Sorry if Repost.
නොදking Story 01 - බොරු අල්ලන මැෂිම
නොදකින් තුමාට එක දවසක් යාළුවෙකුගෙන් අපූරු තෑග්ගක් හම්බ වුණා. ඒක අපූරු ගැජට් එකක්. ඕනම කෙනෙක් බොරුවක් කිව්වොත් මේ ගැජට් එකට ටාර් ගාලා මීටර් වෙනවා. මීටර් වෙනවා විතරක් නෙමෙයි මේ යන්ත්‍රයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්. ප්‍රතිචාරය තමයි චටාස් ගාලා කම්මුල් පාරක් දෙන එක.
ඉතින් මේ යන්තරේ ගැන අහපු නොදකින් තුමාගේ සංතෝසෙ ඉහවහා ගියා. නහුතයක් ඉන්න ඇමති මණ්ඩලේ එවුන්ගේ බොරු රෙකෝඩ් ඔක්කොම දැන් අල්ල ගන්න පුළුවන්නේ.
ඉතින් උන්නාන්සෙ දැන් කල්පනා කරන්නේ මේ යන්තරේ ටෙස් කරලා බලන්න. ඔන්න එතකොටම නාමල් කුමාරයා ඇස්ටල් මාර්ටින් එකෙන් එන සද්දෙ ඇහුණා. නොදකින් තුමාට යන්‍තරේ ටෙස් කරන්න අවස්ථාවක් ලැබුණා.නොදකින් තුමා කුමාරයට කතා කළා.
"මෙහෙවරෙන්... උඹ කොහේද අද ගියේ...? "
නාමල් කුමාරයත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කියපි "ඇල් ජී පප්පගෙන් ටියුෂන් ගන්න ගියා" කියලා. මෙන්න යන්තරේ ක්‍රියාත්මක වුණා. කුමාරයගේ පිණි ජම්බු ගෙඩියක් වගේ තිබුණු වම් කම්මුල රතුපාට වුණා. මේ මොකක්ද වුණේ කියලා උඩ බිම බලන කුමාරයට නොදකින් තුමා පැහැදිලි කළා .
"දැන් පුතෝ උඹ මීට පස්සේ බොරු කියලා හමාරයි. රටටයි මටයි හැංගුවත් මේ යන්‍තරේට බොරු කරන්න බෑ..."
"හොඳයි පුතෝ දැන් කියපන්කෝ ඇත්තම... උඹ කොහේද මෙච්චර වෙලා තොලොංජි වුණේ..." නොදකින් තුමා ආයෙමත් පුරස්නේ මතුකළා.
"ම්.. ම්.. ඩලා මාමා එක්ක කොන්වන්ට් එකක් විවෘත කරන්න ගියා.... කොල්ලා දෙවන පාරටත් උත්සාහ කළා.
..චටාස්... ඒ පාර රතුවුණේ උගේ දකුණු කම්මුල.
වැඩේ හරියන්නෙ නෑ කියලා තේරුණ කොල්ල ඇත්තම කියන්න තීරණය කළා.
"නෑ... නෑ... මම අනර්කෙලී අක්කි එක්ක රවුමක් ගියා." වෙන දෙයක් වෙද්දෙන් කියලා ඌ ඇත්තම කිව්වා.
නොදකින් තුමාට අසූ හාරදහස් එකට තද වුණා.
තුහ් විතරක්.... තෝ ඔය හැදෙන හැටිද? බලාපන් උඹේ වයසෙදි මං හතර පෝයට සිල් අරගෙන..." නොදකින් තුමාට තමන්ගෙ සද් ගුණවත් ජීවිතේ ගැන කියලා ඉවරකරන්න හම්බ වුණේ නැහැ. යන්තරේ ක්‍රියාත්මක වුණා. ඒකේ මීටරේ කොච්චර නැග්ගද කියනවා නං ඒ පාරට නොදකින් තුමා කැරකිලා බිම වැටුණා.
මේ සීන් කෝන් එක ගැන සිරියහන් ගබඩාවට වෙලා කණ තියාගෙන හිටපු ශී-රත්ති නෝන හාමු හීන් හිනාවක් දාගෙන මෙතැනට දුවගෙන ආවා. නොදකිං තුමා බිම වාඩිවෙලා කම්මුල අතගාන හැටි දැක්කම උන්දැගෙ හිනාව තවත් පළල් වුණා.
ඔව් ඉතිං.. අප්පගෙම පුතානේ .... නෝන හාමුටත් ඉවර කරන්න ලැබුණෙ නෑ... "චටාස්" කියල සද්දෙකුත් එක්ක උන්දැගෙ කම්මුලෙන් දුම් පිටවෙන්න පටන් ගත්තා. කොහොම වුනත් ඒ පාරට නොදකිං තුමාට නම් සිහිය නැතිව වැටුණා.
Source - Lankatruth