490772480_o.jpg


    74634423_10157683621432622_1375094368918044672_o.jpg


    75220648_10157683622987622_8319933723499823104_o.jpg


    74373063_10157691117982622_7170487405781188608_o.jpg


    73495120_10157683631437622_6015186304608763904_o.jpg


    78116972_10157714400122622_7421086592745340928_o.jpg


    78130408_10157714406297622_917452370735005696_o.jpg


    76248197_10157714399542622_2904574249278636032_o.jpg
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Macho total expenses & prices dapanko air tickets ekka.
    thawa ubala ki denek giyada?
    yana groups walata join wenna barida? different nationalities aulak nehe. ehema set wena fb groups wage thiyenawada?
     
    • Like
    Reactions: pizzu puza

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පට්ටයි මචං. රෙප් ලැබුන ගමන් දෙන්නම්.


    මේ වගේ එකක් ටිං ටිං එකේ අර නේපාලයෙ කතාවක් ගියේ කවුද බේරගන්න සීන් එකක්. අන්න ඒකෙ තිබ්බ වගේ මතකයි :P:P:P

    72830700_10157661314977622_7077802999375986688_o.jpg
     
    • Like
    Reactions: pizzu puza

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Macho total expenses & prices dapanko air tickets ekka.
    thawa ubala ki denek giyada?
    yana groups walata join wenna barida? different nationalities aulak nehe. ehema set wena fb groups wage thiyenawada?

    Api 2k giye.

    Machan apita okkoma giye US$ 600k wage air ticket nathuwa dawas 30tama. E kiyanne trekking karapu dawas 21 tayi, kathmandu/pokhara wala hitiya dawas 9tai okkotama. Kanna, nawathinna, bus, permit, anan manan okkotama. Gaana wadiy wage nan trek karana dawas gaana adu karannath puluwan machan, naththan diga adu wena trek ekak karannath puluwan.

    Air ticket ganan nan wenas wenawa machan. US$ 400-450 kata wage ganna puluwan tikak kalin gaththoth.

    Tour agency walin yana group nam thiyenawa machan. ewa ganan habai. thawa thaniyen apu un godak hitiya. thaniyen yanakota wena thaniyen yana un trek ekedima set wela ekata yanawa dawas keepayak. :yes:
    Thaniyen enna wunath baya wenna epa, mokek haris et wenawa magadi.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාමට සුදුසු මාස:

    ඔක්තෝබර්, නොවෙම්බර්, අප්‍රේල්, මැයි තමයි සුදුසුම.

    ජුනි, ජුලි, අගෝස්තු, සැප්තැම්බර් කාලවල පට්ට වැස්ස. යන්න එපා. නාය යාම් වගේ ඒවා ගොඩක් වෙනවා.

    දෙසැම්බර, ජනවාරි, පෙබරවාරි, මාර්තු වල සීතල වැඩියි.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    පට්ටයි මචං. රෙප් ලැබුන ගමන් දෙන්නම්.


    මේ වගේ එකක් ටිං ටිං එකේ අර නේපාලයෙ කතාවක් ගියේ කවුද බේරගන්න සීන් එකක්. අන්න ඒකෙ තිබ්බ වගේ මතකයි :P:P:P

    72830700_10157661314977622_7077802999375986688_o.jpg

    sirawata machan anna e wagemai godak than.
    mathakada me wage chaithyeka waradi paththen yanna gihin captain haddock ta kela wenawa? :rofl: Mehe hamoma chaithya wala yanne wam paththen witarai.