නොඉඳුල් (කන්‍යා) නොවුන වරද..

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    නොඉඳුල් (කන්‍යා) නොවුන වරද..

    නොඉඳුල් (කන්‍යා) නොවුන වරද..


    pizap.com13483758995921.jpg




    හායි. කොහොමද? ඔයා වැඩක්ද ඩාර්ලින්?

    අහා නෑ. ඇයි හදිස්සියක්ද?

    නෑ නෑ. පොඩ්ඩක් කතා කරන්න ඔනේ. කොහෙට හරි යමුද?

    හා එහෙනන් අපි ලයිබ්රි එකට යමු. මගේ පොතක් මරැ කරගන්නත් තියෙනවා.


    * * *

    කියන්න සයුරි. මොකක්ද ප්‍රශ්නෙ?

    ඔයා කාටවත් කියන්නෙ නැ කියලා පොරොන්දු වෙන්න.

    ඔයා දන්නවානේ මම කියන්නෙ නෑ. එක නිසා නේ ඔයා මාව හොයාගෙනත් ආවේ.

    ඔව් ඔව් කෙල්ලෙ. ඔයාට පුළුවන්නම් මට පොඩි උදවුවක් කරන්න පිලිස්.

    හරි පුළුවන් දෙයක් නම් කරන්නම්. ඔයා කියන්නකො.

    ඔයා දන්නවානේ මම සිතුම්ට පණ වගේ ආදරේයි. එයා කොච්චර වැරදි කලත් මට එයා නැතුව බැ. ඇත්තමයි මම ඉන්නෙ ලොකු වේදනාවකින්. ඔයා දන්නවා මගේ අම්මා මාව පොඩි කාලෙදිම දලා රට ගියා. අපේ තාත්තා දැන් ඉන්න අම්මාව බැන්දේ මම නිසා. ඒ අම්මා මට ආදරේයි. එත් එයාගේ ළමයින්ට වගේ මට ආදරේ නෑ කියලා මම දන්නවා. තාත්තා අපි ඔක්කමලාට ආදරේයි. එත් නංගිලා පොඩි. මට තියෙන සැලකිලි අඩුයි. පහා වසරේ ඉදන්ම ඔයා මම ගැන දන්නවා නේ. මේ වෙච්ච කිසිම දෙකට මගේ අම්මලා තාත්තලා වැරදි නෑ. එත් මට ඒ හැමදෙම බලපැවා. මම ගොඩක් දුක් වින්දා මානසිකව. මට මෙවා කියන්න වෙන කවුරැත් නෑ.

    සිතුම් මගේ ජිවිතේට ආවම මම හිතුවා මට නොලැබුන ආදරේ මට අයේ ලැබුනා කියලා. මම ගොඩක් සතුටු උනා. ඔයා එකත් දන්නවා නේ ඔයාට එක අමුතුවෙන් කියන්න ඔනේ නෑ. මම ඒ දවස් වල කලාස් ආවේත් ඉගනගන්නවට වඩා සිතුම් නිසා. හරි ඉක්මනට මම සිතුම්ව විශ්වාස කලා. මගේ පණටත් වඩා ආදරේ කලා.

    හ්ම්ම්ම්..... මම දන්නවා සයුරි. අඬන්නෙ නැතුව කියන්නකො.

    ඇඬුවේ නෑ. කඳුළු අවා. සිතුම් අපේම යාළුවා නිම්සරි එක්ක යාළු බව දැන දැනත් මම සිතුම්ටවත් නිම්සරිට වත් මුකුත් නොකිවුවෙ මම බය උනා මට සිතුම් නැති වෙයි කියලා. නිම්සරි මගේ හොදම යාළුවෙක් වෙලාත් මගේම කොල්ලා එක්ක යාළු වෙලා පන්තියෙදි මගේ ඉස්සරහම එයා ගැන කියද්දි මම ඉවසන් හිටියා. ඒ මම ගොඩක් අසරණ උන නිසා. මගේ ආදරේ ඇත්ත, මම සිතුම්ට බොරැවක් නෙමෙයි කලේ ඒ නිසාම සිතුම්ට මාව දලා යන්න බැරි උනා. අන්තිමට සිතුම් කරපු වැරැද්ද හදාගෙන මං ලගට අවා. මට මුළු ලෝකෙම ලැබුනා වගේ දැනුනා කෙල්ලෙ. ඇත්තමයි.
    ඔයාට මතකද ගිය සතියේ සිතුමුයි මායි කලාස් කට් කලා?

    හ්ම් හ්ම් මතකයි. ඇයි මොකෝ උනේ?

    සිතුම් මාවත් එක්කන් එයා දන්න තැනකට ගියා. රූම් එහෙකට.

    හ්ම්ම්..... ඉතින්?

    ඉතින් කියන්නෙ. ඔයාට එකත් කියන්න ඔනේද?

    නෑ හිතාගන්න පුළුවන්. දැන් මොකක්ද ප්‍රශ්නේ? ඔයා ගියේ කැමැත්තෙන් නේ? බලපැමක් උනාද?

    නෑ නෑ මම ගියේ කැමැත්තෙන්.

    එහෙනම්?

    සිතුම් දැන් මාව මගඅරිනවා. කොල් කලාම කට් කරනවා. මැසේජ් කරන්නෙත් නෑ. ඔයායි සිතුම් හොද යාළුවෝ නේ. පොඩ්ඩක් කතා කරලා බලන්න පුළුවන්ද?

    හ්ම් හා. උඹ මහ ගොන් තඩියෙක්. මැට්ටි. බය නොවි ඉන්නවා. මම සිතුම් එක්ක කතා කරලා බලන්නන්. යමු පන්තියට. මම කතා කරලා බලලා කියනකන් මොඩ වැඩ එහෙම කරගන්නෙ නැතුව ඉන්නවා.

    හරි පන්ඩිත අච්චියේ.

    * * *


    යාළුවගේ කතාවෙන් පස්සෙ දහඅතේ කල්පනා කරලා කරලා. ගෙදර ඇවිත් සිතුම්ට කොල් එකක් ගත්තා.

    සිතුම්..

    අහා මචං කියපන් කියපන්. මොකො අපිව මතක් උනේ?

    මතක් නොවි කොහොමද බං. මේ එක නෙමෙයි වැඩක්ද?

    අහා නෑ. නෑ. ඇයි මොකෝ සීන් එක?

    ටිකක් කතා කරන්න ඔනේ. පුළුවන්ද?

    ඔව් උඹේ බිලනේ මට මොකෝ කියපන්.

    අද සයුරි මාත් එක්ක කතා කලා. එකයි. උඹ මොකෝ සයුරිව මගඅරින්නෙ?

    උඹ මගේ බොක්ක නිසා කියන්නන්. අනුන්ගේ පවු වලට කරගහන්න මට බෑ බං. මම එකීගෙන් දකින්න බලාපොරොත්තු උනදේ මම දැක්කෙ නෑ. හතර වටේ ගිය එකියක්ගෙන් මට වැඩක් නෑ. එකයි සීන් එක.

    හ්ම්ම්ම්.... එකත් එහෙමද? උඹලා කියනවා මම අහනවා. පුළුවන්නම් උඹලා දෙන්නා කතා කරලා තිරිණයක් ගනින්.

    හරි. බලමු. අපේ ඩැඩිත් සයුරිට කැමති නෑ බං. ඒ නිසා මට කොහොමත් එකීව එපා.

    ඇයි උඹ යාළු උනේ වැඩිගෙන් අහලාද? පල යන්න. උඹ සයුරිය රැම් ගනේ එකකම් යද්දි හිතුවාද උඹව බඳින්න බැරි උනොත් සයුරිව කවදාහරි වෙන එකෙක් බදිනවා නම් උත් උඹ හොයපු එකම හොයන්නෙ නැතුව ඉදි කියලා. එවා මම දන්නෙ නෑ. උඹ සයුරි එක්ක කතා කරපන්. එච්චරයි.

    හරි එකීට ඔනේනනම් මම වෙන මගේ යාළුවෙක් හරි සෙට් කරලා දෙන්නන්.

    ෆොන් එක කට් කලේ තවත් කතා කරන්න දෙයක් නෑති නිසා.


    * * *



    ප.ලි -

    සැබැ නම් නොවුවට කතාව ඇත්ත.

    ඇයි මම මේ කතාව ලිවුවෙ? -

    හැම කෙනෙක්ටම ජිවිතේ කොහේ හරි තැනකදි වරදිනවා. එත් හදාගන්න බැරි වැරදි නිසා ජිවිත කාලෙම දුක් විදින්න වෙනවා. ආදරේ කරන එක වරදක් නෙමෙයි. ආදරේ නිසා කැපකිරිම් කරන එකත් වරදක් නෙමෙයි. හැබැයි දැන දැනම වැරදි කෙනෙක් බව ආදරේ කරලා දුක් විදින එක වැරදි. තමන්ට ආදරේ නැති තමන් ගැන විශ්වාසයක් නැති කෙනෙක් වෙනුවෙන් කැපකිරිම් කරන එක මොඩකමක්.

    සයුරි සැබැ නම නොවුනත් අපි අතරම ඉන්නවා. සිතුම් නැති උනාට සයුරිට වැරදුනේ නෑ. අද සයුරි කැළණි විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ. සයුරිට ආදරේ කරන්නත් කෙනෙක් ඉන්නවා. සයුරිගේ වැරදි හදාගෙන ජිවිතේ ඉස්සරහාට යන්න එයා උදවු කරනවා.
    සිතුම්. එයා ගැන මම දන්නෙ නෑ. :ඩී.



    තිරිසන්නුන් සහ දෙවියන් දෙගොල්ලම ඉන්නෙ අපි අතරමයි.


    There is only one thing that remains to us that cannot be taken away:
    To act with courage and dignity and to stick to the ideals that
    Have given meaning to life..


    හරි කෙනා තොරගන්න පරිස්සම් වෙන්න.
    පරක්කු උනාත් නියම කෙනාව තොරගන්න.


    Code:
    mahishaymail.blogspot
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me wage katha sinhalenma liyapan bariwelawath ingrisiyen ehema liyanna epa pita rata ewun hithai lankawe pirimi serama shemale kiyala