නේවි කට් - Navy Cut

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ගෝල්ඩ් ලීෆ් එකෙන් ආපු නේවි කට් එක ගැන අහලා ඇතිනේ..බොන උන් දන්නවනේ.. සාමාන්‍ය සිගරට් එකට වඩා කොට.. ටිකක් මිලෙනුත් අඩු සිගරට් එක... ඇත්තටම නේවි කට් කියන නම ලෝකෙට නම් අලුත් දෙයක් නෙමේ..නේවි කට් සිගර්ට් එකට ලොකු කතාවක් තියෙනවා... ජෝන් ප්ලේයර්ස් සහ පුත්තුන්ගේ ඇමෙරිකානු ගෝල්ඩ් ලීෆ් නේවි කට් කියන්නේ කොපියක් නම් ඒකේ ඔරිජිනල් ම එක හැදුවේ වීල්ස් කම්පැනි එක..... දැන් එයාලා තමන්ගේ නිශ්පාදන ප්‍රහාවයට එක්කර ගෙන ඉන්නේ itc එක.. ඒ කියන්නේ indian tobacco cop. එක.. ඉන්දියා දුම් කොල සමාගම..

    හැබැයි 1780 දක්වා ඉතිහාසයක් තියෙන විල්ස් එකේ වත් නේව කට් එකේ වත් උපන් බිම ඉන්දියාව නෙමෙයි.. එංගලන්ත අධිරාජ්‍ය... වීල්ස් කියන කම්පැනි එක හැදුවේ සහෝදරයෝ දෙන්නෙක්..එක්කෙනෙක් රාජකීය එංගලන්ත පූජකවරයෙක්.. එයාගේ නම ෆ්‍රෑන්ක් විලියම් විල්ස්.. ඔය පහල ඉන්න රැවුලා තමා එයා..

    අනිත් කෙනා තමයි හෙන්රි ඕවස්‍ටන් විල්ස්.. මෙයාලා උපතින්ම සල්ලිකාරයෝ... සමහර වෙලාවට බලහත්කාර ආක්‍රමණිකයෝ ..කෙලින්ම කිව්වොත් මුන්ගේ කොම්පැනිය බිහිවෙන්නේ අපි වගේ උන්ව අල්ලගෙන යටත් කරගෙන අධිරාජ්‍යවාදයෙන්.


    .. ඒකාලේ සල්ලි තියෙන උන් දේශ දේශාන්තර හොයාගෙන යනවනේ..අන්න ඒම දෙන්නෙක් තමයි මේ.... මෙයාල්ගේ මූලස්ථානය තියෙන්නේ එංගලන්තේ බ්‍රිස්ටල් නගරේ.. හෑ.. ඔව් ඔව් බ්‍රිස්ටල් විතරක් නෙමේ කැප්ස්ටන් පවා මුන්ගේ.... ඔරිජිනල් නේවි කට් එකත් මෙයාලගේ ප්‍රඩක්ට් එකක්... අද නේවි කට් ඔරිජිනල් එක ගහන්නේ ඉන්දියාවෙන්.. කොපිය ගහන්නේ ඇමෙරිකානු ජෝන් ප්ලේයර් සහ පුත්තු. . ඒක තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ

    නේවි කට් සිගරට් එකට හොදම කලක් උදාවෙලා තියෙන්නේ ලෝක යුධ සමයන් වල කියලයි කියන්නේ... ඇත්තටම නේවි කට් නිපදවෙන්නෙත් නැවියන් සදහා..ඒ කියන්නේ සීමන් ලට.. සීමන් කිවම ඉතින් ඒකාලේ විශාල අපහසු කටුක රැකියාවක්... මහ මුහුද මැද විදින්න තියෙන්නේ අනෝරා දුකක්.. ඉතින් සිගරට් එකක් බීමට ගත වීමේ කාලය ගැන හිතලා මේ නේවි කට් කොට මොඩල් එක නිශ්පාදනය වෙලා තියෙනවා කොහොම හරි මේක නැවියෝ අතරේ වගේම වරායන් ආශ්‍රිතව ගොඩබිම් රැකියා කරන කම්කරුවන් අතරෙත් ප්‍රචිලිත වෙලා තියෙනවා... ලෝක යුද්ධ සමයන් දෙකේ තමයි h.o wills මහත්තයගෙයි w.d wills මහත්තයගෙයි විල්ස් කොම්පැනිය ස්වර්ණමය යුගයේ පියවරයන් තියලා තියෙන්නේ..

    ..ඒ කාලේ බ්‍රිතාන්‍ය ඇමෙරිකා නාවික සෙබලුන්ගේ ප්‍රියතම දුම් උගුරක් උන මේ නේවි කට් සතුරු පාර්ශවය උන ජර්මනියෙත් ඔවුන්ගේ නාවික සෙබලුන් වෙනුවෙන් හදලා තියෙනවා." බිස්මාක් " ෆිල්ම් එකේ කැප්ටන් සිය අවසාන මොහොතේ දිව යන සෙබලෙකුගෙන් සිගරට්ටුවක් ඉල්ලනවා... ඒ ලැබෙන්නේ නේවි කට් එකක් ....


    උපුටා ගැනී⁣මකි.
    චරිත් ජනප්‍රිය ගේ facebook සටහනක් ඇසුරිනි.



    10140046395-64ede44519-b.jpg


    carl-rosa-portrait-on-wills-cigarettes-card-published-in-london.jpg


    wills-cigarette-card-second-series-musical-celebrities-the-organ.jpg


    HW0000349.jpg

     
    Last edited:
    • Like
    Reactions: hita makuna

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "නැවිකට්"

    මට මතකයි පොඩිකාලේ අපේ සීයා කෙනෙක්ගෙ කඩයක් තිබුණා. මිනිස්සු ඇවිල්ලා ඕක ඉල්ලන්නේ "නැවිකට්" එකක් දෙන්න කියලා. නැවිකට්, බ්‍රිස්ටල් තමයි ඒකාලෙ. දැන් තමයි ගොල්ඩ්ලීෆ්, ඩන්හිල් (ස්විච්) බෙන්සන් ගහන්නේ.
     
    • Like
    Reactions: dolag2010

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Three rose kiyala ekak thibba Bristol ekata amatharawa

    ඔව් ඔව්, මිනිස්සු ඉල්ලුවේ "තීරෝස්" එකක් දෙන්න කියලා. තව ෆෝ ඒසස් (Four Aces) කියල එකකුත් තිබුණා. මිනිස්සු ඉල්ලුවේ "පෝරේස්" එකක් දෙන්න කියලා.
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මට මතකයි පොඩිකාලේ අපේ සීයා කෙනෙක්ගෙ කඩයක් තිබුණා. මිනිස්සු ඇවිල්ලා ඕක ඉල්ලන්නේ "නැවිකට්" එකක් දෙන්න කියලා. නැවිකට්, බ්‍රිස්ටල් තමයි ඒකාලෙ. දැන් තමයි ගොල්ඩ්ලීෆ්, ඩන්හිල් (ස්විච්) බෙන්සන් ගහන්නේ.


    ape podi kale Bristol eka RS 1.50
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මට මතකයි පොඩිකාලේ අපේ සීයා කෙනෙක්ගෙ කඩයක් තිබුණා. මිනිස්සු ඇවිල්ලා ඕක ඉල්ලන්නේ "නැවිකට්" එකක් දෙන්න කියලා. නැවිකට්, බ්‍රිස්ටල් තමයි ඒකාලෙ. දැන් තමයි ගොල්ඩ්ලීෆ්, ඩන්හිල් (ස්විච්) බෙන්සන් ගහන්නේ.

    ow godak un thama danne a namin
    navikat kiyala thama kiyanne godak parana dayal
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    ඉස්සර සිගරට්වල මාර සුවදක් තිබ්බා නේද? දැන්නම් ගොක්කොල ගදයි...
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ඔව් ඔව්, මිනිස්සු ඉල්ලුවේ "තීරෝස්" එකක් දෙන්න කියලා. තව ෆෝ ඒසස් (Four Aces) කියල එකකුත් තිබුණා. මිනිස්සු ඉල්ලුවේ "පෝරේස්" එකක් දෙන්න කියලා.

    1106596.jpeg


    mekada machan ?