නොඑන්න මගේ සිහිනයට
නොඑන්න මගේ සිහිනයට
ආදරය කියන්නේ හරි අපූරු දෙයක්.. ඒක කාටවත් තාම හරියට තේරුම් ගන්න බෑ.. මේ මටත් එහෙමමයි.. මගේ ජීවිතේටත් ආදරේ ලං උනේ මම කවදාවත් බලාපොරොත්තු නොවුන විදිහකට.. ඇය මෙනුෂා.. ඇගේ ලස්සන දෑස් වලට මම ආදරේ කලා.. අහම්බෙන් වගේ මුණ ගැහුණ ඒ දෑසට මම ආදරේ කරන්න පටන් ගත්තේ කවදද කියලවත් මම දන්නේ නෑ..
නිතර දෙවෙලේ දකින ඔයාත් එක්ක මට කතා කරන්න ආසා හිතුනා.. ඒත් මගේ හිත ටිකක් පස්සට ඇදිලා ගියා.. මං වගේ කෙනෙක් එක්ක ලස්සනම ලස්සන ඔයා කතා කරාවිද මම මොහොතකට හිතුවා.. ඒ හින්දම වෙන්න ඇති මම ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන තනියම කතා කලේ.. ඔයා නොදන්න කොච්චරක්නම් දේවල් මම ඔයා එක්ක කියන්න ඇත්ද..
ඒත් එක දවසක් අහම්බෙන් වගේ ඔයා මාත් එක්ක කතා කලා..
“ හායි..”
“ හායි.. කොහොමද මෙනුෂා?”
“ හොදයි.. ගොඩක් දවස් ඉදන් දැක්කත් අපිට වචනයක්වත් කතා කරන්න බැරි උනානේ..”
එදා එහෙම නොහිතපු වෙලාවක ඇරඹුන කතාව මගේ හිත කොයි තරම් දුරකට අරං ගියාද.. සමහර දවස් වලට අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා.. ඔයා ඔයාගේ ජීවිතේ ගැන බොහෝමයක් දේවල් මාත් එක්ක කිවුවේ මම අහන්නත් කලින්.. වචනයට පෙරල ගන්න බැරි ආදරයක් මේ හිතේ රැදුන බව ඔයා මොහොතකටවත් දැනන් හිටියේ නෑ කියලා මම දන්නවා..
කාලය ටිකින් ටික ගෙවෙද්දි අපි ගොඩාක් හොද යාළුවෝ උනා.. අපි කතා නොකරපු දවසක් නොතිබුන තරම්.. ඒත් හැමදාම මම මගේ හිතින් පස්සට ගියා.. දවසක් මේ හැම දෙයක්ම වෙනස් උනේ මම හීනෙකින් වත් බලාපොරොත්තු නොවුන විදිහට.. ඔයා තව කෙනෙක්ගේ දෑතේ එල්ලිලා ඉද්දි මේ හිතට දැනුන වේදනාව ඔයා තාමත් දන්නේ නෑ කියලා මම දන්නවා..
“ අනේ මට සමාවෙන්න.. මම ඔයාට කියන්නමයි හිටියේ..”
ඔයාගේ ඒ වචන කවදාවත් නැතුව මම අවිශ්වාස කලේ අයි කියලා මට එවෙලේ නොතේරුනත් මගේ හිත හරි කියලා මම දන්නවා.. ඒත් ඒ බව මම ඔයාට ඇගෙවුවේ නෑ.. වෙනදා වගේම කතා කලා.. යාළුවෝ විදිහට.. ටිකින් ටික මම ඔයාගෙන් ඈත් උනේ ඔයාට ඒක නොතේරෙන්න..
“ උඹට ඔය කෙල්ලට ලවු කරන්න පටන් ගනිද්දිම මම කිවුවනේ..”
“ හරි මචං.. දැං ගිය දේ ගියා..”
“ ඕක ඔහොම නැවතුන එක හොදයි..”
“ කවුද බං මෙහෙම දෙයක් හිතුවේ..”
“ ඒකතමයි ගොනෝ අපි කිවුවේ.. ඔය ෆේස්බුක් වල කෙල්ලන්ට ලවු කරන්න එපා කියලා..”
මගේ මිතුරාගේ කතාව ඇත්ත කියලා මම තේරුම් ගනිද්දි කාලය ගොඩක් පහු වෙලා.. ඒත් මේ තුවාලය සනීප කරන්න පුළුවන් බව මම දන්න නිසා මම ගොඩක් දුක් වෙන්නේ නෑ.. අපි අන්තිමට කතා කරලා දැන් ගොඩක් කාලයක් වෙනවා.. ඒත් ඒ අතර තුර කාලයට ඔයා කී වතාවක් එක එක නම් තියෙන අය ඔයාගේ රිලේශන්ශිප් වලට ඇඩ් කලාද.. ඒත් නුඹට හිතින් ආදරේ කල මම?

ආදරයට දුක් ගී කියන
නිසන්සල ගොළු රෑක
අදුරු වලාවන් අතරසැගවුන
සදක් විලසින
අතීතයේ නිහඩ සේයා අතර
අතරමංව ඇවිදින මසිතට
සුරඟන දෙනෙතින්
ආදරය අරන්
නොඑන්න මගේ සිහිනයට
යලිත් නුඹ....
නිසන්සල ගොළු රෑක
අදුරු වලාවන් අතරසැගවුන
සදක් විලසින
අතීතයේ නිහඩ සේයා අතර
අතරමංව ඇවිදින මසිතට
සුරඟන දෙනෙතින්
ආදරය අරන්
නොඑන්න මගේ සිහිනයට
යලිත් නුඹ....
Code:
dineshumagiliya.blogspot.com
Last edited: