නොතේරෙන අයට තේරෙන භාෂාවෙන්... කොරොනා..

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    නොතේරෙන අයට තේරෙන භාෂාවෙන්... කොරොනා..

    නොතේරෙන අයට තේරෙන භාෂාවෙන්...



    කොරෝනා වෛරසයේ පලමු ආසාදිතයා තහවුරු කරගෙන පැය 12 ගතවීමට පෙර ,

    1. පලමු ආසාදිතයා හඳුනාගත් පමණින් "අම්මෝ හිටිය එකම එකා අල්ල ගත්තා" ලෙස හෝ "බුදාම්මෝ අපි ඉවරෝ" ලෙස සිතිය යුතු නැත. රටක් ලෙස අප බාවිතා කරන සෞඛ්‍ය පූර්වාරක්ෂක අපගේ ඉදිරිය සුරක්ෂිත වීමට හේතු සලසනවා ඇත.

    2. පැහැදිලිවම ඔබ බාවිතා කල යුත්තේ "surgical mask" එකක් සහ එය පැලැදිය යුත්තේ තද පාට පැත්ත එලියට පෙනෙන පරිදිය. "N95 mask" එක මේ සඳහා නොගැලපෙන අතර එය තුලින් ජීව විද්‍යාත්මක ආසාදන පෙරීමක් සිදු නොවේ. ඔක්සිපියුරා , යූසල්ලා, හැකැරැල්ලා, මාස්ක් වලටත් කියන්නට ඇත්තේ මේ ටිකමය.

    3. මාස්ක් එකක් මගින් "කොරෝනා ඉම්බත් හැදෙන් නෑ " යන්නක් නැත. මාස්ක් එකක් දැම්ම පමණින් ඔබට හැම අස්සක මුල්ලකම රිංගීමට ලැයිසන් ලැබෙන්නේ ද නැත. එයින් ඔබට සීමා සහිත ආරක්ෂාවක් පමණක් ලබා දෙයි. ඉතා කුඩා වෛරස් අංශු වලට මේ හරහා ගමන් කල හැකි අතර ඇස් මගින්ද මෙම වෛරසය හා හා පුරා කියා ආසාදනය වන බව ද හඳුනාගෙන ඇත.

    4. ඔබගේ මාස්ක් සෑම පැය 2-3 වරක්ම මාරු කිරීම යෝග්‍ය වන අතර මාස්ක් එකක් යනු පොදු දේපලක් නොවන බව වටහාගන්න. මාස්ක් වලට මචන්ලා නැති අතර බාවිතයෙන් පසු එය නිවැරදිව බැහැර කරන්න. ඔබ ඉවතල මාස්ක් වීදී බල්ලන්ගේ සෙල්ලම් බඩු නොවන අතර ඒ සෙල්ලම් බඩු ගැන බලු දෙමව්පියන් වදවීම ප්‍රමාණවත් බව සිතට ගන්න.

    5. පිහිනන මොංගෝලියන් නිල් තල්මස් , ලයිව් ඩයිනෝසර් බිත්තර ඔබට පසුව අමුවෙන් කෑ හැකි අතර ඔබ ගන්නා ආහාර හොඳින් පිස ගන්න. අපේ අයියා හඳෙන් ගෙනාව අමු උණු චොකලට් උවත් මේ තත්වය මඟහැරුණ පසු කෑමට ගන්න.

    6. ජානාකීර්ණ පෙදෙස් මඟ හරින්න, රෝහල් වලට යෑම සීමා කරන්න, නිදන්ගත රෝගීන්, වයසක මිනිසුන්, ගැබිණි මව්වරුන්, කුඩා ළමයි ජනාකීර්ණත්වයෙන් හැකිතාක් ආරක්ෂා කරන්න. ඔවුනට ආරක්ෂාවේ මූලිකත්වය දෙන්න. පාන් කියාගන්න බැරි මිනිස්සු රැකීම අපේ යුතුමක් ලෙස මතක තියාගන්න.

    7. සෝදමු තව සෝදමූ කියමින් තත්පර 20ක් වත් සබන් ගා අත් සෝදා පිරිසිදුව තබා ගන්න. "හනී හරිම හොට්" ගා මුහුණේ කට, නාසය තිබෙනවා දැයි බැලීමට නිතර අපිරිසිදු දෑතින් මුහුණ ඇල්ලීමෙන් වලකින්න.

    8. ඔබ කිමිහුම් යවන්නේ වටේ නිදාගෙන ඉන්නා උන් ඇහැරවීමට හෝ ඔවුන්ගේ විඩාව නිවීමට තුනී ජල ස්ප්‍රේ කිරීමට නොවේය. ඒ කිමිහුම සඳහා ටිශූ බාවිතා කරනවානම් ඒවා ක්‍රමවත්ව ඉවත් කරන්න. ඒවා සාක්කු වල අම්මාට සේදීමට තැබීම හෝ බෑග් වල කොම්පෝස්ට් සෑදීමට මෙය වේලාවක් නොවේ.

    9. ඔබට ඔබගේ හෙම්බිරිස්සාව සැකයක් නම් ; ඔබගේ අතීත ඩයරිය අවුල් සංචාරකයි නම් ; චීනෙක් දෙකෙක් ඉම්බා වගේ මතකයි නම් එල්ලෙන්න ලණුවක් හොයන්න එපා. මෙම රෝගය 100කට හැදුනොත් මරණයට පත් වන්නේ තුනයි. ඔබට වයස 55ට වගේ වැඩි නැත්නම් , ඔබට නිදන්ගත රෝග නැත්නම් , ඔබ ශක්තිමත් නම් ඉතුරු 93 දෙනාගේ ඔබ අනිවාර්යයෙන් ඉදීවී. ඉතින් රජයේ රෝහල් ඔබව බලාපොරොත්තු වේවී.

    10. රටටම බැරිනම් පොලේ ලාබම එලවලු කාගෙන, කෝච්චිවල තනි අතින් එල්ලිලා ගිහින් , පාරේ පැය ගනන් ටැෆිල් එකේත් ලැගගෙන සතේටම පඩිය බැලන්ස් කරන , ඉරුණ බැනියම් අදින, කොරෝනා නෙවේ රුපියල් තුන්සීයේ බෙහෙත් ටික ගන්න පාන්දර තුනේ බස් එකෙන් ඇවිත් ඉන්න පෝලීම දැකලවත් ඒ බහුතරයක් මිනිස්සුන්ට ආදරේ වෙන්න !!
    අවසානේ ඔබගේ සිනහව මගේය. ඉතින් ඒ සියල්ල අපේය. අප දන්නා හඳුනන සිනහවන් පිරි බොහෝ මුහුණු සදාකාලිකව අතුරුහන් වීමට ඉඩ නොදෙන්න. "කොරෝනෝ"වෙන් කොර නොවෙන්න වගකීමෙන් කටයුතු කරන්න.

    #SL #coronavirus
    28 ජනවාරි 2019
    -චාමික ගයාෂාන්
     
    Last edited:

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    Whole world is under threat.. yes its advisable to block Chinese visitors here..

    Lady who was positive for Corona virus may have infected 100 people by now..problem in sri lanka is we dont have special quarantine facilities to handle over 100 patients with highly contagious illness.. :shocked:

    Just in case we need to build special quarantine facilities asap.also we need medical equipment too.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    MATA YALUWEK RATA IDALA EDDI GENAWA CHOCOLET GENAWA..PORA AWENAM TWO WEEKS WALATA KALIN KOREA IDALA..KANNA EPADA EWA..???