නොනිදා වැඩකරන පියෙක්

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    නොනිදා වැඩකරන පියෙක්

    සියල්ලන් මවිත කරමින් නොනිදා වැඩකරන මාවනැල්ලේ "පාන්දර" සැමට අභියෝගයක් වෙයි
    දිනකට පැය දෙකක් පමණක් නිදා ගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව මාවනැල්ලෙන් වාර්තා වනවා.
    ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දි ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු ඉටුකිරිම හා නිවසේ රෝගී තත්වයෙන් පසු වෙන බිරිඳ සුවපත් කරගැනීමයි.

    මෙලෙස අපමණ දුක් වෙහෙසක් දරන මෙ දෙදරු පියා අපට හමු වන්නේ මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්රදේශයෙ මොලිගමුව ප්රදේශයෙන්.
    වයස අවුරුදු 46ක් වන මොහු නමින් බි.වි. කුමාරසිංහ නම් වන අතර ඔහුව සියල්ලන් හඳුන්වන්නේ "පාන්දර" යන නමින්.

    එලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැදි ඇත්තේ සිය රාජකාරිය අලුයම් කාලයේ හෝ පාන්දර ආරම්භ කිරීම හේතුවෙන්.
    කුලි වැඩ කලත් ඔහු සෑම කටයුත්තක්ම ආරම්භ කරන්නේ කොන්ත්රාත් ක්රමයටයි.
    වැලි ඇදිම, තට්ටු ගණන් උස ගොඩනැගිලිවලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්රව්ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කාණු
    පද්ධති යෙදිම, කැලෑ කැපිම කුමාරසිංහට ලැබෙන රැකියාවන් වනවා.
    තමන්ට ඔනෑම රැකියාවක් කර හැකි බව පවසන ඔහු අපට කිවේ කොන්ත්රාත් ක්රමයට වැඩ පල කිරිම මගින් එම වැඩ පල පවරණ අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි.

    එලෙස කොන්ත්රාත් ක්රමයට යම් වැඩක් භාර ගත හොත් ඒ සඳහා අලුයම 2 ට අවදි වී එහි වැඩ ආරම්භ කොට එය අවසන් වන තුරු ඒ කටයුත්තේ නිරත වන බවයි ඔහු පවසන්නේ.

    දිනකට අක්කරයක් වුවද කටයුතු තනිවම සිදු කර හැකි බව පවසන ඔහු කියන්නේ මිනිස්සු කම්මැලි නැතිනම් කිසි දිනක මෙ රටට කිසිම දෙයක් පිට
    රට වල් වලින් රැගෙන එමට අවශ්ය නැති බවයි.

    වසර 20 කටත් වඩා වැඩි කාලයක් මෙලෙස සිය කටයුතු පවත්වාගෙන යන ඔහුට කිසිදු රෝගි තත්වයක් හෝ සෙම් රෝගී තත්වයක්වත් සැදී
    නොතිබිමත් සියල්ලන් පුදුම කරවන කරුණක්.

    අව් වැසි නොතකා සිය වැඩ පල සිදු කරන ඔහු වැසි දිනයන්හිදි සිය හිසට පොලිතින් මල්ලක් දමා ගෙන සිය දෛනික කටයුතු වල නිරත වනවා.
    කිසිම දිනක පාසලක අධ්යාපනය ලබා නැති කුමාරසිංහ සාමන්යයෙන් පවසන්නේ ඔහු මාසයකට දින 60 ක් වැඩ කරන බවයි.

    ඔහු කුලී වැඩ කොන්ත්රාත් ක්රමයට කොට දවසකට උපයා ඇති වැඩිම මුදල රුපියල් 15000 ක්.

    මේ සියල්ල ඔහු විසින් සිදු කරගෙන යන්නේ තම ගැහැණු දරුවන් දෙදෙනාට නිවාස දෙකක් ජිවත් වි සිටින කෙටි කාලයේදී සකස් කොට ඔවුන් වෙනුවෙන් අනාගතයට යමක් ඉතිරි කර දි දියුණුව වෙනුවෙන් ඉඩ සැලස්විමයි.

    අපට හමු වු කුමාරසිංහ අප සමග පැවසුවේ මෙවැන්නක්

    මම දවසකට පැය දෙකක් තමයි නිදා ගන්නේ මොකද මට කරන්න තියෙන වගකිම් සහ බලාපොරොත්තු නිසා මාගේ හිත ඒ දේවල් සිදු කරන්න දිරි ගන්වනවා. මාසයට දින 30 හෝ 31 ක් තිබුණත් මට දින 60 ක්ම වැඩ කරන්න වේලා. සමහර දවස් තියෙනවා පැය 24 පුරාම වැඩ කරන වේලාවල් මට එහෙම වැඩ කරා කියලා අපහසුවක් අමාරුවක්, දෙයියන්ගගේ පිහිටෙන් ලෙඩක් දුකක් හැදෙන්නත් නැහැ. කොටින්ම කියනවා නම්
    හෙම්බිරිස්සාවක්වත් මට හැදිලා නැහැ. මම පෝය දවසෙත් වැඩ කරනවා. මට හැමදාම වැඩ කරන්න මිනිස්සු දවස පතා කුලි ලබා දෙනවා.

    මගේ නිවසේ සියලුම කටයුතු වලට මම කිලෝමිටරයක් විතර ඈත තියෙන ඔයෙන් තනිවම කරෙන් වැලි ඇදලා තමයි නිවස සම්පූර්ණයෙන්ම ඉදි කරන්න වැලි හොයා ගත්තේ. ඒ වාගේම මට පුළුවන් හැම වේලාවකම මම ඔයට ගඟින් වැලි ගේනවා. නිවස තට්ටු දෙකට හදන්න මම දවසකට කබ්බි එක බැගින් දවස් 100 ක් කම්බි අරන් ගියා. සමහර දවස් වල සිමෙන්ති කිලෝ ගණනින් මම අරන් ගියා.

    මම දැනට ජිවත් වන පරණ ගෙදරට පවා මම ටයිල් පවා අල්ලාගෙන තියෙනවා. ඒ ටයිල් අරන් යන්නේ දවසකට එක බැගින් එක කැටයක් රුපියල් 700 ක් වෙනවා. මගේ නිවසට අවශ්ය ටයිල් කැට 110 ක් වෙන් කරලා එක ටයිල් කැටයක මුදල මම දවස පතා හාඩ්වෙයාර් එකට දිලා අරන් යනවා. මම ටයිල් කැටයක් වාගේම කම්බි එක බැගීන් අරන් යනකොට ගමේ සමහර අය මට හිනා වුනා මූට පිස්සු කියලා. දැන් ඒ අය කියනවා එයාලාට පිස්සු කියලා.

    කවුරුත් හිතුවේ නැහැ. මම මෙ වාගේ මගේ දේවල් අමාරුවෙන් කර ගයි කියලා. මගේ පරණ ගෙදර මම අංග සම්පූර්ණව කටයුතු සිදු කර ගත් නමුත් තට්ටු දෙකට දුවලාට හදන නිවස තාම වැඩ අවසන් නැහැ. ඒකේ එක තට්ටුවක වැඩ අවසන් කලා. ඉතිරි ටිකත් මේ වාගේ අමාරුවෙන් කර ගන්න ඔනෑ. ඒ කරලා එහි බිත්ති ඇතුලු නිවසේ ඇතුලත වැඩ අවසන් කර යුතුයි.
    මගේ පරණ ගෙදර මිදුලට සිමෙන්ති කැට මම අල්ලාගෙන තියෙනවා.

    සාමන්යයෙන් කඩෙන් ගන්න ගියානම් එක කැටයක් රුපියල් 60 ක් වෙනවා. මම ඒ සියල්ලත් කලේ හැම දවසකම කැටයක් හෝ දෙකක් කපලා. දැන් කැට 400 ක් ඒ විදිහට මම කපලා මිදුලට මම අල්ලාගෙන තියෙනවා. මට රජයෙන් කියලා දැනට සමෘද්ධිය ලැබෙනවා. එක දුවක් පාසල් යනවා අනික් දුව විවාහ වෙලා.

    176325_1.jpg

    176325_2.jpg

    176325_3.jpg

    176325_4.jpg

    176325_5.jpg

    176325_6.jpg

    Source:hurunews.lk
     
    Last edited:

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මයිල් කෙලින් උනා ... නියම මිනිහෙක්...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ කතාව හොදයි ඒත් මේ කතාවේ මොකක් හරි අඩුපාඩුවක් තියනවා අරපිරිමැස්මක් තියන මෙහෙම කඩිසර මිනිහෙක් අනිවා අවමය දිනකට 5000ක් වත් හම්බු කරන්න ඹ්නේ දවසේ වියදමට 1000ක් ඇරියත් මාසෙට 1ලක්ෂ වඩා ඉතිරියි ඒහෙවු එකේ අවුරැද් 20කට මුට කෝටි 2.4ක් වත් හම්බ වෙලා ඇති වැඩත් දැනගෙන ගේ හදාගන්නත් බැරි උනා නම් මොකක් හරි අව්ලක් ඇති:yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මේ කතාව හොදයි ඒත් මේ කතාවේ මොකක් හරි අඩුපාඩුවක් තියනවා අරපිරිමැස්මක් තියන මෙහෙම කඩිසර මිනිහෙක් අනිවා අවමය දිනකට 5000ක් වත් හම්බු කරන්න ඹ්නේ දවසේ වියදමට 1000ක් ඇරියත් මාසෙට 1ලක්ෂ වඩා ඉතිරියි ඒහෙවු එකේ අවුරැද් 20කට මුට කෝටි 2.4ක් වත් හම්බ වෙලා ඇති වැඩත් දැනගෙන ගේ හදාගන්නත් බැරි උනා නම් මොකක් හරි අව්ලක් ඇති:yes:

    උඹ ඔහොම තියරියට හිතුවට ප්‍රායෝගික ලෝකය හරි වෙනස්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේ කතාව හොදයි ඒත් මේ කතාවේ මොකක් හරි අඩුපාඩුවක් තියනවා අරපිරිමැස්මක් තියන මෙහෙම කඩිසර මිනිහෙක් අනිවා අවමය දිනකට 5000ක් වත් හම්බු කරන්න ඹ්නේ දවසේ වියදමට 1000ක් ඇරියත් මාසෙට 1ලක්ෂ වඩා ඉතිරියි ඒහෙවු එකේ අවුරැද් 20කට මුට කෝටි 2.4ක් වත් හම්බ වෙලා ඇති වැඩත් දැනගෙන ගේ හදාගන්නත් බැරි උනා නම් මොකක් හරි අව්ලක් ඇති:yes:

    Ehema kiyanna ba ban geewath wenna wiyadamath one ne. Nettam oya theory eka apita apply karala blapuhama apith kotipatiyo wenna one.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ ඔහොම තියරියට හිතුවට ප්‍රායෝගික ලෝකය හරි වෙනස්

    තියරිය නෙමෙයි බං මමත් තටිටු 3ට වර්ග අඩි 1800 බැගින් මහල් 3ක් හැදුවා බාස්ට සපෝට් කලේ තාත්තයි මායි සමහර කාලවලදි ගෝලයෝ ගත්තා මම සොප් එකත් වහලා උදවු කරන්න ඇවිත් කියනවා මේ වැඩේ කරලා තියන නිසයි මම කියන්නේ මේකේ මොකක් හරි අඩුවක් තියනවා කියලා මුංගේ කතාවේ කතාව බොරැ කිවුවා නෙමෙයි අපි බාස්ලට සල්ලි බේරලා යවලා කන්න සල්ලි නැතිව බඩගින්නේ ඉදලා තියනවා මම මේකේ බොරැ කියලා තියනවා ඒත් මේ කියන්නේ ඇත්ත අද වෙනකොට මම අපි හදපු ඇනෙක් 2කුලියට දිලා නිදහසේ මගේ සොප් එක කරගෙන ඉන්නවා ඒත් දැන් මගෙන් අහන්න එපා මගේ සොප් එක මොකද්ද කියලා:P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ කතාව හොදයි ඒත් මේ කතාවේ මොකක් හරි අඩුපාඩුවක් තියනවා අරපිරිමැස්මක් තියන මෙහෙම කඩිසර මිනිහෙක් අනිවා අවමය දිනකට 5000ක් වත් හම්බු කරන්න ඹ්නේ දවසේ වියදමට 1000ක් ඇරියත් මාසෙට 1ලක්ෂ වඩා ඉතිරියි ඒහෙවු එකේ අවුරැද් 20කට මුට කෝටි 2.4ක් වත් හම්බ වෙලා ඇති වැඩත් දැනගෙන ගේ හදාගන්නත් බැරි උනා නම් මොකක් හරි අව්ලක් ඇති:yes:


    ඇත්ත කියපන්,
    උඹ කසාදයක් බැඳලා නැති පොඩි එකෙක් නෙහ්
    :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඇත්ත කියපන්,
    උඹ කසාදයක් බැඳලා නැති පොඩි එකෙක් නෙහ්
    :P

    එහෙම තමයි තාම හිතන් ඉන්නේ ඒත් ගෑනී කෑගහනන කොට තමයි මතක් වෙන්නේ ලමයි දෙන්නෙක් ගේ තාත්තෙක් කියලා මගුල