මල් පෙති ගිලිහෙනා විට එකිනෙක තඹර
නින්දට වැටෙන විට මත් වූ කැල බඹර
දියත ම වසාගෙන පැතිරෙන විට අඳුර
නුඹ ඒ මවෙත දුල කරමින් සිත් අඹර
තුරුවැල් නැලවේවී වැද නුඹගේ සුසුම
දිවි තොර වේද දැක නුඹ රූ කොඳ කුසුම
හැම මල් සුවඳ පරදයි නුඹගේ පුසුඹ
සතුටකි සැනසුමකි මට නුඹ හා විසුම
නුඹගේ දෙපා මුල සත් මහ දෙව් සැපත
නුඹගේ සිසිලසින් මා හද ගිම් නිවෙත
නුඹ රූ දෙනයනට අමයුරු පැන් ගෙනෙත
රැජිණිය නුඹ ම වේ දැහැනේ සිල් බිඳෙත
අඳුරු සළුව විසිරේ නුබ සයන පුරා
මුතු පොට කැඩී නුඹ වට කර සිටින නුරා
දෙනයන කැල්ම විහිදේ නුඹේ සුවඳ උරා
මත් බිඟු මම වෙමි නොනිදන මෙරැය පුරා
බ්ලොග් අස්සේ එහෙ මෙහෙ යනකොට දැක්ක තවත් ලස්සන නිර්මාණයක්.
මෙන්න මෙතනින් තමයි
http://redssolitaryworld.blogspot.com/
බලන්න තව ලස්සන නිර්මාණ ගොඩක් තියනවා.
හොඳ නම් බම්ප් එකක්වත් දාල යන්න.
