නොනිමි හතිලෑම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලබා ගන්නට වෙර දරනා දහසකුත් දේ කීයෙන් කී දෙනාටද ඉෂ්ඨ සිද්ධ කර ගන්න ලැබෙන්නේ...

    නමුත් අපි එකක් අමතක කල යුතු නැහැ...යන්නට හෝ ලබා ගන්නට වෙර දරනා දෙය කිනම් අයුරක දෙයක්ද හා ඊට දිය යුතු කාල පරාසය කොතෙක්ද කියනා එක තුල එහි ප්‍රතිඵලත් වෙනස් විය හැකි බව....

    සරල..පැහැදිලි ඒත් ගැඹුරු අරුතක්..ලෝක ධර්මතාවයක් ඇතුලතින් ගැබ්වුන ගොඩාක් සාර්ථක නිර්මානයක්..

    විවිධ තේමාවන් හරහා නිර්මාන ගෙන එමින් ඔබ කරනා ජනතා මෙහෙවර හා දැනුවත් කිරීම මං බොහෝ අගය කොට සලකනවා..

    ඔබට ජය මල්ලියා...

    ස්තූතියි ඔබගේ අදහසට , එකක් එක් කල යුතුයි , කෙතරම් කාලයක් බැලුවත් , කෙතරම් උත්සාහ කලත් , එය සිදු නොවන්නක් බව තමන්ට පසක් වෙනවානම්, එය අත්හල යුතු නොවන්නේද?
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතන්නට අර්ථවත් නිර්මාණයක් සහෝ....
    ඔබගේ නිදහස් සිතුවිලි තුලින් අර්ථවත් පණිවිඩ ඉදිරියටත් ගෙනෙන්නට සුභ පැතුම්!!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිතන්නට අර්ථවත් නිර්මාණයක් සහෝ....
    ඔබගේ නිදහස් සිතුවිලි තුලින් අර්ථවත් පණිවිඩ ඉදිරියටත් ගෙනෙන්නට සුභ පැතුම්!!!!

    බොහොම ස්තූතියි ඔබට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තූතියි ඔබගේ අදහසට , එකක් එක් කල යුතුයි , කෙතරම් කාලයක් බැලුවත් , කෙතරම් උත්සාහ කලත් , එය සිදු නොවන්නක් බව තමන්ට පසක් වෙනවානම්, එය අත්හල යුතු නොවන්නේද?

    ඔව් ඒක ඇත්ත..ඒ නිසයි අපි ලබා ගන්නට වෙර දරනා දෙය ගැන හොඳ සූක්ෂම පෙර සැලසුමක් ඇතිව එය ක්‍රියාවට නැංවීමට අවතීර්ණ විය යුත්තේ...

    යමක් අත් නොහැර ඉටු කරගන්න නම් ඊට ගතවෙන අවම කාලය හා ඊට ගැලපෙනම පසුබිම ගැනත් නිරීක්ෂණයක පළමුව යෙදිය යුතුයි...

    අපි ලබා ගන්න උත්සාහ දරනා දෙය හා අරමුනෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ එය සඳහා අප කෙතරම් දුරට සුදානම්ද හා කැප කිරීම් කරන්නට හැකිද යන්න මතයි..

    දැන් බලන්න අපේ රටේ සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරන්න ප්‍රගතිශීලී ජනතා නායකයෝ කොතරම් කාලයක ඉඳලද වලි කන්නේ ..නමුත් තවම ඒ උත්සාහය ඔවුන්ගේ සිත්තුලිනුත් අපේ සිත් තුලිනුත් සහමුලින් සිඳී බිඳී ගිහිල්ල නැහැ..අත්හැරලා දාලත් නැහැ.

    කාලෙන් කාලෙට මුහුනුවර හා නායක පිරිස විතරයි අලුත් වෙලා තියෙන්නේ නමුත් කවදා හෝ ලබා ගන්නට දරනා වෑයම අත්හැරලා නෑ..

    ඇවැසි වන්නේ හොඳ පැහැදිලි ජාතික දැක්මක් හා ඉලක්කයට නොපසුබටව හඹා යා හැකි ශක්තිමත්ව සැලසුම් කල ජාතික වැඩ පිලිවෙලක් සහිත ජාතික නායකත්වයක් පමනයි..

    තිරසාර චේතනාව හා නොපසුබස්නා වීර්ය ඇති තාක් කල් අප විසින් කිසිවක් කිසි දිනෙක අත්නොහල යුතුය...


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37


    තිරසාර චේතනාව හා නොපසුබස්නා වීර්ය ඇති තාක් කල් අප විසින් කිසිවක් කිසි දිනෙක අත්නොහල යුතුය...



    බොහොම ස්තූතියි රොන් අයියා... මේ කියමනනම් මගේ සිත පත්ලටම කා වැද්දවූ බවනම් කිව යුතුමයි

    :):):)